IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


පරිසරය පූජනීයයි වැඩසටහනට ජනපතිම මූලිකත්වය ගනී

මහනුවර දළදා මාළිගා පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර වෙසක් උත්සවය වෙනුවෙන් සංවිධානය කෙරුණු ‘පරිසරය පූජනීයයි‘ වැඩසටහන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද(02) ආරම්භ කෙරිණ. 

අනතුරුව සඳුදා(01)  ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි රැලිය පැවැත්වුණු මහනුවර ගැටඹේ කී‍්‍රඩාංගණය වෙත පැමිණි ජනාධිපතිවරයා ඇතුළු පිරිස එම ක්‍රීඩංගණය පවිත්‍ර කළහ.  

ශ්‍රී‍්‍ර දළදා මාළිගාවට පැමිණෙන බැතිමතුන්ට දැත් සේදීම සඳහා පිරිසිදු කිරීමේ උපකරණ දෙකක් දියවඩන නිළමේ ප‍්‍රදීප් නිලංග දෑල මහතා වෙත ජනපතිවරයා ප්‍රදානය කළේය.

අමාත්‍යවරුන්වන මහින්ද අමරවීර, එස්.බී. දිසානායක, නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න,මධ්‍යම පළාත් ආණඩුකාර නිලූකා ඒකනායක යන මහත්ම මහත්මීන් ද මෙම අවස්ථාවට එක්වූහ.

(ඡායාරූප-ජනාධිපති මාධ්‍ය අංශය)

(ඡායාරූප-මොහොමඩ් ආසික්)

 

(ඡායාරූප-චමිල් රූපසිංහ)



අදහස් (8)

පරිසරය පූජනීයයි වැඩසටහනට ජනපතිම මූලිකත්වය ගනී

daham Tuesday, 02 May 2017 12:41 PM

අනේ මෙහෙමත් සෝබන වැඩ. මෙයා දැන් අවුරුදු 2ක් ජනාධිපති සහ පරිසරය භාර ඇමති. මේ කාලය ඇතුලත රටේ පරිසරයට වෙලා තියෙන දේ මයා පත්තරේන්වත් දැකල නැහැ.

:       10       76

ධම්ම Tuesday, 02 May 2017 12:55 PM

ළමයි වැඩට. දේශපාලකයෝ ෆොටෝ එකට.

:       8       16

sugath Tuesday, 02 May 2017 10:44 PM

රටට විහිළුවක් වෙන්න එපා ජනාධිපතිතුමනි . මුතුරාජවෙලට කසල දැමීම, විල්පත්තු වන විනාශය නැවත්වීම, මේවයි කරන්න ඕනේ.

:       14       20

saman Wednesday, 03 May 2017 03:59 AM

අනිත් අයටත් ආදර්ශයක් විදිහට ජනාධිපති වරයකු මෙවැනි දෙයක් කිරීම හොඳයි. නමුත් ඔබතුමාගේ මුලික වගකීම වන්නේ පරිසරය රැකගැනීම පිළිබඳව ජාතික මට්ටමේ රටට දැනෙන කෙටිකාලින සහ දීර්ඝ කාලින වැඩපිළිවලක්.

:       2       50

susantha Wednesday, 03 May 2017 07:45 AM

සෝභන වැඩ විතරයි. ‘පරිසරය පූජනීයයි‘ වැඩසටහන අර ඇමතිතුමාට අදාළ නොවේද?

:       1       5

lal Wednesday, 03 May 2017 08:01 AM

මගේ දෙවියනේ !!. මොකද මේ? පාසල් ළමුන් සහභාගි කරගෙන හිටපු උසස් අධ්‍යාපන ඇමතිතුමනි.... තමන්ගේ පාසැල, පන්සල සහ රෝහලක් නම් සාදාරණයි. එත් මේ දේශපාලන රැස්වීමක් තියපු පිට්ටනියක් සුද්දකරන්න යොදාගෙන පාසල් ළමුන්?. සංවිධායක මහත්වරුනි, ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති කඩන්න එපා... ජනාධිපතිතුමා ඉදිරිපසදීම.. එතුමා දිවුරුම් දෙන දවසේ කීවේ පාසල් ළමුන් මෙවැනි අය සහභාගි කරවීම තහනම් කරනවා කියලා...

:       0       2

duminda Wednesday, 03 May 2017 08:38 AM

යහපත් ආදර්ශයක්, අපි මග හරින මේ වගේ පුංචි දේවල් නිසා තමයි මීතොටමුල්ල, කොළොන්නාව හැදිලා තියෙන්නේ ... මෙතන අදහස් දක්වන සමහරක් ගේ පරිසර දැනුම හරි ඉහළයි ....

:       14       12

sisira Wednesday, 03 May 2017 11:36 AM

රටට් ආදරය ඇති නායකයෙක්.. නම් මෙවැනි දසුනක් ඇසට රසඳුනකි. එහෙත් මේ බොරු සෝබන පරිසරය ගැන මහා පුරසාරම් දොඩවන ඉන්ද්‍රජාලික නායකයන් අහිංසක මිනිසුන් රවටමින් ජයරුපවලින් පරිසරය රැකීම, දැකීම ගැන අපිට ඇත්තේ මහත් අප්‍රසාදයකි පිළිකුලකි. මෙයා මීතොටමුල්ල කුණුකන්ද අසල අහලගම් හතකවත් ඉන්නවා දැක්කද?

:       20       19

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 163 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 367 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 376 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site