( රොමේෂ් ධනුෂ්ක සිල්වා )
ගල්කිස්ස විද්‍යා විද්‍යාලයේ 40 වැනි සංවත්සරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් එම විද්‍යාලීය පරිශ්‍රයේදී අද (11) පැවැත්විණ.
‘ළඟම පාසැල - හොඳම පාසැල’ ව්‍යාපෘතිය යටතේ පාසැලේ ඉදිකළ ප්‍රථමික ක්‍රියාකාරකම් ගොඩනැගිල්ල විවෘත කිරීමද මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු කළ අතර පසුගිය වසරේ උසස් පෙළ විභාගයෙන් වාණිජ අංශයෙන් A සාමාර්ථ 03 ක් ලබා සරසවි වරම් ලැබූ දෙවින් ඉදුසර රත්නායක සිසුවාට ජනාධිපතිවරයා විසින් විශේෂ සම්මානයක් දෙනු ලැබීය.
ඒ අතර එහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිසුවාගෙන් අසනු ලැබුවේ අත්‍යවශ්‍ය දෙයක් තිබේ නම් ඔහුට පවසන ලෙසයි.
එහිදී දෙවින් ඉදුසර සිසුවා කියා සිටියේ තමන්ට විද්‍යුත් රෝද පුටුවක් ලබා දෙන්නේනම් කෘතඥ වන බවයි.
ජනාධිපතිවරයා එවලේම ඔහු ඉල්ලු එම විද්‍යුත් රෝද පුටුව ලබා දීමට තමන් පොරොන්දු වන බව පැවසීය.





COMMENTS
හොදට ඇහුන්කම් දෙන්න. පස්සේ අමතක වෙනවා...
මෙයාට දේවල් අමතකවනවා නැත්නම් අමතක කරනවා. පස්සේ කියයී "මම එහෙම දෙයක් පොරොන්දු වූ බව දැන ගත්තේ පත්තරෙන්" කියාලා.
අපි වෙලාවට මතක් කරන්නම්, ඔව් අර ප්‍රබාකරන් කිව්වේ සිංහලයන්ට මතක වැඩිම උනොත් සතියයි කියලා ?