IMG-LOGO

2025 මැයි මස 03 වන සෙනසුරාදා


සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරෝධය

මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරෝධය පාමින් විවිධ පළාත් වලින් පැමිණි වෛද්‍යවරු සහ සරසවි සිසුහු අද (7) ටෙක්නිකල් හන්දියේ සිට  කොළඹ කොටුව දක්වා පැමිණ උද්ඝෝෂණයේ නිරත වුහ.

මේ හේතුවෙන් කොළඹ කොටුව අවට දැඩි වාහන තදබදයක් ඇති වී තිබේ. 

(ජායාරූප - ශාන්ත රත්නායක)

(ජායාරූප -ඉෂාන් සංජීව)

 



අදහස් (19)

සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරෝධය

තිලක් ගාලේවත්ත Friday, 07 April 2017 12:10 PM

ත්‍රස්තවාදී සංවිධාන සිවිල් ජනතාව පළිහක් ලෙස තබා ගත්තේ යම් කෙසේද වෛද්‍ය වෘත්තිකයින් සිය පුද්ගලික ඉල්ලීම් සඳහා පළිහක් කර ගෙන ඇත්තේ ඔවුන්ට යැපෙන්න බදු ගෙවන දුප්පත් ජනතාවයි.

:       797       2029

aravinda Friday, 07 April 2017 01:05 PM

අද ලංකාවේ ගණකාධිකරණය, ඉංජිනේරු , ගෘහ නිර්මනශිල්පී ආදී රටේ ඉල්ලුමක් ඇති ක්ෂේස්ත්‍ර වලට පුද්ගලික අංශයෙන් උපාදි ලබා ගත හැකියි. මේ විරෝධය පාන අයට එවැනි ආයතන ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ. පුද්ගලික වෛද්‍ය විද්‍යාලවලට පමණයි විරුද්ධ. එකෙන් පේනවා මේ විරෝධය තනිකර තමන්ගේ ගෝත්‍රය රැක ගැනීමට කරන දෙයක් කියා. මේ විරෝධතා වලට කිසිම සාදාරන පදනමක් නැති අතර මේවා සම්පුර්ණයෙන්ම අසාර්තක වෙනවා ඇති.

:       1106       1883

Ranjith Silva Friday, 07 April 2017 02:23 PM

බටහිර වෙද්දු මේ තරමටම බය මොකද කියල පේනවා. චැනල් කඩේ පරිස්සම් කරගන්න නේද මේ. ජනතාව ලෙඩ නොවී ඉන්න මේ යට කට වහ ගන්න වෙන්න .

:       251       752

da silva Friday, 07 April 2017 02:43 PM

උසාවි නියෝග තුට්ටුවකටවත් ගණන් නොගන්න මිනිස් ජිවිත සමග සෙල්ලම් කරන බලපත්‍ර ලත් ත්‍රස්ත්වධින් .

:       337       1209

ප්‍රීති Friday, 07 April 2017 02:55 PM

සිරි ලංකාවේ දොස්තර මහත්තුරුන්ට ටයි එක නැතිව කට්ටිය දක්කාගෙන පෙළපාලි යන්නත් බැහැ වගේ නේද? සමහරවිට මේ දවස්වල තියන දැඩි ශීතලට වෙන්න ඇති. මේ උත්තමයෝ ඉතින් නිදාගන්නෙත් ඔය ටයි එක දාගෙනම වෙන්න ඇති මගෙහිතේ????

:       668       609

සිරි Friday, 07 April 2017 05:46 PM

දොස්තර වුනත් මෝඩකමට බෙහෙත් නැහැ.

:       502       471

Sunil Pushpadana Friday, 07 April 2017 06:10 PM

රටේ මිනිස්සු සයිටම් වහන්න කියනවා නම් ඒක දැවෙන පොදු ප්‍රශ්ණයක් මෙික දොස්තර පවුල් ප්‍රශ්නයක් අපි මෙයට විරුද්ධයි හැම අතින්ම දොස්තරවරුන්ට බැනුම් දැන් දොස්තරල බැනුම් අහන්නෙ දේශපාලුවන්ටත් ඉදිරියෙන්

:       136       115

K Perera Friday, 07 April 2017 06:11 PM

ඇත්තටම මේ කුහක දොස්තරයන්ට වෙන වැඩක් නැතිද? මේකද අද ලංකාවේ තිබෙන ප්‍රශ්නය?

:       209       156

kalpa Saturday, 08 April 2017 12:42 AM

ජනතා මුදලින් ඉගෙනගෙන සුලු කාලයක් රෝහලේ වැඩ කරලා දවල් 12 වනවිට රෝහලේම ගේට්ටුව ළඟ චැනල් සේවය කරනවා හවස 4 සිට මධ්‍යම රාත්‍රිය වනතුරු නැවත චැනල් මේ අයට විවේකයක් ව්‍යායාමයක් නැහැනේ මේවා කරන්නේ ව්‍යායාමයක් ලෙසටනේ , දොස් කියන්න එපා හැම කෙනෙකුටම ව්‍යායාම අවශ්‍යනේද

:       106       37

madawa Saturday, 08 April 2017 07:36 AM

හතරවෙනි රූපය බැලුවනන් කාටකාටත් තොප්පියෙන් තේරෙයි ..........

:       165       41

d bandula Saturday, 08 April 2017 12:52 PM

ඇයි අර ඒ පින්තුරයේම ඉන්න වයසක ආච්චි වෛද්‍ය ශිෂ්‍යෙයක්ද ? උසී ගැන්නුවම එපා කන්න පනින්න එවුන් වගේ තමයි දන්නේ නැ මේ මොකාටද අහුවෙලා ඉන්නේ කියල පවු ?

