IMG-LOGO

2025 මැයි මස 14 වන බදාදා


‘සීගිරිය පිටත දිය අගලට අපජලය මුදාහැරෙයි‘

(කාංචන කුමාර ආරියදාස)

මධ්‍යම සංස්කෘතික අරමුදලේ සිගිරියේ  කාර්යාල ආපනශාලාවෙන් හා සේවක නේවාසිකාගාරවලින් ඉවත් කරන  අපජලය සිගිරිය පිටත දිය අගලට හරවා ඇති ආකාරය දැකගැනීමට හැකිය .

පොළොව යටින් වැසිකිළි අසලින් විශාල බටයක් දමා මේ අප ජලය පිටත දිය අගලට හරවා ඇත.
සංචාරකයන් බහුලව මේ ස්ථානයේ ගැවසෙන අතර දෙස් විදෙස් සංචාරකයන් සදහා ප්‍රවේශපත්‍ර නිකුත් කරනු ලබන්නේද මේ ස්ථානයේය .

පිටත දිය අගල දැඩි ලෙස කළු පැහ ගැන්වී දැඩි දුර්ගන්දයක්ද පවතී .මෙහි සේවකයන් පැවසුවේ අපජලය මෙන්ම වැසිකිළි අපජලයද එම බටෙන්ම දිය අගලට මුදා හරින බවය .

එමෙන්ම සිගිරිය නගරය ආසන්නයේ දැඩි අපිරිසිදුකමක් පවතින බවත් හිස් අරක්කු හා බිර බෝතල් බීර ටින් තැන තැන විශාල වශයෙන් දැමීම නිසා සීගිරිය දර්ශනයට අසුන්දරයක් එක්කරන බව දෙස් විදෙස් සංචාරකයෝ පෙන්වා දෙති .

මේ අපජලය මුදාහැරිම පිළිබඳව මධ්‍යම සංස්කෘතික අරමුදලේ සිගිරියේ ව්‍යාපෘති කළමනාකරු එච් .ඩී .මෙත්තානාන්ද මහතාගෙන් හා ආරක්ෂක අංශයෙන් විමසීමේදී පැවසුවේ එවැනි අපජලය හෝ වැසිකිළි ජලය පිටත දිය අගලට මුදා හැරීමක් නොවන බවයි .



අදහස් (10)

‘සීගිරිය පිටත දිය අගලට අපජලය මුදාහැරෙයි‘

A..U.A.de.Silva Sunday, 20 August 2017 03:47 AM

ලෝකල් වැසිකිලිය අපායක්. මුදල් ගන්නවා විතරයි. පත්තර වලින් පෙන්නන, ලෝකයේ තියන ජරාම තැනක් , අපිට ලැජ්ජයි මහා ලොකුවට සිගිරිය ගැන කතා කරනවට. තැනක් යූ ඔබලගේ පත්තරයට.

:       0       134

anu Sunday, 20 August 2017 03:58 AM

ඔය එක එක්කෙනාගෙන් අහන්නේ නැතුව වගකිය යුතු තැන්වලින් හදිසි මෙහෙයුමක් දියත් කලයුතුයි මොකද සමහරු ජරාවකාල ඕවට ඉඩදෙනවා එකෙන් වෙන්නේ සංචාරක කර්මාන්තය බින්දවටෙනවා

:       0       82

rocky Sunday, 20 August 2017 04:09 AM

මෙත්තානන්ද මහත්තයෝ, ඔය පින්තුර ගැන ඔබතුමා කියන්නේ මොනවද? බීර බෝතල් නම් කාශ්‍යප රජ්ජුරුවෝ ඒ කාලේ බීලා විසි කරපුව වෙන්නත් පුළුවනි නේද?

:       1       31

ධම්ම Sunday, 20 August 2017 04:11 AM

සිගිරියේ ව්‍යාපෘති කළමනාකරු පැවසුවේ 'මං දන්නෑ' යනුවෙනි.

:       0       18

Thushara Sunday, 20 August 2017 05:53 AM

මම සේවය කරන්නේ විදේශ රටක.. මගේ ලොක්කා නිවාඩුවට යන්නේ ලංකාවට. සීගිරියට ගිහින් තියනවා.. සීගිරියේ තියෙන වැසිකිළි ගැන කිව්වා. මට ලැජ්ජාවක් හිතුන ඒ ගැන කියන කොට. ලංකාවේ ගොඩක් සුන්දර තැන වලට ගිහින් තියෙනවා.. එ්ත් නිවාඩු ඉවර වෙලා ඇවිත් මට කියනවා... ලංකාව මොන තරම් සුන්දර රටක් ද..? එ්ත් එකේ සුන්දර වටිනාකම ඉන්න අයට පේන්නේ නැහැ. හැමතැනම කුණු දාල පරිසර විනාස කරලා කියලා....

