(සිතුම් චතුරංග)
යාපනය මහාධිකරණ විනිසුරු මාණික්වාසගර් ඉලංචේලියන් මහතාගේ ආරක්ෂක නිලධාරීන්ට එල්ලකළ වෙඩි ප‍්‍රහාරය හෙළාදකිමින් වවුනියාව සිවිල් සංවිධාන ක‍්‍රියාකාරීන් ඇතුළු පිරිසක් වවුනියාව නගරයේ දී අද (25) විරෝධතා පාගමනක නිරතවූහ.
විරෝධතාකරුවන් පවසා සිටියේ විනිසුරුවරුන්ගේ ආරක්ෂකයින්ට වෙඩිතැබීම තුළින් ඔවුන්ගේ ආරක්ෂාව පිළිබද ගැටළුවක් මතුවී ඇති බවත් රජය මැදිහත්වී විනිසුරුවරුන්ගේ හා නීතීඥයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කරන ලෙසත් ය.
උතුරේ කීර්තිමත් විනිසුරුවරුන් නිහඩ කිරීමට කිසියම් කල්ලියක් ක‍්‍රියාත්මක වන බවත් පොලිසිය මැදිහත්ව සැකකරුවන් නීතිය හමුවට ගෙන ආ යුතු බවත් විරෝධතාකරුවෝ පැවසූහ.
මීට සමගාමීව මන්නාරම , මුලතිව් , කිලිනොච්චිය හා යාපනය දිස්ත‍්‍රික්කවලද සිවිල් සංවිධාන විරෝධතා පැවැත්වීය.
වෙඩි ප‍්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූ පොලිස් සැරයන් සරත් හේමචන්ද්‍ර මහතා වෙත හින්දු චාරිත‍්‍රාණුකූලව ඉටිපහන් දල්වා ආත්ම ශාන්තිය ප‍්‍රාර්ථනාකරණු ලැබීම මෙහිදී විශේෂත්වයක් විය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
යාපන වෙඩි තැබීම හෙළා දකිති
බණ්ඩාර-කැකිරාව Tuesday, 25 July 2017 09:30 AM
මේවා දකිනකොට සංහිදියා කාරයින්ගේ ඇස්වලට කටු අනිනවා වගේ ඇති. මැරුණු කොටින්ට පණ දෙන්නෙත්, උඩගෙඩි දෙන්නේත්, දෙමල අන්තවාදී දේශපාලුවන් මිසක් අහිංසක සිවිල් ජනතාව නොවන බව මේ සිදුවීමෙන් හරි රටේ පාලකයින්ට අවබෝධ වේවා!!!
රිස්වාන් ඩුබායි Tuesday, 25 July 2017 11:13 AM
මෙම දර්ශනය දැකලා ඇහැ අගට කඳුලක් ඉනුවා නම් ඔබත් ජාතිවාදිකම් නැති මනුස්සයෙක්
ලපයා Wednesday, 26 July 2017 03:05 AM
උතුරේ මහා ඇමැතියි, ආණ්ඩුකාරයයි කියන දෙන්නට ඔතනට එන්න බැරි හේතුව සංහිදියාව නිසා වෙන්න ඇති.