IMG-LOGO

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා


ඩුබායි - ඉන්දියා ව්‍යාපාරිකයන්ට පිරිත් නූල් ගැටගසා සෙත් පතති

(කාංචන කුමාර ආරියදාස)

දඹුල්ල නගරයේ ඉවතලන කුණු කසලවලින් කාබනික පොහොර නිෂ්පාදනය කරන ආකාරකාරය පිළිබඳව සොයා බැලීම සඳහා පැමිණි ඉන්දියාවේ සහ ඩුබායිහි ව්‍යාපාරිකයෝ පිරිසක් දඹුල්ලට පැමිණියහ.

දඹුල්ල මහ නගර සභාව මගින් වසර කිහිපයක සිට පවත්වාගෙන යන කාබනික පොහොර ව්‍යාපෘතිය සහ ඉදිකිරීමට යෝජිත සංචාරක මධ්‍යස්ථානය නිරීක්ෂණය කිරීම මෙන්ම ඉන්දියානු සමාගමක් සහ ඩුබායි සමාගමක් එක්ව අක්කර පහක පමණ නියාමන ව්‍යාපෘතියක් ලෙස දඹුල්ලේ ආරම්භ කළ පැන්ඩා උණ වගාව නිරීක්ෂණය කිරීම ද සිදු විය.

ඉන්දියාවේ හයිද්‍රාබාද් පදිංචි ප්‍රකට ව්‍යාපාරිකයකු වූ රාම් සුබ්‍රමනියම් (rama Subramanian) , මෙන්ම ඩුබායි හි ව්‍යාපාරිකයන් දෙදෙනකු වන අහමඩ් අල් අලී( ahmed al ali) සහ මොහොමඩ් ජබර් (mohmed jabar) මෙසේ පැමිණ සිටිති.

ලංකාවේ අක්කර 2000 උණ වගා කිරීම සඳහා ඔවුන් සැලසුම් සකස් කොට ඇතැයි සඳහන් කර සිටිති.

පසුව මෙම කණ්ඩායම දඹුල්ල උයන් වත්ත පුරාණ රජමහා විහාරස්ථානයේ පිහිටිටා ඇති ශ්‍රී ජිනරතන ළමා නිවාසයේ සිටින කුඩා දරුවන් සඳහා පාසල් උපකරණ ලබාදීම මෙන්ම උයන්වත්ත පුරාණ රජමහා විහාරස්ථානයේ පවත්වාගෙන යන සාමණේර භික්ෂු පුහුණු ආයතනයට මූල්‍ය පරිත්‍යාග කිරීම සිදු කෙරිණි.

මෙහිදී ඩුබායි ජාතික ව්‍යාපාරිකයන් රංගිරි දඹුලු රජමහ විහාරස්ථ උයන්වත්ත පුරාණ රජමහා විහාරාධිපති හල්මිල්ල වැවේ පෙමරතන හිමියන් ගෙන් පිරිත් සජ්ඣායනා කොට පිරිත් නූල් බැඳ ගැනීම විශේෂත්වයක් විය .



අදහස් (17)

ඩුබායි - ඉන්දියා ව්‍යාපාරිකයන්ට පිරිත් නූල් ගැටගසා සෙත් පතති

Hira Monday, 23 January 2023 09:26 AM

වැඩේ කරගෙන නූල ඉනටත් බඳී .අපේ එවුන්ට ඉතින් මේක මාර ලොකු සීන් එකක්

:       17       16

SugathMonday, 23 January 2023 11:46 AM

කණගාටුදායක සත්‍යය නම් අනුන්ට කරන කරුණාවට අමනාප වූ මිනිසුන් අපේ රටේ සිටින බවයි. ඔවුන් ගල්ෆ් රටවලින්ද, ඉන්දියාවෙන් හෝ වෙනත් ජාතියකින්ද යන්න ගැටළුවක් නොවේ, නමුත් සුන්දර දෙය නම් ඔවුන්ට අන් අය ගැන හැඟීමක් ඇති නමුත් අපේ මිනිසුන් එයට අකමැති වීමයි. ඒකයි අද මේ රට මේ තත්ත්වයට පත්වෙලා තියෙන්නේ.

:       3       18

rathnapaala Monday, 23 January 2023 12:32 PM

දූපත් ගෝත්ත්‍රික චාරිත්ත්‍ර ..

:       13       9

ගම්මන්පිල්ලෙයාන්ඔය Monday, 23 January 2023 02:22 PM

කුහක වෙන්න එපා ඕනෙවට වැඩිය. උඹලට යකෝ හැම එකේම වරදක්මනේ පේන්නේ. මේ රටේ උඹලා වගේ මිනිස්සු තමයි ගොඩක් ඉන්නේ. ඉතිං මේ රටට කවදාවත් ඉදිරියට යන්න පුළුවන් වෙයිද. හොඳ පාලකයෙක් ලැබෙයි ද.අපි හැමදාම වැරදීම හොය හොයා ඉන්නවා. දැක්මක් නෑ. රටක් සංවර්ධනය වෙන්න නම් ඒ රටේ මිනිස්සුන්ගේ යහපත් සිතුම් පැතුම් ගොඩක් දුර‍ට බලපානවා. ඒ නිසා හරි දේ හරියට දකින්න පුරුදු වෙමු. තෙරුවන්සරණයි.

:       3       19

සුදු ඇඳගෙන කලු ඇවිදින් Monday, 23 January 2023 10:37 AM

පටන් ගන්නකොටම ගෝපයියෙක් එළියට පැන්නා.

