(රංජන් කස්තුරි)
මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් සිසුන් ජනප්‍රිය පාසල්වලට ඇතුළත් කර ගැනීමේදී ඉහළ කඩඉම් ලකුණු ප්‍රකාශයට පත් කිරීම නිසා අසාධාරණයක් සිදු වු බව කියමින් එම සිසුහු හා මවුපියෝ පිරිසක් අද කොළඹදී විරෝධතාවක් නිරත වූහ.
පාසල් සුරැකීමේ ජනතාව ව්‍යාපාරය සංවිධානය කළ එම විරෝධතාවය කොළඹ විහාරමහාදේවි උද්‍යානය අසලින් ආරම්භ වූ අතර විරෝධතාකරුවෝ පා ගමින්න් අග්‍රාමත්‍ය කාර්යාලය දක්වා ගමන්ගත්හ.
විරෝධතාකරුවන් අග්‍රාමාත්‍ය කාර්යාලය අසලට පැමිණි අවස්ථාවේ පොලිසිය විසින් සිසුහු හා මවුපියෝ ජීප් රථයක නංවාගෙන සාකච්ඡාවක් සඳහා අග්‍රාමාත්‍ය කාර්යාලයට රැගෙන යනු ලැබූහ.
(ගයාන් අමරසේකර)





COMMENTS
හැම ඉස්කෝලෙම නම ඉවත්කර පොදු නමක් දුන්නා නම් මෙහෙම වෙන්නේ නැහැ. විශේෂයෙන්ම ඉස්කෝලේ නම හින්දා තමයි මේ අධික තරගයක් තියෙන්නේ. එසේ නොහැකි නම් සහතිකවල පාසලේ නම සඳහන් කිරීමකින් තොරව පොදුවේ සහතික නිකුත් කරා නම් මේ අනවශ්‍ය ප්‍රශ්න ඔක්කොම ඉවරයි.
අධ්‍යාපන ඇමැති කෝ?
ඔය කොයි මාමලාටත් කිරි එරෙන්නේ ඡන්දෙ කාලෙට විතරයි දරුවනේ. පොඩි එවුන්ව වඩාගෙන හුරතල් කර කර ඉන්න දැන්... ඒ ලොකු මාමලාට වෙලාවක් නැහැ. මේ දවස්වල වැඩිය දඟලන්න ආවොත් කන පලාගන්න තමයි සිද්ද වෙන්නේ. ඔය පොලිස් මාමලා වුණත්, ඔයාලට ලොකුවට පෙනුණාට, ඒ ලොකු මාමලා ඉස්සරහ එයාලත්, ඔයාලා වගේම පොඩි දරුවන් වගේම තමයි හැසිරෙන්නේ....
මේ පුංචි මල් කැකුළු වලට පුවරු එසවීමේ තත්වයකට පත් කිරීම උසස් නිළධාරීන් කළ ලොකු වරදක්.
අවසානයේ අපට දේශපාලකයන් විසින් රටට දායාද කලේ, පාසැලේ එක වසරෙ සිට උපාධිය දක්වාත්, උපාධියේ සිට රැකියාව දක්වාත්, රැකියාවේ සිට මිනීවල දක්වාත් උද්ඝෝෂණය කරමින් පුරවැසියාගේ අයිතිය වෙනුවෙන් මහපාරේ ඇවිදීමින් සටන් කිරීම මිස, පුරවැසියන්ලෙස උපතින් ලැබු උරුම වූ දෙයක් නොමැත, සැබැවින්ම මේ ගෙවුන අවුරුදු 74 ක දේශපාලන රටාව අප සමාජයෙන් අගුගා දැමිය යුතු කාලය නොවේද, ඔබ අද දින මෙය සැලකිල්ලට නොගන්නේ නම්, ඔබෙ දරුවාගේ දරුවන්ටද, අප අද මුහුණදෙන මේ ගැටලුව නොවිසදෙනු ඇත,
පොඩි කාලේ ඉඳලා ළමයිව ෆෝම් කරනවා උද්ගෝෂණ කරන්න. මේ ළමයි ලොකු වෙලා එපා කරපු උන් වෙනවා.
මාමේ නෙවෙයි පුතේ සීයලාට අයියේ කියන්න...
මේ වසරේ ලකුණු 168 ක් ගත්ත ලමයත් අසමත් පාසලක් නැහැ