



(ජේ.කේ.එල්. චාමින්ද)
ලංකාවේ පළමු වරට ඩ්‍රෝනා කැමරා තාක්ෂණය යොදාගෙන ගුවනේ සිට කුඹුරු යායකට කාබනික දියර පොහොර ඉසීමේ අත්හදා බැලීමේ වැඩසටහනක් අද (25) රත්ගම පන්විල යායේ දි සිදුකෙරණි.
මෙකි තාක්ෂණය පිළිබද ගොවින් දැනුවත් කිරිම හා අත්හදා බැලිමක් වශයෙන් ඩ්‍රෝනා කැමරාවක් උපයෝගි කරගෙන කාබනික දියර පොහොර ඉසිම සිදුකරණු ලැබිය. පන්විල යායේ කුඹුරු අක්කර එකහමාරකට පමණ මෙකි නව තාක්ෂණික මෙවලම යොදාගෙන කාබනික දිය පොහොර ඉසනු ලැබිය.
මෙම වැඩසටහන පොහොර නිෂ්පාදන හා සැපයුම් රසායනික පොහොර හා කෘමිනාශක භාවිත නියාමන රාජ්‍ය ඇමැති නිතිඥ මොහාන් පි දි සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ගොවිජනතාවට නව තාක්ෂණික උපක්‍රම හදුන්වා දිම හා කාබනික පොහොර ගොවින් අතර ප්‍රචලිත කිරිමේ ආරමුණින් මෙම අත්හදා බැලිමේ වැඩසටහන ක්‍රියාත්මක කළ බැව් රාජ්‍ය ඇමති මොහාන් පි දිසිල්වා මහතා පැවසියපරික්ෂණ මට්ටමින් තමයි අපි මෙම වැඩසටහන ක්‍රියාත්මක කළේ. ගොවින් පොහාර අධිභාවිතා කරණවා.ඒ විතරක් නෙවෙයි පොහොර ඉසිම සදහා වැඩි කාලයක් ගතවෙනවා.
විශාල වියදමක්ද යනවා මෙකි තාක්ෂණය භාවිතා කිරිම තුලින් කෙටිකාලයක් තුල තම කුඹුරු යායට පොහොර ඉසිමට ගොවින්ට අවස්ථාව ලැබෙනවා.
ඉදිරියේ දි මෙම වැඩසටහන අනික් ප්‍රදේශවලද ක්‍රියාත්මකිරිමට කටයුතු කරණවා මෙම ඩ්‍රෝනා කැමරාවේ විසුරුම් 08ක් තියෙනවා ඒ හරහා තමයි පොහොර ඉසිම සිදුකරන්නේ. ගාල්ල හා මාතර දිස්ත්‍රික් වාරිමාර්ග අධ්‍යක්ෂක එල්.එච් සුරියබණ්ඩාර මහතා තමයි පොහොර කමිටුවේ දි මෙම වැඩසටහන යෝජනා කළේ. අත්හදා බැලිමේ වැඩසටහනක් ලෙස මෙය ක්‍රියාත්මක කළ බවද රාජ්‍ය ඇමතිවරයා පවසයි.
අගමැති මහින්ද රාජපක්ෂ මහතා හා කෘෂිකර්ම ඇමති මහින්දනාන්ද අලුත්ගමගේ මහතාගේ උපදෙස් මත මෙම වැඩසටහන ක්‍රියාත්මක කළ අතර මෙම අවස්ථාවට ගාල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් ලලින්ද ගමගේ, ගාල්ල හා මාතර දිස්ත්‍රික් වාරිමාර්ග අධ්‍යක්ෂක එල්.එච් සුරියභණ්ඩාර, ආචාර්ය ජගත් ගුණවර්ධන, ගාල්ල දිස්ත්‍රික් ගොවිජන සහකාර කොමසාරිස් ජේ.ඩබ්ලිව් එස් ප්‍රියන්ජන් යන මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටට ඒවත් උත්සව වෙලා, ඕවා ලෝකයේ පටන් අරගෙන දැන් බොහොම කල්.. දැන් අධෝරක්ත කිරණ ඇසුරින් ගොවිපොලේ වතුර අඩුතැන්වලට පමණක් ජලය පතිතවන ආකාරයේ තාක්ෂණික මෙවලම් පවතින යුගයක තියෙන්නේ....
ඩ්‍රෝන නැතිනම් රොකට් එකේ දමලා හරි ගහන්න පොහොර ලංකාවේ මිලදී ගැනීමට නැත.
මේවා සුද්දෝ කළේ අපි ගස් නගින කාලේ. හැබැයි සුද්දෝ කොළ අතු ඇන්දේ අපි අමුඩ ගහන කොටලු.
