(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ජනාධිපතිවරයාගේ නිවස අසල විරෝධතාවයේ නිරත පිරිස් ප්‍රචණ්ඩකාරීව හැසිරෙමින් යුද හමුදා බසයකට හා තවත් වාහන කීපයකට ගිනි තබා ඇතැයි වාර්තා කරයි.
එම පිරිස තවමත් එම ස්ථානයේ රැඳමින් ප්‍රචණ්ඩකාරීව හැසිරෙන බව ද දැන ගන්නට ඇත. මේ වනවිට ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා යුද හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බළකාය ද කැඳවා ඇත.
මෙම ගැටුමින් තුවාල ලැබූවන් 10 දෙනකු පමණ රෝහල් ගත කර ඇතැයි ද හය දෙනකු කොළඹ ජාතික රෝහලේ සහ හතර දෙනකු කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ආංචි මාර්ග කියයි.
තුවාල ලැබූවන් අතර මෙම සිද්ධිය ආවරණයට ගින මාධ්‍යවේදීන් කීප දෙනකුට සිටින බව දැන ගන්නට ඇත.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජෙප්පන්ට රට ගියොත් මෙහෙම තමයි වෙන්නේ...!
ගොන් හරක්..., රටේ සම්පත් විනාශ කරනවා... ගෝඨාභයගේ කියලා හිතාගෙන...
බස්එකට ගිනි තියපු කෙනා කවුද කියලා කවුරුත් දන්නවා. දැන්වත් අවදිවෙයල්ලා බයියනේ...
බස්වලට ගිනි තිබ්බේ හමුදාවෙන් සහ සේනාධිපතිගේ කට්ටිය. ආණ්ඩුවට අවශ්‍ය කරන්නේ මොකක්ද කියලා ජනතාව දන්නවා. ආණ්ඩුව ගෙදර යවනතුරු උද්ඝෝෂණ දිගටම ක්‍රියාත්මක වෙයි.
ජෙප්පන් පුරුදු දේට බැහැලා... සජිතුත් කැමැති ඇති...
ජෙප්පන්ට පුරුදු වැඩනේ...
හමුදාව බලා සිටියදී බසයට ගිනි තියන්නේ තනි පුද්ගලයෙක් බව පෙන්වන වීඩියෝවක් දැන් අන්තර් ජාලයේ ප්‍රසිද්ධ කර තියෙනවා. ඒ වගේම හමුදාවට අයත් බස් රථවල යතුරු කඩා ධාවනයකර එතැනට ගෙනා බවට තව කෙනෙක් කියන වීඩියෝවකුත් ප්‍රසිද්ධ කර තියෙනවා. මෙම තැනැත්තා "බස්රථ කිහිපයක්ම එතනට ගෙනැවිත් පාර අවහිර කල බවත් මින් ඉදිරියට මේවගේ විරෝධතා තියන්න ආවොත් හොඳ පාඩමක් උගන්වන බවටත්" තර්ජනය කරනවා.
ආණ්ඩුවේ 'කුලී හේවායින්' මේ වැඩේ කළා වෙන්න බැරිද?