(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
මීරිගම වලව්වත්ත රේන්දපොල ප්‍රදේශයේ අක්කර 25ක පමණ විශාල ඉඩමක අද 15 පස්වරුවේ ඇතිවූ හදිසි ගින්නකින් අක්කර 20 ක පමණ ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම ගිනි ගෙන විනාශ වී ගියේය.
කිසිවකු විසින් මෙම ඉඩමේ පිහිටි මානා කැලෑවට ගිනි තබන්නට ඇතැයි සැක කරන අතර එම ඉඩමට යාව පිහිටි නිවාස ගණනාවක් ගින්නෙන් බේරාගත්තේ අනු නවයෙනි .
අදාල ඉඩමේ මුර මඩුවක සිටි 88 හැවිරිදි වයෝවෘද්ධ කාන්තාවක ඇගේ පුතා ඇතුළු පිරිස් ඔසවාගෙන වෙනත් ප්‍රදේශයකට රැගෙන යාමෙන් ඇගේ ජීවිතය ගලවා ගැනීමට හැකි වී ය.
මෙම ගින්න පැතිරී මේ දී දියුලපිටිය මීරිගම මාර්ගය අයිනේ පිහිටි තාවකාලික වෙළඳසැල්වල තබු බඩ්බාහිරාදිය ඉවත් කිරීමට ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී ඇතුලු ජනතාව පියවරගනු ලැබීය.
පොල්ගස් රැසක කරටි පවා ගිනිගෙන දැවෙනු දැකිය හැකිවිය.රාත්‍රි 7.00 පමන වනවටත් ගින්න පැතිරෙමින් තිබිනි
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
මීරිගම ගින්නකින් අක්කර රැසක් වැනසේ