:       0       10

Lapaya Sunday, 20 August 2017 06:18 AM

ප්‍රශ්නය - මොකද මෙතරම් අපිරිසිදු? උත්තරය:- අපි පිරිසිදු වැඩි නිසා. අපේ හොරකම් නැහැ.. ප්‍රශ්නය :- එහෙනම් මේ කුණු වතුර, කලි කසල හැම තැනම නේද? උත්තරය:- එ්ක මම දන්නේ නැහැ. මම කෙරුව වැඩක් නෙමෙයි. මට ඊට වඩා වැඩ තියෙනවා. අපේ කන්තෝරුවේ කට්ටියගේ වැඩක්. කට්ටිය ඉස්සර ඉඳලාම ඔහොම තමයි. එ්කට මම වැරදි කාරයෙක් නෙමෙයි. පුළුවන්නම් පිරිසිදු කරලා දීලා යන්න. මම බලාගෙන ඉන්නම්.

:       0       12

උදය Sunday, 20 August 2017 08:07 AM

අපි කියලා ආයේ අවුරුදු සිය ගාණක් ඉන්නවායැ. තව අවුරුදු කීයද ජිවත් වෙන්නේ? ඒ කාලේ උපරිම පරිභෝජනයෙන් ජිවත් වෙලා, ලෝකේ තියෙන සියලුම සැප සම්පත් භාවිතා කරන්න ඕනෑ. අපෙන් පස්සේ පරම්පරාවව මොකක් කරත් අපිට මොකද? මේක තමයි ලයිෆ් එක

:       0       2

nisantha Sunday, 20 August 2017 08:32 AM

කාටද කියන්නේ? බලධාරියෝ බීරි අලිනේ. සීගිරිය හොරකමින්, දූෂණයෙන්, ජරාවෙන්, ගසාකෑමෙන් පිරිලා. පුළුවන් නම් දේශීය රථගාල ගැන ලියන්න. සංචාරකයන්ට කිසිඳු පහසුකමක් නැත.

:       0       4

naradha Sunday, 20 August 2017 02:27 PM

මෙහි කෙනෙක් "ලෝකල් වැසිකිළිය අපායක්" යැයි සඳහන් කර තිබෙනවා. එය සම්පුර්ණ ඇත්තක්. ඊට එක් හේතුවක් නම්, වැසිකිලි නිරතුරුව පවිත්‍ර නොකිරීමයි. අනිත් හේතුව නම් අපේ බොහෝ "ලෝකල්" අය වැසිකිළියක් හරියාකාරව පාවිච්චි කිරීමට නොදැනීමයි. උදාහරණක් ලෙස, බොහෝ දෙනෙක් මුත්‍රා කරන්නේ වැසිකිලි පොච්චියෙන් පිටතටයි.

:       0       2

sathyayaa Sunday, 20 August 2017 11:02 PM

දැනට වසර 10 කට පමණ උඩදී විදේශ රටක වාසය කරන මාගේ ශ්‍රී ලාංකික මිතුරෙක් හා ඔහුගේ පුතා සීගිරි නැරඹීමට මා සමග එහි ගිය විට ඔවුන් ළඟ ශ්‍රී ලාංකික හැඳුනුම් පත් නොතිබුනා කියා මිතුරාගෙන් හා ඔහුගේ පුතාගෙන් ප්‍රවේශ පත්‍ර සඳහා රුපියල් 5800 ක පමණ මුදලක් ඉල්ලා සිටියා. සීගිරිය වහන්න තව තිබුනේ විනාඩි 15ක් පමණි. ඒ හැරත් රුපියල් වලින් ඒ ප්‍රමාණය නොතිබුන නිසා, ඒ පිය පුතු දෙදෙනා ශ්‍රී ලංකාවේ උපන් දෙදෙනෙක් නිසා ශ්‍රී ලාංකිකයින් සඳහා නිකුත් කරන ප්‍රවේශ පත්‍ර 2ක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටි විට ඒ කාර්ය භාරව සිටි අළු පැහැති නිළ ඇඳුමක් ඇඳ සිටි පුද්ගලයා මාගේ මිතුරාට බැණ වැදුන ආකාරය හිතා ගන්නත් බැරිව ගියා. හරියට හවස 5.00 පසුවී ගේට්ටුව වසන වෙලාවේ වෑන් රථයකින් එහි පැමිණි විනෝදකාමී පිරිසකට කිසිම අය කිරීමකින් තොරව ඇතුළට යන්න ඉඩ දුන් ආකාරය දුටු විට මොනතරම් දුෂණ මේ ස්ථානයේ සිදුවෙනවාද යන්න අප තුළ තහවුරු වුනා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

සේයා රූ

දුම්රිය මගේ සෙල්ෆි ගන්න ගිය මවක දියණියක මරුටය
2024 දෙසැම්බර් මස 22 128 0

රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු


ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6701 25

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6303 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7702 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18384 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1335 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1304 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1551 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 401 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site