IMG-LOGO

2025 ජුලි මස 03 වන බ්‍රහස්පතින්දා


වැඩවර්ජනය හේතුවෙන් ඉන්ධන පිරවුම්හල්වල දිගු පෝලිම්


ඛනිජ තෙල් සංස්ථා සේවකයින් හෙට සිට වැඩ වර්ජනයක නිරත වීමට ගෙන ඇති තීරණය හේතුවෙන් ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම් දක්නට ඇත.

මේ හේතුවෙන් මාර්ග තදබදයන්ද ඇතිවී තිබේ.

ඡායාරූප - ශාන්ත රත්නායක



අදහස් (7)

වැඩවර්ජනය හේතුවෙන් ඉන්ධන පිරවුම්හල්වල දිගු පෝලිම්

Nandalal de Silva - France Sunday, 23 April 2017 09:19 PM

මොකක් හෝ බම්බුවක් අල්ලාගෙන වැඩවර්ජනයක් නැති දවසක් දැන් ශ්‍රී ලංකාවේ තිබෙනවාද ? වැඩ වර්ජන අයිතිය ශ්‍රී ලංකා ව්‍යවස්ථාවේ ලියවී තිබුනත්, දැන් වර්ජන කරන්නේ එක එකාගේ උසි ගැන්වීමට මිස වෙන අවශ්‍ය දෙයකට නොවන බව පසුගිය කාලයේ සිදු වුන දේවල්වලින් පැහැදිලිවම පේනවා. වෘත්තීය සමිති වැඩ සීමා නොකර, රජය මීට වඩා තදින් නොහිටියොත්, යහපාලන රජයේ සංවර්ධන වැඩ කටයුතු වැඩි කල් යාමට පෙර කොට උඩ හිටින්නත් පුළුවන් !!!

:       1045       734

thusharaTuesday, 25 April 2017 07:31 AM

ඔබලවැනි අදහස් ඇති පුද්ගලයන් රටකට වාසනාවන්. රටේ තෙල් ඒකාධිකාරය ඉන්දියාවට ගිය දවසටත් ඔය විදියටම කියන්න.

:       1       241

chamaraWednesday, 26 April 2017 06:02 AM

ප්‍රංශෙට පේන යහපාලන රජයේ සංවර්ධන කටයුතු මොනවද අප්පා ලන්කාවෙ අපිවත් නොදකින?

:       0       35

ධනුෂ්ක Monday, 24 April 2017 03:35 AM

හැමදාම තෙල් ගන්න ගියේ ලංකා ශෙඩ් වලට, ඒත් මේ ස්ට්‍රයික් එකේදී තමයි තේරුනේ අයි.ඕ.සී ත් ඉන්න එකේ වටිනාකම. අයි.ඕ.සී නැත්තං මුලු රටම කොට උඩ.....

:       1141       824

ප්‍රසන්න අත්තනායක Monday, 24 April 2017 06:38 AM

කරුණාකර ප්‍රධාන ප්‍රශ්ණය දෙස බලන්න. වැඩ වර්ජන වලට සේවක සහභාගීත්වය පවතින්නේ පවතින ආන්ඩුවේ හෝ කලමණාකරණයේ අත්තනනෝමතික තීරණ නිසාවෙනි. රටේ සම්පතක් වන තෙල් ටැංකි සංකීර්ණය බන්දේසියේ තබා ඉන්දියාවට දීමට යන්නේ කුමන හේතුවක් නිසාද යන්න මෙම වැඩ වර්ජනයට ප්‍රධාන හේතුවයි. පසුගිය මුලු කාල වකවානුවේම කිසිම මුදලක් අය කර නොගෙන මේ තෙල් ටැංකි අයි ඕ සී එකට දී තිබුන බව පසුගිය දිනක පුවත් පතක තිබෙනවා දුටිමි. ඒ කතාව ඇත්ත නම් මෙච්චර මහජන මුදල් වලින් නඩත්තු කරන ඇමති වරු මන්ත්‍රීවරු සහ නිලධාරීන් කුමක් කරන්නේද යන්න මට නම් පැහැදිලි නැත.

:       97       509

Susil Monday, 24 April 2017 06:52 AM

මේ ඒකාධිකාරය කඩන්න තවත් ලෝකයේ සමාගම්වලට පිරිපහදු පිහිටවන්නත් පිරවුම්හල් අරින්නත් ඉඩ දෙන්න ඕන. නියම සැලසුමකට කලොත් සංස්ථාවටත් වඩා තෙල් ලාබයටත් ගන්න පුලුවන් වෙයි. රජයේ තැන්වල වැඩ කරන්නෙත් නෑ, ඒගොල්ලන්ගෙ අයිතිවාසිකම් ගැන විතරයි බලන්නෙ.

:       93       52

de silva berlin Wednesday, 26 April 2017 08:12 PM

මම දන්නවා මගේ අදහස දැක්කම බොහෝ දෙනෙකු කෝපයට පත්වෙන බව නමුත් සත්‍ය තත්වය IOC නැති වුණා නම් සංස්ථාවේ වෘත්තිය සමිති තව තවත් ඉල්ලීම් ඉල්ලමින් වර්ජන කරනවා , IOC විතරක් නොවේ තව තව දේශීය විදේශීය සමාගම් වලට තෙල් බෙදාහැරීමට අවස්ථාව දෙන්න ඕනේ එතකොට අඩු මිලට තෙල් දෙන්න පුළුවන් වන අතර පාරිභෝගිකයන්ට හොඳ සේවයක් සලසන්න පුළුවන් , යුරෝපයේ සිදුවෙලා තිබෙන්නේ එක , ලංකාව කියන්නේ සමාජවාදී ආර්ථිකයක් තිබෙන රටක් නොවේ , විවෘත ආර්ථිකය අනුව තෙල් වෙළදාමට දෙගොල්ලෙකුට පමණක් ඉඩ දීම වැරදි , රජය සහ දේශපාලකයන් සෑම අංශයකටම ඇගිලි ගැසීමට යාම නිසා මෙහි දියුණුව අඩාල වී ඇත .

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 206 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 705 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 136 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site