IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


මහා සංඝරත්නය අපහසුවෙන් සිටියදී ඇමතිවරු සැප පුටුවල



(මාවනැල්ල සමන් විජය බංඩාර)
උත්සවයක් සඳහා පැමිණි ස්වාමීන්වහන්සේ නමක් අපහසු අසුනක අසීරුවෙන් අසුන්ගෙන සිටියදී ඇමතිවරුන් සැප පුටුවල සිටි අකාරය  අද (30) අරණායකදි දැක ගැනිමට හැකි විය. මෙම උත්සවය සංවිධානය කර තිබුණේ නිවාස හා ඉදිකිරිමේ අමාත්‍යංශය මගින් නිවාස ණය ආධාර ලබා දිම වෙනුවෙනි.
උත්සවය සංවිධානය කරන ලද පිරිස් එහි වැඩම කළ මහා සංඝරත්නයට පනවා තිබු ආසන  නිසා උන්වහන්සේලා ඉතා අපහසුවෙන් සිටි අයුරු එහි ගිය ඕනෑම අයකුට පහසුවෙන් දැකගත හැකිවිය. උත්සවය උදෑසන 9.30 ආරම්භ විමට සැලසුම් කර තිබුණත් අමාත්‍යවරයාගේ ප‍්‍රධානත්වයෙන් උත්සවයේ වැඩ කටයුතු ආරම්භ වන විට දහවල් 11.00  පසුවී තිබිණ.
උත්සවය සඳහා මුලින්ම වැඩම කරනලද නායක ස්වාමින් වහන්සේ දෙනමගෙන් එක් ස්වාමින් වහනේසේ නමක් උත්සවය ආරම්භ කිරීමට ප‍්‍රමාද වු නිසා එම ස්ථානයෙන් පිටත්ව ගියහ. උන්වහන්සේලා දෙනමටම අසුන් ගැනීමට පනවා තිබුණේ සාමන්‍යයෙන් හෝටලයක උත්සව අවස්ථාවේ භාවිතා කරන පුටුය. එහෙත්  මැති ඇමැතිවරුන්ට සැප පුටු යොදා සූදානම් කිරීමට සංවිධායක මණ්ඩලය  කටයුතු යොදා තිබිණ.
නිවාස හා ඉදිකිරිමේ අමාත්‍යංශය මගින් නිවාස ණය ආධාර බෙදා දීම වෙනුවෙන් සංවිධානය කරන ලද මෙම උත්සවයේදි ප‍්‍රතිලාභින් 1000 කට රුපියල් ලක්ෂ 1635 නිවාස ණය අධාර ප්‍රදානය කෙරිණ.



අදහස් (13)

මහා සංඝරත්නය අපහසුවෙන් සිටියදී ඇමතිවරු සැප පුටුවල

abaran Sunday, 30 April 2017 07:03 AM

මේ වගේ උත්සවවලට හාමුදුරුවරුත් මොකට වඩිනවද? දන්නේ නෑ ...

:       60       36

kalpa Sunday, 30 April 2017 07:04 AM

නැවත වැඩම කළා වූ ස්වාමීන් වහන්සේට මාගේ ගෞරවනීය නtස්කාරය වේවා !!!

:       139       283

kalpa Sunday, 30 April 2017 07:04 AM

ආපසු වැඩමකළ ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාරය...

:       780       966

ajith Sunday, 30 April 2017 07:25 AM

2004 සිට රට අගාධයට ගිහිල්ල තියෙන්නේ

:       27       193

ලුම්බිණි Sunday, 30 April 2017 07:44 AM

පසුගිය අවුරුදු දහය පහළොව තුල වෙච්ච වෙනසක් තමයි මේක. දේශපාලකයන්, හාමුදුරුවරුන් සමග එකට අසුන් ගැනීම පුරුද්දක් උනා. දැන් තවත් ඉදිරියට ගිහින් හාමුදුරුවරු සුවපහසු නැති අසුන් වලත් දේශපාලකයන් සුවපහසු අසුන් වලත් වාඩි වෙන්න පටන් අරගෙන. තව ටික කලකින් දේශපාලකන්ගේ පුටු වලට සුදු රෙදිත් හාමුදුරුවරුන්ට නිකම් පුටුත් එනවා නොඅනුමානයි.

:       65       158

manavi Sunday, 30 April 2017 08:04 AM

එහෙම තමයි අපේ රටේ.

:       21       10

chaminda Sunday, 30 April 2017 02:15 PM

ඔබ වහන්සේ සාවධානව ඉවසා සන්සුන්ව සිටීමෙන් රටට අවශ්‍ය පණිවිඩය ලබාදී ඇත. බොහොම පින්...

:       22       47

ධම්ම Sunday, 30 April 2017 02:25 PM

ඇමතිතුමා රබර් සෙරෙප්පු දාගෙන ඉන්නේ...

:       14       4

siri Monday, 01 May 2017 07:06 AM

ජනතා මුදලින් නඩත්තුවෙන මෙවන් මහජන නියෝජිතයින්ට ලඟදීම පොළියත් සමග ලැබෙයි. එයාල හිතාගෙන ඇති මේ එයාලගේ වරප්‍රසාද කියල. එතන තමා මෙයාලට වරදින තැන.

:       0       0

suraj Monday, 01 May 2017 07:07 AM

අද දිනය වන විට මෙරට බුද්ධ ශාසනයට දැඩි තර්ජන එල්ල වී ඇත. නමුත් ඒ වෙනුවෙන් හඬ නගන ස්වාමීන් වහන්සේලා ඉතා අල්පය. දේශපාලනයන්ගේ අවශ්‍යතා සදහා හඬ නගන ස්වාමීන් වහන්සේලා ඉටවද බොහොසෙඉන් වැඩිය. බික්ෂූන් වහන්සේලාට හිමිතැන අහිමිඋනේ උන්වහන්සේලගේම ක්‍රියාකලාපයන් නිසාය. සංඝරත්නයට හිමිතැන නැවත ලබාගැනීමටද, හැකිවනුයේද උන්වහන්සේලාටමය. නිකාය භේදයන් හෝ දේශපාලන භේදයන් බුද්ධ පුත්‍රයන්ට අවශ්‍ය නැත.

:       0       0

hemantha Monday, 01 May 2017 07:08 AM

පුටුවේ උස ගැන හිතල විතරයි තියෙන්නේ... ගෞරවය ගැනවත්, උන්වහන්සේලාගේ සුව පහසුව ගැනවත් හිතල නැහැ.

:       0       6

himal Monday, 01 May 2017 08:32 AM

කොහොමද මේ පු‍ටු සැපද නැද්ද කියලා තීරණය කරන්නේ? ගෙදරක තියෙන සාමාන්‍ය ඇඳි පු‍ටු එක්ක කුෂන් කරපු පු‍ටු තියලා තියෙනවා. කිසිම කෙනෙක් අපහසුවෙන් ඉන්න බවක් පේන්න නෑ.

:       0       0

mahinda Monday, 01 May 2017 11:38 AM

වරද පෙන්වාදීම හොඳයි. නැවත නොකරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. සංවිධායිකයින් ආගමික නායකයින්ට ආරාධනා කරනවා නම් ඒ විධියට සැලකිය යුතුයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 163 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 367 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 376 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site