(පැතුම් දර්ශන)
ආරක්ෂක අංශ සාමාජිකයන් බව කියමින් ප්‍රදේශයෙ පදිංචි පුද්ගලයන් කිහිපදෙනෙකු ද සමග පහළ යාංඔය රක්ෂිතයට අයත් වාගොල්ලාකඩ මහාපරිමාණ වැලි ජාවාරමක් සිදු කරන බව ප්‍රදේශාවසිහු පවසති.
වැලි කැනීමට බලපත්‍ර ඇති බව හඟවමින් දීර්ඝ කාලයක් තිස්සේ මෙම වැලි ජාවාරම සිදු කරන බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය පවසයි.
පහළ යාංඔය ව්‍යාපෘතියෙ ඉදිකිරීම් ඇරඹි සමයේ එහි ජලයෙන් යටවීමට නියමිත භූමිවල දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණි ව්‍යාපාරිකයින් විසින් නීතියානුකුල බලපත්‍ර සහිතව වැලි කැණීම් සිදු කළහ.
ජලාශයෙහි වැඩ නිම වී එම භූමි වලට ජලය පිරවීම ආරම්භ වීමත් සමග එලෙස කැණීම් කළ වැලි ගොඩවල් බොහොමයක් ජලයෙන් යටවිය. ඒ සමඟ කැණීම් සිදුකළ ව්‍යාපාරිකයන්ද ප්‍රදේශයෙන් පිටව ගිය අතර කැණීම් කළ වැලි අති විශාල ප්‍රමාණයක් ජලයට යටවී රක්ෂිතයේ ඉතරි විය.
මේ දිනවල පවතින අධික උෂ්ණත්වයත් සමඟ යාන්ඔය ජලාශයෙ ජලය ක්‍රම ක්‍රමයෙන් අඩු වන්නට පටන් ගෙන ඇති නිසා ජාවාරම්කරුවන් කුඩා ප්‍රමාණයෙ බෝට්ටු යොදාගෙන එම වැලි ගොඩට ඇද විවිධ ප්‍රදේශවලට විකිණීම සිදු කරන බව පොලිසිය කියයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
පහළ යාංඔය රක්ෂිතයේ ජයටම වැලි ජාවාරමේ
sujith Monday, 24 January 2022 06:42 PM
ඔය වැඩේ කිසි කෙනෙක් විනෝදයට කරන දෙයක් නොවේ. ඔය සියල්ල සිදු කරන්නේ ජීවත් වීමට මුදලක් සොයා ගැනීමටයි.