මිනිස්සුන්ට රස්සා නැතුව ඉන්නවා. වියදම් අධික ඩ්‍රෝන තාක්ෂණයක් යොදාගෙන පොහොර ඉහිනවා. මේ වගේ විහිළු ආණ්ඩුවක්. තමුන්ගේ හිතවතෙක් මේ ඩ්‍රෝන්ස් ගෙන්වලා ඇති. එයාව පෝසත් කරන්නයි, එතැනින් ගාණක් කඩා ගන්නයි ඒක ප්‍රොමෝට් කරනවා.
හොඳ ආරම්භයක්... කෙසේවෙතත් හැමදේම දේශපාලන කෝණයෙන් මනින ෂෘණාත්මක හැඟීම් තියෙන අයව ඔක්කෝටම කළින් පුනරුත්ථාපනය කළ යුතුයි.
හොඳයි. නමුත් අරමුණ වෙන එකක්. ලංකාවේ පොහොර මිලදී ගන්න නැති අදහස යටපත් කරන්න හොඳ උපක්‍රමයක් පමණයි.
" පියඹා උඩින් කෘෂි සේවයෙ යෙදෙන විට ... මාහට යන්න සිතුනා එහි නැග උඩට ... කොළවන් ගොයම සුබ දසුනකි නෙතු දෙකට ... ඩ්‍රෝන මලේ වැඩ කරපන් නුඹ රටට ... "
මේවා කරන්න ගත්තාම ලංකාව, ඇමෙරිකාව වගේ වෙනවනේ. අපිට ඕන ශ්‍රී ලාංකික කෘෂිකර්මය. අමුඩේ ගහගෙන කුඹුරු කොටන තැන තමයි අපේ අනන්‍යතාවය තියෙන්නේ. ඇඟ කිළිපොලා යන දේශමාමකත්වය එන්නෙ එතකොට. ටුවරිස්ලා වුණත් බලාපොරොත්තු වෙන්නේ ඒක. සුද්දගේ කලිසම ඇඳගෙන සුද්දගේ ගැජට් පාවිච්චි කරන්න ගත්තාම අපි ලාංකිකයි කියන්නේ කොහොමද? අනික රනිල් කරන්න හැදුවේත් මේකමනේ. මොකක්ද මේ දෙබිඩි පිළිවෙත...?
ඩ්‍රෝනා, පැජරෝ ... මොනවද අපේ ගොවියන්ට අඩු..? මේවා ඉතින් සර්ව සතුටු කරන සංදර්ශන තමයි...
ඩ්‍රෝන කැමරා නෙමෙයි ඩ්‍රෝන යානයක් විය යුතුයි.
සෞභාග්‍යයේ දැක්මෙන් මෙහෙම ආතල් දෙන එක නම් හරිම කණගාටුයි. මොකද මේකට මේ කට්ටිය පිරිල ලොකුවට බල බල කරන්න දෙයක් නෑ.. කොමිස් ගහන්නෙ නැතුව ඇද ඇද ඉන්නේ නැතිව ඩ්‍රෝන් ටික ගෙන්නුවා නම් ඕක කරන්න පුලුවන්. ඕක දැන් ගොඩක් පරණ තාක්ෂණයක් වෙලා ඉවරයි. ලංකාවේ අහිංසක ගොවියන්ට තවත් සුරංගනා කතා නොකියා ප්‍රායෝගික දෙයක් වෙනවා නම් ගොඩක් හොඳයි.
මේවා ලංකාවේ මෙයාට ඉස්සර කරලා තියෙනවා.
රුපියල් 3000 ක් 4000 ක් වියදම් කරල ගහන්න තියෙන පෝර ටිකට රුපියල් ලක්ශ දෙකක් තුනක් දීලා ඩ්‍රොන් එකක් ගෙන්නලා එක පාරක් පෝර ගහලා ඊළඟ පාරෙදි ඩ්‍රෝනේ කැඩුණාම ඉතින් ගොවියාට වහකන්න තමයි වෙන්නේ... හික් හික්. මෙව්වාට මට කොහෙන් හිනා වෙන්නද මන්දා..?
ඩ්‍රෝනා යානයෙන් පෝර ගහන එක මිල අධික කාලය වැඩියෙන් යන ක්‍රියාවක්. ඕකේ බැටරිය බැහැපුවාම චාර්ජ් කරන්න ගෙදර අරන් යන්න වෙනවා. ලාම්පුතෙල්වලින් ක්‍රියාකරන පිටේ එල්ලගෙන ගහන ඉසින යන්ත්‍රයෙන් පැය දෙක තුනකින් කරන්න පුළුවන් දේට දවසක් විතර ගතවෙනවා. මෙම තාක්ෂණය හරිතාගාර සහ පර්යේෂණ ආයතනවල භාවිතයට සුදුසුයි. ලංකාවේ කුඹුරු වලට මෙම ක්‍රම ගැලපෙන්නේ නැහැ. ලංකාවේ දැන් උග්‍ර පොහොර හිඟයක් ඇත.