(රොමේෂ් ධනුෂ්ක සිල්වා )
දේශීය මැණික් කර්මාන්තය වෙනුවෙන් තම ජීවිතය කැප කරන පතල් කැනීම් ශිල්පීන් සහ මැණික් නිර්මාණ ශිල්පීන් සඳහා විශේෂ ජීවිත රක්ෂණාවරණයක් සහ විශ්‍රාම වැටුප් ක්‍රමයක් ලබා දීමේ වැඩසටහනක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී අද (31) පැවැත්විණ.
‘රත්නාභිමානි උපහාර ’ ලෙස මෙය නම් කර තිබූ අතර රත්නපුර දිස්ත්‍රික්කයේ මැණික් කර්මාන්තයේ යෙදෙන තෝරාගත් කිහිපදෙනෙකු වෙත මෙහිදී ජනාධිපතිවරයා විසින් සංකේතවත් ලෙස ජීවිත රක්ෂණාවරණයක් සහ විශ්‍රාම වැටුප් සහතික ලබා දෙන ලදී.
මෙම සංකල්පය හඳුන්වා දුන් රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නියෝජ්‍ය අමාත්‍ය කරූ පරණවිතාන , අමාත්‍ය මහින්ද අමරවීර යන මහත්වරුද මෙම අවස්ථාවට එක්වූහ.
උත්සවය අවසානයේ ජනාධිපතිවරයා සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේම අද ආරම්භ කෙරුණු ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනයද නැරඹීය.






2025 ඔක්තෝබර් මස 08
1974
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1546
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
541
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
මැණික් ශීල්පීන්ටත් රක්ෂණාවරණයක්