IMG-LOGO

ජනාධිපති බ්‍රිතාන්‍ය ඩයස්පෝරාව හමුවෙයි

(අංජුල මහික වීරරත්න)

සමෘද්ධිමත් ලාංකික ජාතියක් බවට පත් වීම සඳහා එකට එක්ව සටන් කරමු යැයි බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික ඩයස්පෝරාවට ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ඇරැයුම් කළේය.

බංකොලොත්භාවයට එරෙහිව එක්ව සටන් කළ යුතු බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ජනාධිපතිවරයා මේ බව කීවේ බ්‍රිතාන්‍යයේ වෙසෙන ලාංකික ව්‍යාපාරිකයන්, ආයෝජකයන් සහ වෘත්තිකයින් සමඟ පැවැති සාකච්ඡාවකදීය.

එළිසබෙත් මහ රැජිනගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීමට ගිය ජනාධිපතිවරයා සහ එරට ඩයස්පෝරාව අතර හමුව බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය විසින් සංවිධාන කර තිබිණි.

ඩයස්පෝරා කාර්යාල ව්‍යාපෘතිය ඇතුළු ශ්‍රී ලංකාවේ නිර්මාණය වී ඇති නව ආයෝජන අවස්ථා සඳහා එක්වන ලෙස ද ජනාධිපතිවරයා ඔවුන්ට ආරාධනා කළේය.

බ්‍රිතාන්‍ය නව රජුගේ නායකත්වයෙන් පොදු රාජ්‍ය මණ්ඩලීය රටක් ලෙස අනාගත අභියෝග ජයග්‍රහණය කරමින් ඉදිරියට කටයුතු කිරීම සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා පැහැදිලි කළේය.

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය, එක්සත් රාජධානියේ පෞද්ගලික සංචාරයකට එක්ව සිටින දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක හා එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන සහ බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් සරෝජා සිරිසේන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 



අදහස් (9)

ජනාධිපති බ්‍රිතාන්‍ය ඩයස්පෝරාව හමුවෙයි

sharm warn Tuesday, 20 September 2022 05:36 PM

කවුද දන්නේ නැහැ නේද මෙයාගේ මේ ඩයස්පෝරාව.

:       4       16

බද්රානි Tuesday, 20 September 2022 07:43 PM

ඒ රටවල ජීවත් වෙනවා නම්, ආයේ මොකටද ලංකාවේ දේශපාලකයින්ව බැහැදකින්නේ? මොවුන්ගෙන් ආයේ මොනවා ලබා ගන්නද? අඩුතරමේ ලංකාවට ඇවිත් සැනසිල්ලේ නිවාඩුවක් ගතකරලා යන්න තරම් වත් වාතාවරණයක් මොවුන් රට තුල ඇතිකරලා තියනවද? හරිනම් ඔබලා කලයුත්තේ මේ හොර තක්කඩි පාලකයින්ට එරෙහිව ජාත්‍යන්තරයේත් සහය ඇතිව හොර දේශපාලකයින්ව හිරගත කිරීමට ඔවුන් සමග එක්ව කටයුතු කිරීමයි. ඇත්තම කියනවා නම්, ඉතාම වැදගත් දේශපාලන නායකයින් සිටින රටකට මෙවන් හොර තක්කඩියන්ට පය තැබීමටවත් නොහැකිවෙන සේ කටයුතු කිරීමයි. මොන උනත් පාර්ලිමේන්තුවේ හොර තක්කඩියන්ගේ චන්දෙන් පත්වී ඔවුනට උපරිම සේවයක් කරන මේ පුද්ගලයා පැමිණෙන විට සියල්ලන්ම අසුන්වලම හිඳගෙන සිටීම ගැන මම මේ ජනතාවට ගරු කරමි..

:       127       27

Bamunuarachchi Wednesday, 21 September 2022 07:01 AM

රට පාවාදීමේ ආරම්භය සමග රනිල් දේශපාලනේ නැත්තටම නැතිවීමේත් ආරම්භය. දෙමල ඩයස්පෝරාව ඉස්සෙල්ලාම ඉල්ලන්නේ ස්වයං තීරණ ගැනීමේ අයිතිය,13 වෙනි සංසෝධනය ක්‍රීයාත්මක කිරීම ඊට පස්සේ රටෙන් 2/5.

