IMG-LOGO

2025 ජුලි මස 03 වන බ්‍රහස්පතින්දා


පාදුක්ක රෝහලේ වෛද්‍යවරු වැඩ

(බුද්ධික කුමාරසිරි)

මාලඹේ විද්‍යාලය ජනසතු කිරිම හේතුවෙන් අද (5) පැවැත්වෙන වැඩවර්ජනයට සහභාගී  නොවී පාදුක්ක දිස්ත්‍රික් රෝහලේ වෛද්‍යවරු අද (5) බාහිර රෝගීන් සඳහා ප්‍රතිකාර සිදු කරති.

රෝහලේ සේවය කරන ද්‍යෛවරු 10 දෙනාගෙන් හය දෙනෙකු සේවයට වාර්තා කර ඇත.



අදහස් (29)

පාදුක්ක රෝහලේ වෛද්‍යවරු වැඩ

අසංග Friday, 05 May 2017 06:11 AM

නියම වෛද්‍යවරු. සැමගේ ගෞරව ප්‍රණාමය !!!

:       387       650

Ruwan Friday, 05 May 2017 06:18 AM

රටට ණය නැති පුතුන් සිටීම අපට ආඩම්බරයකි. ඔබට ජය!!!

:       346       524

lanka Friday, 05 May 2017 06:34 AM

මෙන්න නියම හදවත් ඇති වෛද්‍යවරු. ඔබලාට අපගේ ආචාරය. ඔබලාගේ සියලු පැතුම් ඉටුවේවා.!!!

:       457       511

සුසිල් රත්නසිරී Friday, 05 May 2017 07:14 AM

අසරණ රෝගින් වෙනුවෙන් සේවයට පැමිණි උතුම් වෛද්‍යවරුන්ට බුදු සරණයි, ජේසු පිහිටයි, සර්වබලධාරී අල්හා දේව පිහිටයි. ඔබේ පවුල්වල දූ දරුවන් ඇතුළු සියළු දෙනාට යහපතක්ම වේවා !!!

:       846       478

රාජුන් Friday, 05 May 2017 07:40 AM

ජයවේවා!!! අනුන්ගේ දුක තේරෙන සැබෑ මිනිසුන්....වචනයේ පරිසමාප්තයෙන්ම වෛද්‍යවරුන් වෛද්‍යවරියන්....

:       8       64

pansilu Friday, 05 May 2017 07:45 AM

අන්න සැබෑ දොස්තරලා ඒගොල්ලෝ තමයි .....

:       5       40

chandana Friday, 05 May 2017 08:33 AM

මගේ ප්‍රණාමය ඔබ සැමටම !!!

:       5       22

ananda Friday, 05 May 2017 08:41 AM

පාදුක්ක රෝහලේ වෛද්‍යවරුන්ට ප්‍රණාමය !!!

:       5       14

kasun Friday, 05 May 2017 09:33 AM

මේ උතුම් ක්‍රියාවට විරුද්ධව කමෙන්ට්ස් දාල තියෙන්නේ GMOA පිරිස වෙන්න ඇති. අද වැඩ කල ඔබ සැමට ජාතියේ ප්‍රණාමය!

:       5       77

sana Friday, 05 May 2017 09:36 AM

ඔබ සියලු දෙනා රටට අභිමානයක්...

:       5       48

karunarathna gampola Friday, 05 May 2017 10:52 AM

වෙසක් සඳ නැගෙද්දී "දෙව්දත්" පරම්පරාවේ වෙදදුරෝ කරගන්නාවූ අකුසලයක මහත. ගෞතම බුදුන්වහන්සේ දේශනා කලේ ගිලානුපස්ථානය යමෙක් කළේද?, ඒ මටකරනලද උවටනක් බවයි. එවැනි අය "පාදුක්ක" රෝහල් කාර්යමණ්ඩලය ට ඇතුලත්වීමම ජාතියේ වාසනාවක්. ඔබසැම නිදුක්වේවා! නීරෝගිවේවා!! සුවපත්වේවා!!!.......

:       4       38

duminda Friday, 05 May 2017 11:21 AM

රටට ණය නැති සැබෑ දොස්තරලා

:       1       34

shiranthi Friday, 05 May 2017 12:49 PM

වැඩ වර්ජනය කරන අයට වැටුප් නොදිය යුතුයි. නොපැමිණෙන අයව සේවයෙන් ඉවත් කල යුතුයි..

:       4       20

Anusha Friday, 05 May 2017 12:57 PM

මේ දොස්තරලා නොවේ. ආර්.එම්.ඕ. ලනේ...

:       31       2

dlpdilshan Friday, 05 May 2017 01:59 PM

සැබවින්ම කම්පා විය යුත්තේ අපය. මන්දයත් පුද්ගලික වෛද්‍ය විද්‍යාලවලින් බිහි වන්නන්ගෙන් ප්‍රතිකාරගත යුත්තේ අපම බැවිනි. මහා මගට බැසිය යුත්තෝ අපි වෙමු. මෙය තේරුම් නොගන්නා බහුතරය ගැන කණගාටු වෙමි. සිංහලයා කෙසේ වෙතත් ආර්මර්ථකාමීය... දන්සල් දුන් පමණින් එසේ නොවෙයි කිව නොහැක.

