IMG-LOGO

2025 ජුලි මස 05 වන සෙනසුරාදා


බෝවන රෝගීන්ගේ රෝහල අසල තවත් ලෙඩක්

(ගයාන් අමරසේකර)
මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටීමත් සමග කොළඹ කුණු බැහැර කිරීමට ස්ථීර ස්ථානයක් නොමැති නිසා මේ වන විට කොළඹ කැලි කසළ තැන්තැන්වල ගොඩ ගැසීඇති අයුරු දැකගත හැකි විය.
බෝවන රෝගීන් වෙනුවෙන් වෙන්කර ඇති අයි.ඩී.එච්. රෝහල අසල මාර්ගයේද කුණු ගොඩ ගැසී තිබේ.   නිවැසියන් ද නිසි කළමනාකාරීත්වයකින් කුණු බැහැර නොකිරීම නිසා එම මාර්ගය අපවිත්‍රවී ඇත්තේ මේ ආකාරයෙනි.



අදහස් (7)

බෝවන රෝගීන්ගේ රෝහල අසල තවත් ලෙඩක්

Pradeep Liyanage Sunday, 23 April 2017 02:26 AM

පවතින ආණ්ඩු වලටම බැන බැන ඉන්නවට වැඩිය මිනිස්සුත් දැනගන්න ඕන විධිමත් ක්‍රමයකට කසල බැහැර කරන්න. බලන්න මෙතන තියන පොලිතින් ගොඩ. අනවශ්‍ය පොලිතීන් ගෙදරට ගේන්න එපා. එහෙම නැත්නම් ගේන එක සීමා කරන්න. දිරා යන දේවල් තම වත්තේම තියාගන්න පුළුවන්. කොන්ක්‍රීට් වැඩපළවල් වල තියනවා කුඩා පරිමාණ කොම්පෝස්ට් සාදාගන්නා භාජන, දිරායන කොටස් ඒකට දාන්න පුළුවන්. ගඳක් එන්නෙත් නෑ. සත්තුන්ට රිංගන්නත් බෑ. ටික කාලෙකට පස්සේ මල් පැලේකට, එළවළු පැලේකට දාන්න පොහොර ටිකත් නිකන්ම ලැබෙනවා. ජනතාව විදියට අපිත් සහයෝගය දෙමු. මේ නගර අලංකරණ ක්‍රියාවට සහ කසල බැහැර කිරීමේ ක්‍රියාවලියට.

:       0       309

sunil wijesena Sunday, 23 April 2017 05:21 AM

මේ කුණු දාන්න කිසිම වැඩකට නැති දියවන්නාවට...

:       30       325

Thushara Sunday, 23 April 2017 08:16 AM

ලංකාවෙන් එතෙර එන්න අපිට ලැජ්ජයි මේවා ගැන... මොකද මෙහෙ අය ලංකාවට යනවා නිවාඩු ගත කරන්න. නිවාඩු ඉවර වෙලා ඇවිල්ලා කියනවා ලංකාව කුණු ගොඩක්ලු... ආයෙනම් යන්නෙ නැහැලු...

:       2       22

menna Sunday, 23 April 2017 01:20 PM

කතාව දෝලාවෙන් ගමන පයින්. ලංකාව තුන්වෙනි ලෝකේ රටක්ම වෙලා ඉන්න වගේ කල්පනාව. ආගමික නැඹුරුව ලංකාවට ලොව මුල්තැනලු. හොඳයි ඉතින් හතර වටේ කුණු දැකල ජිවිතේ එපා වෙනවා, ඊට පස්සේ පන්සලට ගිහිල්ල හිත පිරිසිදු කර ගන්න හදනව. ආගමික නැඹුරුව තේරුම මට තේරෙන්නේ නැහැ.

:       0       2

Iqbal Oman Monday, 24 April 2017 05:28 AM

වෙනත් රටවල කුණුවලින් ප්‍රයෝජනයක් ගන්න වෙලාවේ අපිට ඒක ලොකු ප්‍රශ්නයක් වෙලා. කොයි දේත් පාරට විසිකරලා පුරුදු අපේ අයට මේක අමුතු දෙයක් නොවේ. උගත් සමාජයක් සිටින ලංකාව ගැන කණගාටුයි. අපද්‍රව්‍ය කළමනාකරණය පහසුවෙන් කල හැකි දෙයක්. එය නිවසින්ම ආරම්භ විය යුතුයි. ප්ලාස්ටික් බෝතල්, සිලි බෑග් ආදිය සෑදීම නතර කර හෝ එසේ නොවේනම් ඒවා ප්‍රති චක්‍රීයකරණයට රජය වහා පියවර ගත යුතුයි.මේ හේතුවෙන් සංචාරක කර්මාන්තය කඩාවැටීම නොබෝ දිනක සිදුවිය හැකියි.

:       1       12

ජනිත් පෙරෙරා Monday, 24 April 2017 08:54 AM

මේ පින්තූර පල කිරීම ගැන ලංකාදීප පුවත්පතට කෘතඥ වෙනවා. මම මේ උණ රෝහල අසල ගමේ පුරවැසියෙක් හැටියට මේ පුවතේ සඳහන් වන කුණු බැහැර කිරීම ගැන ඇත්ත තත්ත්වය ප්‍රකාශ කරන්න කැමතියි. මේ පින්තූරේ දකුණු අත පැත්තේ දිගටම තියෙන්නේ ඉස්පිරිතාල ඉඩම. කන්ද උඩ කිසිම නිවසක් නැහැ. ඒ නිසා ඒ පැත්තෙන් කුණු පාරට දැමෙන්නේ නැහැ. වම් අත පැත්තේ තියෙන්නේ ගමේ වැදගත් පවුල් දෙකකට අයිති ඉඩම්. ඒ අයට පාරට කුණු බැහැර කිරීමට අවශ්‍ය නැහැ. කුණු දමා පිච්චීමට වත්තේ උවමනා තරම් ඉඩ තියෙනවා. ඒ පැත්තේ ඉහල හරියේ තියෙන්නේ සහ රජයේ ජල සම්පාදන මණ්ඩලයට අයිති ප්‍රති පොම්පකරන ඒකකය තිබෙන ඉඩම. ඒකෙනුත් කුණු පාරට දාන්නේ නැහැ. එහෙනම් මෙච්චර කුණු කොහෙන්ද? මේ කුණු දාන්නේ උදේ, හවස මේ පාරේ යන වාහන වල අය (මෝටර් සයිකලේ සිට මහ කාර් දක්වා) ගෙදර කුණු බෑග් එක මෙතන විසි කරගෙන යනවා. පාරේ මේ හරියේ ගෙවල් නැති නිසා ඒ අය පොදු කුණු බක්කියක් ලෙස මෙම පරිසරය විනාශ කරනවා. ඔබට කැමරාවක් සවි කර තැබිය හැකි නම් මේ වෙන දේ පටි ගත කර ගත හැකි බව කීමට කැමතියි.

:       0       107

ravi Tuesday, 25 April 2017 05:18 AM

රටට ගිය කල

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 46 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 424 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 865 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site