IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


සයිටම් ජනසතු කරන්නැයි අදත් විරෝධතා

(සෙනරත් බණ්ඩාර)

මාලබේ සයිටම් පුද්ගලික වෛද්‍ය ආයතනය ජනසතු කරන ලෙස  ඉල්ලා පේරාදෙණිය විශ්ව විද්‍යාල මහා ශිෂ්‍ය සංගමය හා වෛද්‍ය පිඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව අද (26) ගලහා හන්දියේදී විරෝධතාවක් සංවිධානය කර තිබිණි.

පුද්ගලික වෛද්‍ය ආයතනය අහෝසිකරන ලෙස ඉල්ලා නගර සියයකටත් වඩා දැනුවත් කිරීම් හා උද්ඝොෂණ කළත් දේශපාලන පක්ෂ හා සමාජ සංවිධාන ඉල්ලීම් කළත් ආණ්ඩුව නිසි පියවරක් නොගත් බව එම ශිෂ්‍ය සංගමයේ සභාපති මංගල මද්දුමගේ පැවසීය.

එයට විසදුම් ලෙස වෙළද දැන්වීම් දමන බවත් දේශපාලකයින් එයට විසදුම් ලෙස ‘පාළුගේයි වලං බිදිනවා‘ ලෙස කටයුතු කරන බවත් ඔහු කීවේය.

ජනතාවගේ විරෝධතාවයන් අපහසුකම් නොතකා අධ්‍යපනය විකිණීමේ ප්‍රතිපත්තිය කරගෙන යන බවත් ඔහු පැවසීය.



අදහස් (14)

සයිටම් ජනසතු කරන්නැයි අදත් විරෝධතා

kumar (guaf) Wednesday, 26 April 2017 11:13 AM

රට කන හරක් රැලක්.

:       777       469

Jayantha Wednesday, 26 April 2017 11:25 AM

මේ අය ඉගෙන ගන්නද ආවේ නැත්නම් උද්ගෝෂණ කරන්නද විශ්වවිද්‍යාල ආවේ. මම 3 පාර සාමාන්‍ය පෙළ සමත් වුනේ. උසස් පෙළ ඔක්කොම අසමත්. අද මම එංගලන්තේ ගිහිල්ලා 2 nd class upper සිවිල් ඉංජිනේරු උපාධිය අරගෙන Senior Consulting Engineer කෙනෙක් හැටියට අවුරුදු 30 ක් ඕස්ට්‍රේලියාවේ වැඩ. ඔයාලගේ විශ්වවිද්‍යාල වලින් සමත් වෙලා මටත් වැඩිය සාමාන්‍ය පෙළ, උසස් පෙළ සම්මාන ගත්ත මට වැඩිය උසස් ඉංජිනේරුවරුලා මගේ යටතේ වැඩ. මේ කරුණාකරලා විශ්වවිද්‍යාල ගිහිල්ලා ඉගෙන ගන්න මෝඩයෝ වගේ හැසිරෙන්නේ නැතුව. ඔයාලා වගේ සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ අසමත් වෙන ශිෂ්‍යන්ට මොලේ තියනවා.

:       819       732

keerthi Wednesday, 26 April 2017 12:26 PM

මිනිස්සුන්ට තමන් කැමති දෙයක් ඉගෙන ගන්න නිදහස තියෙන්න ඕනේ. බංකොලොත් දේශපාලන පක්ෂයකට උවමනා විදියට ඔවුන්ගේ රෙගුලාසි වලට අනුවද ජනතාව ඉගෙනගත යුත්තේ?

:       731       559

sarath Wednesday, 26 April 2017 12:35 PM

පව් මෙයාලා. කගේ වුනත් දරුවොනේ...

:       754       640

දිලංක Wednesday, 26 April 2017 02:29 PM

එයාලා ගැන නම් පව් වෙන්න දෙයක් නැහැ.. එයාලා කෑ ගහන්නේ උද්ඝෝෂණ කරන්නේ ජාතියේ දරුවෝ පව් නිසා ...

:       662       1011

SusilFriday, 28 April 2017 04:31 AM

ඇත්තට ?

:       0       1

rat Wednesday, 26 April 2017 01:20 PM

පව් අනේ මෙයාල උපාධිය ගන්නේ අපේ සල්ලි වලින් ඒත් දොස්තරලා වුනාට පස්සේ අපිවම ගසා කනවා

:       261       176

anura Wednesday, 26 April 2017 03:16 PM

මොන සයිටම්ද අද තියෙන්නේ කුණු කඳු ප්‍රශ්නයක...

:       530       445

SusilWednesday, 26 April 2017 03:58 PM

මේගොල්ලො ඒ මිනී ටිකටත් කර ගහල බැලුව, හරි ගියේ නෑ.. දැන් ආයෙමත් සයිටම් අල්ලගත්ත.

:       458       326

රොමේෂ් Wednesday, 26 April 2017 05:34 PM

සයිටම් කියන්නෙත් කුණුකන්දක් තමයි. මුළු මහත් සමාජයේම ඔලුවට කඩන වැටෙන්න තියෙන මාරාන්තික ගඳගහන කුණුකන්දක්. ඒකත් කඩන වැටෙන්න දීලා, පස්සේ පණ්ඩිත වාක්‍ය කියවනවද නැත්තම් ඊටකලින් කුනුකන්ද ඉවත්කරගන්න පියවරගන්නවද කියන එක තමයි බේරාගත යුතු ප්‍රශ්නය.

:       285       724

roshan Wednesday, 26 April 2017 06:31 PM

අනේ දීලක අනේ රොමේෂ්....ඔය කියන වෙද විදුහලක ශිෂ්‍යයෝ. ගොඩක් මොලේ එහෙම තියෙන අයද... කට පාඩමට දක්‍ෂ අයද...කට පාඩමට දක්‍ෂ අය බෙහෙත් දෙන්නේ කොහොමද...කොච්චරක් ...හිතන්නේ නැතුව...කොච්චරක් ඒගොල්ලෝ මරයිද?

:       110       69

da silva Wednesday, 26 April 2017 06:45 PM

පුද්ගලික රෝහල් හොඳ නම් , ටියුෂන් කඩ හොඳනම් පුද්ගලික විශ්ව විද්‍යාල නරක මොකද ?

:       142       127

naradha Wednesday, 26 April 2017 08:07 PM

බැලු බැල්මට මේ අයගෙන් පාරේ යන එන මහජනයාට හිරිහැරයක් නැහැ. එමනිසා, මේ අයගේ විරෝධතා ව්‍යාපාරය තව අවරුදු 2-3 කලත් අපිටනම් ප්‍රශ්නයක් නැහැ.

:       146       102

mahinda Thursday, 27 April 2017 11:01 AM

මට දුක දැනට ඉගෙන ගන්න උවමනාවෙන් ඉන්න ළමයි ගොඩකට මේ සුළු කට්ටියකට විරුද්ද වෙන්න බැරි නිසා (බලෙන් කරන තල්ලු කිරීම නිසා ) අපරාදේ වයසට යනවා. ඉගෙන ගන්නත් නෑ විභාගත් නෑ. අසරණ වෙලා.

:       18       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 320 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 100 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 788 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site