(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
පුත්තලම මන්නාරම මාර්ගයේ අරිප්පුව නගරය ආසන්නයේ සිලාවතුර වෙරළ තීරය සීඝ‍්‍රයෙන් මුහුදු ඛාදනයට ලක්වෙද්දී ඒ අද්දර පිහිටි ඩොරික් බංගලාවේ නටඹුන් විනාශ වීම වැළැක්වීමට කිසිදු පියවරක් ගෙන නොමැති බව ගම්වැසියෝ පවසති.
ලංකාවේ ප‍්‍රථම ආණ්ඩුකාරවරයා වූ සර් ෆෙඩ්රික් නෝර්ත් විසින් ශී‍්‍රක ගෘහ නිර්මාණ ශිල්පයට අනුව වර්ෂ 1798 - 1805 අතර කාලය තුළ දී මේ මාලිගය ඉදිකර තිබේ.
එම පාලන සමයේ මන්නාරම මුහුදු තීරයේ සිලාවතුර, කොණ්ඩච්චි හා අරිප්පු ආදී පෙදෙස්වල මුතුබෙල්ලන් එකතු කිරීමේ යෙදී ඇති බවත් ආණ්ඩුකාරවරයා එම කටයුතු නිරීක්ෂණයට එන අවස්ථාවල නවාතැන් ගෙන ඇත්තේ ඩොරික් බංගලාවේ බව සඳහන් වේ. මෙය හොල්මන් බංගලාව ලෙස ද හඳුන්වා දී ඇත.
මේ ඓතිහාසික ස්ථානය මේ ආකාරයෙන් තවදුරටත් විනාශ වී යාමට ඉඩ දෙන්නේ නම් ශී‍්‍ර ලංකාවේ උතුරුකරේ ඉතිහාසය ද වෙනත් අන්දමකින් ලිවීමට සිදුවෙනු ඇති බව ගම්වැසියෝ පවසති.
දැවැන්ත ගඩොල් බිත්තිවලින් සමන්විත ඩොරික් බංගලාව ලංකාවේ සුන්දරතම නිවසක් ලෙස අතීතයේ සලකා ඇතත් මේ වනවිට එහි ඉතිරිව ඇත්තේ අඩක් පමණි. බිත්ති කඩා වැටුණු විශාල ගඩොල් කුට්ටි මුහුදු වෙරළේ තැන තැන විසිරී ඇති බව දැකිය හැකිය.
එමෙන්ම මෙම වෙරළේ කොටසක් මුහුදු කෑමෙන් වළක්වා ගැනිමට ගල් ආවරණ යොදා ඇතත් වැඩි කොටසක් මුහුදු රළත් සමඟ තැනින් තැන අඩි 50- 60 පමණ දක්වා කොටස් සේදී ගොස් තිබෙනු දැකිය හැකිය.
මෙම ස්ථානය කිසිදු ආකාරයක සංරක්ෂණයකට ලක් නොවීම නිසා එහි ගල් බිත්ති මත මෙන්ම ඇතුළත කාමරවල පවා මත්පැන් බෝතල් ඇතුළු අපද්‍රව්‍ය විසිර තිබෙනු දැකිය හැකිය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සිලාවතුර වෙරළ මුහුදු ඛාදනයට
ධම්ම Saturday, 07 September 2019 03:49 PM
ඉතිහාසය කන්නද? අපට උගන්නලා තියෙන්නේ එහෙමයි.