:       0       0

අතුල සෞදි Monday, 23 January 2023 10:41 AM

කුහක හා කාලකණ්ණි කමට මීට වඩා තවත් උදාහරණ අවශ්‍ය නැහැ.

:       4       15

SanthuTuesday, 24 January 2023 02:51 PM

ඔව් , ඇත්ත, මේ අදහසම සඳහන් කරන්නයි ඕන උනේ "කුහක කම, ඊර්ශ්‍යාව "

:       0       0

Hafeel Monday, 23 January 2023 11:45 AM

ඔන්න චන්න ජයසුමනට හොඳ අවස්තාවක් මැතිවරණ සටන් පාටය සඳහා. ඔහුට දැන් කියන්න පුළුවන් අන්න අරාබි ආක්‍රමණය කියල.

:       6       13

fairoos Monday, 23 January 2023 11:57 AM

නන්දසේනයා හිටියානම් ජාතිවාදය අවුස්සලා රටට නිකන් හම්බවෙන එකත් නැතිකරනවා

:       8       13

Hafeel Monday, 23 January 2023 02:48 PM

ඇයි රනිල් නිකම්ද?

:       0       0

sharm warn Monday, 23 January 2023 12:33 PM

ලන්කාවට පැන්ඩා උන ගස් මොකටද? ඔන්න අලුත් හොර වැඩක්. . මෙහෙ හදලා චීනෙට යවනව කියලද කියන්න හදන්නෙ? මොකද්ද මෙ කරන්නෙ? 69 ලක්ශයක් හරකුන්ට කන්නද?

:       3       5

Bunny Preena Monday, 23 January 2023 12:34 PM

හැමදෙයටම හරාම් කියන එකාලට විවිඩ ආගමික වතාවත් සහ විශ්වාසයන් හමුවය් කටයුතු කල යුත්තෙ කෙසේදැයි කියාදෙන හොඳ ආදර්ශමත් ක්‍රියාවක්.

:       4       8

තිසුර Monday, 23 January 2023 12:49 PM

අක්කර 2000ක උණ වගා කිරීම?? කාගෙ උණක් ද මේ.. අපේ රටේ උන්ට මොකෙක් හරි කමක්නෑ.. සල්ලිටිකක් අරන් එනවනම් ඒකට කෙළ හලන්න විතරයි දන්නෙ.. දැන් ඉතින් ඕක වගාකරන්න, කොහෙ හරි කැලෑවකට කෙළල දායි..

:       6       9

පිටිගල මිලානෝ Monday, 23 January 2023 01:55 PM

අරාබි මුස්ලිම් ඉස්ලාම් භක්තිකයෝ පිරිත් නූල් බදිනවද? මේ ව්‍යාපෘතිය මැද්දට සාදු පැනලා මක් කොරනවද….?

:       8       12

rohanaMonday, 23 January 2023 03:12 PM

එ කාලෙ නන්දසේනත් වැලමිටට යනකන් නුල් බැදගෙන හිටියෙ .. ! කවුරුහරි ඔලුවට පොල්ලකින් ගහනකන් ඔය දේවල් විශ්වාශ කරනව .. හැබැයි ඊට පස්සෙනම් කිසිම දෙයියෙක් ගැන විශ්වාස කරන්නෙ නැැ !

:       5       7

පිටිගල මිලානෝMonday, 23 January 2023 04:55 PM

නන්දසේනගේ රතු නූල, දැන් ඒක පේන්න නැහැ.

:       0       1

චන්දිම ෆොන්සේකා Tuesday, 24 January 2023 12:48 PM

ඔය කසල කළමනාකරණය කියන එක කරනවානම් දන්නා උගතුන් ඕනි තරම් ඉන්නවා. ඒත් වෙලා තියෙන්නේ කිසිම බලධාරී එකෙකුට ඕක දිගටම කරගෙන ගිහින් සාර්ථක මට්ටමට ගේන්න උවමනාවක් නැති කමයි. බොහෝ කාලයකට පෙර සිටත් ජර්මනියේ නගර වල බස් ධාවනය වන්නේ කසල වලින් හදන ජිව වායුවෙන්. ඒ රටවල් වල කසල දිරා පත් වෙන්න ඕනි කරන පරිසර උෂ්ණත්වයත් නැතුව තියෙද්දී තමයි ඒ බාධක මග හැරගෙන පොලොව යට උෂ්ණත්වය යොදාගෙන ඕව කරන්නේ. අපි සියලු සාධක යහපත්ව තියෙද්දිත් කිසි දෙයක් හරියට කරගන්න බැරුව එකම තැන පල් වෙනවා. මේ එන මිනිස්සු කසල වලින් ගෑසුත් හදලා පෝරත් හදලා ඒවත් පාවිච්චි කරලා අපේ වනාන්තර වලින් අක්කර 2000ක් උන ගසුත් වවලා ඒවත් විකුණලා ලාභ අරගෙන අපිට ඩොලරයක් වත් දීලා යයිද කියන එකයි මට තියෙන ප්‍රශ්නේ. මොකද ඕකමනේ උනේ මහා ලොකුවට හම්බන්තොට වරායක් හදලා අන්තිමට රටේ භූමියත් නැහැ වරායත් නැහැ ඩොලරුත් අපිට නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6140 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7624 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18250 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1236 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9412 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 549 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 391 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1788 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1618 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site