(රොමේෂ් ධනුෂ්ක සිල්වා)
ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතා ඇතුළු පක්ෂය වෙනුවෙන් දිවිපිදු සියලු සාමාජිකයන් සිහි කරමින් පැවැත්වූ ‘28 වැනි ඉල් මහ විරු සැමරුම’ කොළඹ විහාරමහාදේවි එළිමහන් රංග පීඨයේදී අද පැවැත්විණ.
ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ඇතුළු පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සාමාජික සාමාජිකයන් ඉල් මහ විරුවන්ගේ ස්මාරකය වෙත පුෂ්පෝහාර දැක්වීමෙන් පසු පහන් දල්වා ඔවුනට ගෞරවය දැක්වූහ.
දිවිපිදු අයගේ පවුල් වල සාමාජිකයෝද තම සහෝදර සහෝදරියන් සිහිකරමින් පුෂ්පෝහාර දැක්වූහ.






COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.