(ගයාන් සූරියආරච්චි)
පුද්ගලයකුගේ යටි හනුව පසාරුකර ගෙන මුඛයෙන් මතුවූ යකඩ කම්බියක් සාර්ථක සැත්කමකින් පසු ඉවත් කිරීමට හැකිවූ බව හෝමාගම රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ධම්මික වික‍්‍රමසේකර මහතා පැවැසීය.
ඉදිකෙරන ගොඩනැගිල්ලක ඉහළ කොන්ක‍්‍රීට් තට්ටුවක් මතින් බිමට බැසීමට යාමේදී පය ලිස්සා වැටී මෙම අනතුර සිදුවී තිබේ. පසුව අසල්වැසියන් එකතුවී කොන්ක‍්‍රීට් කම්බිය කපා ඉවත්කර ඔහු හෝමාගම රෝහලට රැගෙන එනු ලැබීය.
පැය 1 1/2 ක පමණ ශල්‍යකර්මයකින් අනතුරුව රෝගියාගේ ජීවිතය බේරාගැනීමට හැකිවී තිබේ. රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ධම්මික වික‍්‍රමසේකර මහතාගේ ප‍්‍රධානත්වයෙන් වෛද්‍ය චානක රාජපක්‍ෂ සහ කවින්ද නාගොඩවිතාන ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරීන්ද, නිර්වින්දන වෛද්‍යවරුන් වන වෛද්‍ය ඉමල්කා, වෛද්‍ය බුද්ධි ඇතුළු දිලිනි, අනූෂා යන හෙද නිලධාරිනියන්ගේ සහයෝගය ඇතිව මෙම සැත්කම සිදු කෙරිණි.
මේවන විට ඔහු දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබන අතර සුව අතට පත්වෙමින් සිටින බව විශේෂඥ වෛද්‍ය වික‍්‍රමසේකර මහතා පැවැසීය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
යටි හනුව පසාරුකර ගිය කම්බිය සාර්ථකව ඉවත්කරති
Tissa Tuesday, 10 October 2017 01:35 PM
මෙවැනි ප්‍රවෘත්ති පල කරන විට දොස්තවරුන්ගේ නම් සඳහන් නොකරනවා නම් හොඳයි. එවිට මහනුවර හදවත් සැත්කම අදාළ කිරීම වැනි දේවල් කිරීමට නම සඳහන් නොවුණ දොස්තරවරු පෙළඹෙන්නේ නැත.
අජිත් Tuesday, 10 October 2017 06:08 PM
මේ පුද්ගලයට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවා. දුප්පත් මනුස්සයෙක් විය යුතුයි. ඔහුගේ පවුලේ සැමටත් ඉදිරියේ ඇතිවන ගැටළු වලට සාර්ථකව මුහුණදීමට වාසනා ධෛර්යය ලැබේවා. මොහුගෙ ජීවිතය රැකගැනීමට දායක වුනු සියළු දෙනාට පිං.
sadun Tuesday, 10 October 2017 07:29 PM
දොස්තරලා කුහකයිලු. හැබැයි මැරෙන්න යද්දි දොස්තර මහත්තයෝ මාව බේර ගනියෝ කියල කෑ ගහනවලු. බේරගත්තට පස්සෙ දොස්තර මාව මරන්න හැදුවෝ කියලත් කෑ ගහනවලු. මාර ජාතියක් නේද?
ranjith Tuesday, 10 October 2017 11:57 PM
මෙම බැරෑරුම් සැත්කම කල ප්‍රධානශල්‍ය වෛද්‍ය තුමා ඇතුළු සියලුම වෛද්‍ය වරුන් සහ අනෙකුත් නිලධාරීන්ට අපගේ කෘතවේදී ප්‍රණාමය හිමිවේව!.
mahinda Wednesday, 11 October 2017 06:57 AM
දොස්තරලා බහුතරයක් ඉතා හොඳයි..... ඒ අයගේ නමත් නිකම් කැත වෙනවා අර සුළු දොස්තරලා පිරිසක් දේශපාලනයේ එල්ලිලා තමන්ගේ වාසියට ජනතාවට වධ දෙන නිසා. අර වෛද්‍ය සිසුන් වත් නාස්ති කරනවා.