IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


දුම්රිය වර්ජනයෙන් මගීහු අමාරුවේ

(යොහාන් භාසුර සහ ගරුක ප්‍රියශාන්)

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වර්ජනය හේතුවෙන් දුම්රිය වාර 200 කට අධික සංඛ්‍යාවක් අවංගු කිරීමත් සමඟ ධාවනය වූ දුම්රිය කීපයේ ගමන් කිරීමට ජනතාව උත්සාහ කිරීමෙන් කොළඹ කොටුව දුම්රිය ස්ථානයේදී අද (13) පස්වරුවේ දැඩි නොසන්සුන් තත්වයක් ඇතිවිය.

රාජ්‍ය සහ පෞද්ගලික කාර්යාල සේවක සේවිකාවෝ 5000 කට අධික පිරිසක් කොටුව දුම්රිය ස්ථානයට අද පස්වරුවේ එකවර රැස්වීමෙන් දැඩි තදබදයක් ඇතිවිය.

කොටුව පොලිසිය සහ දුම්රිය ආරක්‍ෂක හමුදාව එක්ව ජනතාවට එම දුම්රිය කීපයේ පහසුකම් සැළසීමට කටයුතු කළ අතර පොලිසිය ත්‍රිරෝද රථයක ස්පීකරයක් බැද දුම්රිය ධාවනය පිළිබඳව නිවේදනය කළ ආකාරය එහිදී වඩාත් කැපී පෙනුණි.

(ඡායාරූප: ගයාන් අමරසේකර)



අදහස් (3)

දුම්රිය වර්ජනයෙන් මගීහු අමාරුවේ

ජයන්ත Thursday, 13 January 2022 07:08 PM

මේ අය පඩි ලබන්නේ අහිංසක ජනතාවගේ බත් බත්පතෙන් ය. කොරෝනා වසංගත කාලේ අහිංසක ජීවිත බිලිගන්නා මෙවැනි තීරණ ගන්නා මේ අයගේ ගේ රස්සාවල් අවසන් කළ යුතු කාලය පැමිණ ඇත. තීරණ ගත හැකි ඇමතිවරයෙක් බිහි වේවා.

:       0       0

NIMAL Friday, 14 January 2022 07:28 AM

දුම්රිය දෙපාර්තමේන්තුව ඇතුළු රජයේ සියලු සේවකයන්ගේ වැටුප් වැඩිකර ගැනීම් සඳහා උද්ඝෝෂණ පැවැත්වුවද ඔවුන් සේවය කරන ආයතනයේ දූෂිත ක්‍රියාවන් පිළිබඳව කිසිඳු උද්ඝෝෂණයක් පවත්වන්නේ නැත. දුම්රිය ආයතන ඇතුළු රජයේ පාඩු ලබමින් තිබෙන සියලු වෘත්තීය සමිති අහෝසිකර කරමු. සියලු ආයතන කාර්යක්ෂම කරමු...

:       0       0

Rohana Friday, 14 January 2022 06:33 PM

අවුරුද්දේ වැඩිකාලයක්, වැඩි වාරගණනක් වැඩ වර්ජන කරන දුම්රිය සේවය අත්‍යාවශ්‍ය සේවයක් කළයුතුයි. මෙයින් අමාරුවේ වැටෙන්නේ මගී ජනතාවයි. දුම්රිය සේවකයින්ට වර්ජන තහනම් කළ යුතුයි. නිසි අනපනත් සම්මත කළයුතුයි...

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 224 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 419 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 171 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site