
(දිලිප් ජයසේකර)
සූරියවැව වැවේගම පාර මහවැලිකඩආර හන්දියේදි රන්මාල කොල්ලකරුවන් සහ පොලිසිය අතර ඇති වූ වෙඩිහුවමාරුවක් කොල්ලකරුවන් දෙදෙනා මියගොස් ඇතැයි පොලිසිය කියයි.
තිස්සමහාරාම දෙබරවැව ප්‍රදේශයේ රන්මාලයක් කොල්ල කා යන බවට ප්‍රදේශවාසීයකුගෙන් ලද තොරතුරක් මත අවට පොලිසිය ද දැනුවත් කර මෙම කොල්ලකරුවන් අත්අඩංගුවට ගැනිම සඳහා මෙහෙයුමක් ආරම්භ කර ඇත
ඒ අනුව සූරියවැව පොලිසියේ කණ්ඩායමක් කොල්ලකරුවන් පිටුපස ලුහුබඳ යද්දී යතුරු පැදියෙන් ගමන් ගත් කොල්ලකරුවන් පොලිසිය දෙසට වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති අතර පොලිසිය එල්ල කළ ප්‍රතිප්‍රහාරවලින් කොල්ලකරුවන් දෙදෙනා මියගොස් ඇත.
කොල්ලකරුවන්ගේ වෙඩි ප්‍රහාරය එල්ලවන අවස්ථාවේ එම වෙඩි ප්‍රහාරයෙන් බේරීමට ගිය පොලිස් ජිප් රියද පාරෙන් ඉවතට පැන ගසක ගැටී ඇත.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ වාසනාවන්, තෙරුවන් සරණයි... ඔය කාලකණ්ණි මරන්නමයි ඕනේ... උසාවි දාලා වැඩක් නෑ. එළියට එනවා.
මෙහෙයුමට සහභාගී වූ සියලු නිලදරුවන්ට යහපතක්ම වේවා.......!!! සමාජයට අහිතකර මෙවන් කාලකණ්ණින්ව මරා දැමිය යුතුමය. මෙවන් ඝාතන මගෙන් සමාජයට යහපතක් ලැබෙනු ඇත.
මේ සාර්ථක මෙහෙයුමට සහය වූ සැමට උපහාරය. නඩු, උසාවි වියදම් ලෝයර් ගාස්තු බන්ධානාගාර වියදම් නැත. වරදට නිසි දඩුවම එතනම ලබාදී ඇත.
රටේ යම් දෙයක් හෝ වෙනවා කියලා සතුටු වෙමු
කුඩු කාරයෝ කරන්නෙම චේන් කැඩීම, කුඩු ගේන අයට මේ දඬුවම දෙන්න ඕනෑ..
අනිවාර්යයෙන් මේ අයට දසවද දීලා මරන්න ඕනෑ. පොලිසියට ස්තූතියි. අහිංසක දුප්පත් ළමයින්ගේ මාල කඩන එවුන්ට...
ඕකුන් මරලා දාන්නම ඕනෑ...
පොලිස් නිලධාරීන්ට ස්තුතියි...
පොලිසියට උපහාර පුදමි...!!!
වාර්තාගත අරමුණක් සඳහා නිෂ්පාදනය අධිකරණයට ඉදිරිපත් කරන්න.
ඇයි මැරුණු අය පෙන්වන්නේ නැත්තේ...? මහජනයාට අවශ්‍ය අයට දේවදඬුවම් දුන් හැටි බලන්න.
බොහෝම හොඳයි, ඔයවගේ ඕවා කරන අනිත් අයටත් ඔය දඬුවම දෙන්න ඕනෑ...
පොලීසියට මල් මිටක්
විවිධ බාධක මැද පොලිස් නිළධාරින් කළ මෙම කර්තව්‍යයට අපගේ ප්‍රණාමය! මේ ආකාරයට මංකොල්ලකරුවන් සහ කුඩු කාරයන් සමාජයෙන් ඉවත් කිරීම හැර වෙන ප්‍රතිකර්ම දැනට නැති බවයි පේන්නේ.
ලොයර්ලට ඌරු ජුවල් ඇති කතා කරන්න තිබුන නඩු ගණනාවක් නැති වෙච්ච එකට. ඒගොල්ලොත් ජීවත් වෙන්නේ මාල කඩන , ගෙවල් බිඳින, පොකට් ගහන, කුඩු විකුණන මිනිස්සු නිසා.
පොලිස් නිලධාරීන්ට අපේ ආචාරය...!!!
මෙහෙම මරලා කේස් එක ඉවර කරනවා නම් උසාවි මොකටද?
මේක පිළිගන්න ක්‍රමවේදයක් ද ?මාලයක් මංකොල්ල කාපුවම වෙඩි තියලා මරන්නත් කෝච්චියේ මාල කඩපුවාම පාර්ලිමේන්තු යවන්නත් ,දෙවිදියක් වෙන්නේ මොකද ?
තවත් සෙට් එකක් ඉන්නවා උසාවි නොයා කෙලින්ම පාරෙදීම නඩු අහලා විසඳලා සමාජයෙන් ඉවත් කරන්න ඕනෑ..