IMG-LOGO

2025 සැප්තැම්බර් මස 07 වන ඉරිදා


ඉන්දියන් තෑග්ග කටුනායකට

(ටී.කේ.ජී.කපිල)

ඉන්දියාව ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරන ලද සමුද්‍ර නිරීක්ෂණ ගුවන් යානය අද දහවල්  කටුනායක ගුවන් හමුදා කදවුර වෙත පැමිණියේය.

ඩෝනියර් වර්ගයේ මෙම ගුවන් යානය මගින් ඉලෙක්ට්‍රොනික යුද මෙහෙයුම් , සමුද්‍ර නිරීක්ෂණ කටයුතු සහ ආපදා සහන කටයුතු සදහා යොදා ගැනීමට හැකියාව පවතින අතර ටර්බෝ ප්‍රොප් එන්ජින් දෙකකින් බලගන්වා තිබේ.

මෙම ගුවන් යානයට කෙටි ගුවන් ගත කිරීම් මෙන්ම හදිසි ගොඩ බැස්සවීම් කටයුතුවලද නිරත විය හැකිය.

මෙම ගුවන් යානය ශ්‍රී ලංකාවට බාර ගැනීමේ උත්සවය සදහා ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ , ගුවන් හමුදාපති එයා මාර්ෂල් සුදර්ශන පතිරණ , නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න , යුද හමුදාපති ලුතිතන් ජනරාල් විකුම් ලියනගේ සහ ඉන්දීය රජය නියෝජනය කරමින් ඉන්දීය නාවික හමුදා උප ප්‍රධානී වයිස් අද්මිරාල් සතිෂ් ගෝර්මඩේ , ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් භාග්ලේ යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.



අදහස් (8)

ඉන්දියන් තෑග්ග කටුනායකට

පිටිගල මිලානෝ Monday, 15 August 2022 04:16 PM

දැන් ඉතිං චීන නැටිලියි, අපේ නැටිලියි එහෙ ඉඳන්ම නරඹයි….!

:       4       35

mangala Monday, 15 August 2022 06:10 PM

මේකත් අර කොටි ගහද්දි වැඩනැති රේඩාර් වගේ, ඉන්දියන් මාලු කාරයෝ එනකොට වැඩ නැතුව කඩාගෙන නොවැටුනොත් හොඳයි.

:       2       25

asantha silva Monday, 15 August 2022 06:12 PM

චීනයෙන් මේකට අවසරයක් ගත්තද, චීනය අවුස්සා ගන්න මෝඩ වැඩ කරන්න හොඳ නැහැ

:       20       11

Chandima Tuesday, 16 August 2022 04:17 AM

අතින් ගානක් දීල හරි තව තව චීන නැව් ගේන්න ගත්තනම්, ගුවන් හමුදාවටම ඇතිවෙන්න යානා ගන්න තිබුණා සතයක්වත් වියදම් නොකර.

:       0       5

Chandima Tuesday, 16 August 2022 05:03 AM

එහේ අයින් කරන එකක් වෙන්න ඇති? හැබැයි ඉතින් කුම්බලා මාලු කෑවා වාගේ තමයි..

:       0       4

කමල් Tuesday, 16 August 2022 07:33 AM

කන්න ටික ඉල්ලනකොට දෙන්නේ ණයට, ඉල්ලන්නේ නැතිව ප්ලේන් නිකන් දෙනවා. මේක නම් ඉන්දියන් උගුලක්. යුධ සමයේ කිසි ආධාරයක් ඉන්දියාව ඇමරිකාව කලේ නැහැ චීනයයි පාකිස්තානයයි රුසියාවයි විතරයි අපිට උදව් කලේ. ඒවා අමතක කලොත් ගොඩක් අමාරුවෙයි .

:       4       14

විජේ Tuesday, 16 August 2022 10:05 AM

චීනඅඩියට ඉන්දියන් ගුග්ලියක්ද?

:       0       3

suga Wednesday, 17 August 2022 09:27 AM

ඉන්දියාව අපේ අවසරයක් නැතුවම ලංකාවේ තොරතුරු ගන්නවා. මේ ගුවන් යානය හා ඉන්දියාවේ දත්ත මධ්යස්ථානය අතර ජාලයක් ඇතැයි සිතිය හැක.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 491 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17067 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 682 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site