නායකත්ව හා පෞරුෂ සංවර්ධන පුහුණු වැඩසටහනක්, කොළඹ නාලන්දා විද්‍යාලයේදී පසුගියදා පැවැත්විණි. ඒ, පාසල් ශිෂ්‍ය නායක ආදි ශිෂ්‍ය සංගමයේ අනුග්‍රහයෙනි.
විද්‍යාලීය පරිශ්‍රයේ නේවාසික පුහුණු වැඩසටහනක් ලෙස මෙම නායකත්ව හා පෞරුෂ සංවර්ධන පුහුණු වැඩසටහන පැවැත්වූයේ පසුගිය සැප්තැම්බර් 30 වැනිදා සිට ඔක්තෝබර් පළමු වැනිදා දක්වාය.
ශිෂ්‍ය නායකයකුගේ භූමිකාවේ වැදගත්කම පෙන්වා දෙමින්, දරුවන් තුළ කායික මෙන්ම මානසික ප්‍රබෝධයක් ද වර්ධනය කිරීමේ අරමුණින්, පුහුණු වැඩසටහන ආරම්භ වූයේ විදුහල්පති තිලක් වත්තුහේවා මහතාගේ උපදෙස් යටතේය.
පසුගිය දෙවසරක කාලයේ ‘කොවිඩ් 19’ වසංගතයෙන් හේතුවෙන් දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට බාධා එල්ල වුණු බවත්, පාසල් ශිෂ්‍ය නායකයන් වෙනුවෙන් මෙවැනි පුහුණු වැඩසටහනක් ආරම්භ කිරීමට එය ප්‍රධාන හේතුවක් වූ බවත්, විදුහල්පතිතුමා පුහුණු වැඩසටහන ආරම්භ කරමින් එම වැඩසටහනේ අරමුණ සහ ඉලක්කය පැහැදිලි කළේය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
නායකයකුගේ භූමිකාව නාලන්දා දරුවන්ට කියා දෙයි
චන්දන Tuesday, 11 October 2022 07:06 AM
ඉතාමත් හොඳ වැඩක්.