:       22       10

ජැක්සන් Wednesday, 21 September 2022 10:08 AM

මේ බමුණව නම් කවදාවත් හදන්නම බෑ.. ඔය දෙමළ ඩයස්පෝරාව නෙමෙයි මනුස්සයෝ ශ්‍රී ලාන්කික ඩයස් පෝරාව.. ඕකේ සිංහලුනුත් ඉන්නවා දෙමලුනුත් ඉන්නවා

:       3       23

ජාතිවාදී BamunuarachchiWednesday, 21 September 2022 06:15 PM

ඔබට මාව ජාතිවාදයෙන් එළියට දාන්න බැහැ. සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටවමු කීවාම විග්නේෂ්වරන් මොනවද කිව්වේ...? හලෝ ඩයස්පෝරාව එකට හිටියාට ඔවුන්ගේ ඉල්ලීම් එන්නේ වෙනවෙනම. දෙමළ ඩයස්පෝරාවගේ ඉල්ලීම් ගැන මම ඔහෙලාට කියාදෙන්න ඕනෑද? නැතිනම් ඔහෙලාට මට කියලා දෙන්න පුළුවන්ද? 2005 සිට මම දෙමළ ඩයස් පෝරාව අරගල කරන්නේ. ඔවුන් එකසැරයක් කිව්වා ඔවුන් තමයි ලංකාවේ පළමුවෙන්ම ජීවත් වුනේ කියලා... ඒවාට දීපු උත්තර මෙතන ලියලා වැඩක් නැහැ. මම කියනදේ තේරෙන්නේ සිංහලයෙකුට මිසක් ජැක් සන් හෙවත් බුරු පුතෙකුට නොවෙයි.

:       0       0

සෙනෙවිරත්න Wednesday, 21 September 2022 08:02 AM

මේක දෙමළ සිංහල නැතුව ශ්‍රිලාංංකික ඩයස්පොරාව කියල කියමු. නැත්නම් ජාතිවාදය සදාකල් පවතීවි.

:       83       30

ජාතිවාදී BamunuarachchiWednesday, 21 September 2022 06:13 PM

කොහෙදීද? කවදාද? හලෝ දෙමළා ශ්‍රී ලාංකික හැටියට පෙනී සිටියේ...? ඒ නිසාද ඉන්දියාවේ කරුණානිධිගේ මුනේත්‍ර කසාගම් හෙවත් අපි දෙමලු කියා පක්ෂයක් ඉන්දියාවේ තිබෙන්නේ...? රටේ 75% සිංහල ජනතාව මොකටද ශ්‍රී ලාංකික වෙලා අපි සුළු ජාතීන්ගේ තත්වයට දියාරු වෙන්නේ. මේ සිංහල රටේ අපි සිංහලයින්. ශ්‍රී ලාංකික කියා සිතන නිසාද දෙමළා ස්වයං තීරණ ගැනීමේ අයිතිය ඉල්ලන්නේ... වෙනම රාජ්‍යයක් ඉල්ලන්නේ?... රටක් නැති දෙමල්ලු ලංකාව ඔවුන්ගේ රට කරගන්න හදන බව ඔහෙට නොතේරෙන්නේ නමින් සෙනෙවිරත්න වුණාට කතාවෙන් සින්නලිංගම් කෙනෙක් නිසාද?

:       10       131

Anura Nanayakkara Wednesday, 21 September 2022 09:24 AM

ඇපි රඅනිල් වික්‍රමසිංහ මහත්තයට අවස්තවක් දෙමු. රට විනශ මුඛයට තල්ලු වෙලා ගිය වෙලෙ නිහතමානීව වගකීම් බාර ගත්තෙ මෙතුමයි.

:       15       79

Ruwan R Wednesday, 21 September 2022 11:09 AM

ඒතකොට ඩයස්පෝරාවෙන් මොකුත්ම කියල නැද්ද..?

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 19 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 601 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 125 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site