IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


යුද හමුදාවට වසර 68 සැපිරිම නිමිත්තෙන් පින්කම්


කේ.ඩී. දේවප්‍රිය සහ එම්.එන් පියරත්න   
ශ්‍රී ලංකා යුද හමුදාවට වසර 68 සපිරීම නිමිත්තෙන් කතරගම පුද බිමේදී විශේෂ ආගමික වතාවත් රැසක් යුදහමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන්  අද දින පැවැත්විණි. යුද හමුදා ධජවෙත සෙත් පැතීම හා කිරිවෙහෙර සෑ රදුන්ට කප්රුක් පූජාවක් ද මෙම පින්කම් මාලාවට ඇතුළත් වේ. කිරිවෙහෙරේ සහ කතරගම දේවාලයේ සංවර්ධනය වෙනුවෙන් රුපියල් ලක්ෂ පහ බැගින් රුපියල් ලක්ෂ 10ක  මුදලක්ද මෙහිදි යුද හමුදාපතිවරයා විසින් පරීත්‍යා කෙරේණි.



අදහස් (3)

යුද හමුදාවට වසර 68 සැපිරිම නිමිත්තෙන් පින්කම්

Raveendra Saturday, 07 October 2017 04:30 PM

68 වන සංවත්සරය සමරන අපගේ වීරෝදාර රණවිරුවන් හට අපගේ ආචාර්ය පුදකරන අතර ලංකා මාතාව රැකගැනීමට තම වටිනා ජීවිත පුජා කල සියලුම වීරෝදාර රණවිරුවන් හට හිස නමා ආචාර කරන්නෙමු. මේ මොහොතේත් අප එකිනෙකාට දොස්පවරමින් අඩදබර කරන්නෙත් ඔබලාගේ ජිවිත පුජා කර ලබා දුන් නිදහස නිසා බව හොඳින් දන්නා කරුණකි. කෙසේවෙතත් " නිවට කාලකන්නි දේශපාලන හිඟන්නන් "දැනටමත් එය අමතක කර ඇත.

:       57       2219

kumar (galf) Sunday, 08 October 2017 05:38 AM

මේ ලක්ෂ ගණන් මුදල් අර අත පය නැතිව කෘතීම අවයවයක් ගන්න සල්ලි නැතිව ඉන්න දුක්විඳින රණවිරුවන්න්ට දුන්නා නම් දෙවියන් වහන්සේ බොහෝ සෙයින් හමුදාවට ආශිර්වාද කරනවා.

:       417       509

ach-cha-ru Sunday, 08 October 2017 06:23 PM

@ රවීන්ද්‍ර සහ කුමාර් කියන දේවල් හරි. මමත් කිරිවෙහෙර කතරගම හිටියා මෙම අවස්ථාව වෙන වෙලාවේ. ඒ වෙලාවේ වදින්න අපු කෙනෙක් මෙන්න මෙහෙම කිව්වා ඔහුගේ බිරිදට "ඔවා ෂෝ වැඩ" කියල. මේ හැම දේකම දෙපැත්තක් තියෙනවා හොද හෝ නරක කියල. එක නිසා සුභ වාදීව සිටිය යුතුය. දේශපාලකයන් මෙන් නිරන්තරයෙන් අසුභ වාදීව සිටීමට සාමාන්‍ය ජනතාව හුරු වුනොත් කිසිදු දියුණුවක් තමන්ට ද රටට ද නොලැබේ.

:       2       126

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1974 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1546 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 541 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site