
(තිලකරත්න දිසානායක සහ විමුක්ති එස් රුද්‍රිගු)
පාකිස්තානයේ සියල්කෝට් නගරයේදී අන්තවාදී කණ්ඩායමක පහරකෑමට ලක්ව මියගිය ප්‍රියන්ත කුමාර දියවඩන මහතා තම ආදරණීය බිරිය, දරු දෙදෙනාට සහ ඥාතීන්ට සදහටම සමුදුන්නේය.
පාකිස්තානයේ අන්තවාදී කණ්ඩායමක් විසින් ප්‍රියන්ත කුමාර මහතාට ඉකුත් (10) දා අමානුෂික ලෙස පහරදී ගිනි තබා ඝාතනය කරනු ලැබීය.
ප්‍රියන්ත මහතාට අවසන් ගෞරව දැක්වීම සඳහා රාජ තාන්ත්‍රික වශයෙන් මෙන්ම හිත මිත්‍රාදීන් විශාල පිරිසක් ඔහුගේ නිවෙසට එක් රොක්ව සිටිනු දක්නට ලැබිණි.
ජනාධිපති,අගමැති,මැල්කම් කාදිනල් රංජිත් පියතුමන් ඇතුළු විවිධ පාර්ශව ඔහුගේ හදිසි වියෝව සම්බන්ධයෙන් ශෝක ප්‍රකාශ ද යොමු යොමු කෙරිණි.
ආගමික වතාවන්ට පසු එම ශෝක ප්‍රකාශ ඉදිරිපත් කිරීම සිදුවිය.
අනතුරුව පැවැති ගුණකතනවලින් පසු ප්‍රියන්ත නම් වූ තම සගයාගේ දේහය හිතමිත්‍රාදීන් ගනේමුල්ල පොල්හේන සුසාන භූමිය තෙක් රැගෙන ගොස් එහිදි මිහිදන් කෙරිණි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රියන්ත කුමාර මහතාණනි, ඔබට නිවන් සුව අත්වේවා...!!!
නිවන් සුව... පිටරටවල්ව වැඩකරනකොට ගොඩක් මොලය පාවිච්චි කරන්න ඕනේ.. මරඋගුල් වලින් ගැලවිලා තමන් ආපු කාරණය නිමවෙන තුරු... විශේෂයෙන්ම ආගම, ජාතිය, පාට වැනි දේවල් සම්බන්ධ කාරණා වලදී ගොඩක් ප්‍රවේශම් වෙන්න ඕනේ... මමත් ඉන්නේ පිටරට...
ඔබට නිවන් සුව ... !!!
සොයුර, ඔබට නිවන් සුව අත්වේවා !!!
පාන්සකුලේට හමබයොත් ආවද? ඒ ආවත් පිළිගන්න නිවට ජාතියක් සිංහල අපි.
ඔහුට නිවන් සුව ලැබෙන්න කියලා පතනකොට ඒකටත් අකැමැත්ත පෙන්වන්නේ මොන ජාතියේ අයද?