:       0       1

maheeSaturday, 08 April 2017 07:26 PM

වෛද්‍යවරියක් වෙන්න ඇති ඒ කෑ ගහන්නේ, මං හිතන්නේ.

:       55       4

sunil Saturday, 08 April 2017 07:50 AM

මොනවා හිතන්නද මොනවා කරන්නද? මේ දකින්නේ මේ රටේ අවාසනාවක තරම මිසක් වෙන මොකක්ද?

:       24       3

sunil Saturday, 08 April 2017 07:53 AM

දැන් ඔය කියන මාලඹේ සයිටම් ඉස්පිරිතාලෙද එකේද ලෙඩ්ඩු නිස්කාරනේ මැරිලා තියෙන්නේ මෙච්චර කල්? දන්නේ නැති නිසා අහනවා ආයුබෝවන් !

:       298       103

kushan Saturday, 08 April 2017 09:20 AM

මුලින්ම ඔය වර්ජනය කරන වෛද්‍යවරුන්ට ගහන්න ඕනේ. අහිංසක මිනිස්සුන්ගේ ජීවිතය ගැන නොතකා, කොන්දොස්තරලා වගේ හිතන මානසික ලෙඩ්ඩුනෙ මේ අය. අවරුදු හයක් ඔය saitam එක වැඩ. අහිංසක මිනිස්සුන් ගැන හිතන්නෙවත් නැහැ. කව්රු හරි සංවිධාන වෙලා මේ වගේ අසාධාරණ වැඩ වර්ජනය කරන උදවියට පාඩමක් උගන්නන්න වෙයි....

:       56       20

chinthaka Saturday, 08 April 2017 09:48 AM

මම රටේ සාමාන්‍ය පුරවැසියෙක් විදියට උඩ තියන කොමෙන්ට් ටික කියෙව්වා, හැබැයි දැන්නම් මට හිතෙනවා සයිටම් අනිවාර්යයෙන් වහන්නම ඕන කියලා.. පළමුව තමන්ටම වෙඩි තියාගත්තා, දෙවනුව පෝස්ටර් ඇලෙව්වා, තෙවනුව වෙබ් අඩවි අකර්මණ්‍ය කරනවා, එත්, තවම රටේ මිනිස්සු නෙවිල්ට වඩා බුද්ධිමත්,

:       117       341

roshan Saturday, 08 April 2017 09:54 AM

මේකට ජනතා සහය නැහැ.....මෙය දේශපාලන ආයුධයක් කරගන්න එපා... අපි ආණ්ඩුවට විරුද්ධයි ..එත්.. මෙය සිදු විය යුත්තේ මෙ රටේ දොස්තරලා අසරණ ජනතාව බිල්ලට දෙන යුගය නැවතිය යුතුයි...

:       84       62

කරුණාපාල Saturday, 08 April 2017 10:09 AM

සයිටම් ආයතනය "වෛද්‍ය උපාධිය" කියන බිල්ලාව ඔය ආයතනයට වැද්ද නොගත්තා නම්, අදටත් කිසිවෙකුගේ විරෝධයක් නොමැතිව අනෙකුත් පෞද්ගලික විශ්ව විද්‍යාල මෙන්, වැඩේ ජයටම කරගෙන යන්න තිබුනානේ. එහෙම උනා නම්, අද මේ රෝගීන් වෙනුවෙන් කිඹුල් කඳුළු හෙලමින් මහපාරේ හරක් දක්කන දොස්තරලට ඔය වටිනා කල වෙලාවේදීත්, චැනල් කඩේකට ගොඩවෙලා, ගානක් පොකට්ටුවේ දාගෙන ඔවුන්ගේ අනාගතය ගැන බියක් සාංකාවක් නොමැතිව සතුටින් ඉන්න තිබුනනේ. බලාගෙන ගියාම නෙවිල් ප්‍රනාන්දු මහත්තය දොස්තරලා හදනවා වෙනුවට, ඉන්න දොස්තරලාත් ලෙඩ්ඩු කරන එකනේ කරලා තියෙන්නේ. දොස්තරලා නම් කමක් නැහැ, අහක ඉන්න මීහරකුත් මෙච්චරටම ලෙඩ උනේ කොහොමද කියලයි මම මේ කල්පනා කලේ???

:       159       104

roshan Sunday, 09 April 2017 07:04 PM

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ යථාර්තය. ඇට නැති දිවෙන් බොරුව සමාජ ගතකරලා මීහරක් රැලක් මහපාරට බස්සවලා රෝහලක් හෝ අධ්‍යාපන ආයතනයක් වහන්න කාට හෝ පුළුවන් වෙයි එත්, සත්‍යය හැමදාම වහන්න ඔය කාටවත් බැහැ. වෙස් මුහුණු වලට රැවටිලා ඉන්න මනුසතුන්ට අසනීපෙකට බෙහෙත් ගන්න පෞද්ගලික රෝහලට ගිහිල්ලා රෝහලේ බිල දුටුවාම දන්නෙම නැතිව "උම්බෑ " කියලා කටින් පිටවෙද්දී,, අන්න එදාට තේරෙයි ශ්‍රී ලංකා වෙද මාෆියාවේ තරම

:       25       11

ඔබේ අදහස් එවන්න

 

 
 

සේයා රූ

දුම්රිය මගේ සෙල්ෆි ගන්න ගිය මවක දියණියක මරුටය
2024 දෙසැම්බර් මස 22 128 0

රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු


ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6699 25

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6303 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7702 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18383 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1334 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 571 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 150 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1173 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site