ශ්රී ලංකා වරාය අධිකාරියේ 38 වැනි සංවත්සරය නිමිත්තෙන් විශේෂ සැමරුම් උත්සවයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයෙදී අද සවස පැවැත්විණි.
වසර 38 ක සේවා කාලයක් හිමි සේවක සේවිකාවන් දස දෙනෙකුට ජනාධිපතිවරයා අතින් ඇගයුම් සම්මාන ද පිරිනැමිණි.
එහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා පවසා සිටියේ මෙරට කිසිම් බිම් කොටසක් කිසිදු රටකට හෝ විදේශීය සමාගමකට සින්නක්කරව ලබා නොදෙන බවට තමන් පොරොන්දු වෙන බවයි. පසුගිය රජය එසේ සින්නක්කරව ලබා දීමට තීන්දු කර තිබෙන යම් ව්‍යාපෘතීන් පවා තමන් වහාම නතර කළ බව ද ජනාධිපතිවරයා කීවේය.
වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ , නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම ඇතුළු මැති ඇමති වරු ද, මෙරට විවිධ රටවල තානාපතිවරු ද , ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය පරාක්‍රම දිසානායක යන මහතා දමේ අවස්ථාවට එක්ව සිටියහ.
ඡායාරූප රොමේෂ් ධනුෂ්ක සිල්වා
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
වරාය අධිකාරියට අවුරුදු 38යි