:       155       13

chandanaFriday, 05 May 2017 03:48 PM

පුද්ගලික වෛද්‍යවිද්‍යාල වලින් බිහිවන්නන්ගේ ප්‍රතිකාරවල හොඳ නරක දැන ගැනීමට නම් ඔවුන්ට ප්‍රතිකාර කිරීමට ඉඩ ලැබිය යුතුය. ඔවුන්ට වෛද්‍යවරුන් වීමටවත් ඉඩ නොදී ඔවුන්ගේ ප්‍රතිකාරවල හොඳ නරක ගැන පේන කීමට කිසිවෙකුට බැරිය. මෙතෙක් කල් වම් කකුල වෙනුවට දකුණු කකුල කැපුවේ රජයේ විශ්වවිද්‍යාලවලින් බිහිවූ වෛද්‍යවරුන් මිසක් මොවුන් නොවේ. ඔවුන්ට උගන්වන්නේ රජයේ විශ්වවිද්‍යාලවල සිසුන්ට උගන්වන ආචාර්යවරුන් නම්, ඔවුන්ට උසස් පෙළ අවම සුදුසුකම් තිබේනම්, ඔවුන්ට රජයේ විශ්වවිද්‍යාලවල සිසුන්ට මෙන් සායනික පුහුණුව ලැබේ නම්, ඔවුන්ගේ ප්‍රතිකාර පමණක් හොඳ නැතිවී රජයේ විශ්වවිද්‍යාලවල සිසුන්ගේ ප්‍රතිකාර පමණක් හොඳ යයි කීම විහිළුවකට කරුණකි. මෙතන ඇත්තේ අප ගැන ඇති අනුකම්පාවකට වඩා තමන්ගේ තලයට වෙන එකෙකු පැමිණීමෙන් තමන්ගේ කුට්ටිය අඩුවේ යයි ඇති ඉරිසියාව පමණකි.

:       6       122

SusilSaturday, 06 May 2017 02:57 AM

චන්දන ඔබගේ අදහස්වලට ප්‍රණාමය !

:       1       10

ධම්ම Friday, 05 May 2017 04:28 PM

වෛද්‍යවරු හතරදෙනා ස්ට්‍රයික්. ආර්එම්ඕ ලා හය දෙනා වැඩ.

:       3       4

Udaya Munasinghe Friday, 05 May 2017 07:11 PM

මෙය ඉතා හොඳ කාර්යයක්... මගේ ආචාරය !!!

:       0       1

athula Friday, 05 May 2017 07:46 PM

දොස්තරලා ට කලින් මේ සයිටම් ශිෂයෝ කොතරම් දුක්විඳිනවද? එදා ජේ.ආර්. කියන පුද්ගලයා රාගම විද්‍යා පීටය පටන් ගත්තේ පුද්ගලික වෛද්‍ය විද්‍යාලයක් විදිහට..එහෙත් අද නොමිලේ බෙහෙත් ගන්නේ කවුද ? රටේ ජනතාව නොවේද ? ඒවා රැකුණේ ඔය අද බනින අය නිසා නොවේ. එහි බැරෑරුම් කම තියෙන්නේ අනාගතයටයි කියල කලින් තේරුම් ගත්තු අයට පමණයි. යමක් කරනකොට දුක් විදින්න වෙනවා. ඔය දොස්තරලා උනත් ඕක කරන්නේ කැමැත්තෙන් නොවේ. නමුත් ආණ්ඩුවට කොතරම් සාමකාමීව කිව්වත් ඒ අය ගණන්ගන්නේ නැහැ.

:       0       19

roshan Saturday, 06 May 2017 01:30 AM

කුහකකම ඉස්මතුවී ඇත. එය සිංහලකමය.......ලංකාවේ රජයේ වෛද්‍ය විද්‍යාලවලින් 3 ක් සයිටම් වලට ළංවන්නවත් බැරිය. කලින් තිබුණු පුද්ගලික වෛද්‍ය විද්‍යාලයෙන් බිහිවූ මැණික් දැක මොවුන් බියවී ඇත.

:       1       1

සත්‍යය Saturday, 06 May 2017 03:24 AM

ඒ කියන්නේ GMOA වෛද්‍යවරුන්ට වඩා RMO ලා රටට ආදරය කරන මානුෂීය ආකල්ප වලින් පරිපූර්ණ වූ අය බවද?

:       1       6

gamini Saturday, 06 May 2017 04:06 AM

මේ වෛද්‍යවරුන්ට අපේ ප්‍රණාමය. වර්ජකයින් භංගවේවා !!

:       1       0

නිහාල් Saturday, 06 May 2017 04:30 AM

අර යුක්‍රේනයේ වුණා වගේ වෛද්‍යවරුන්ගේ සංගමේ ඉන්න අයව ඉවතට දාන්න ජනතාව පෙළ ගැසිය යුතුයි. හැමෝම මේකට එක්වන්න.

:       1       9

manoj Saturday, 06 May 2017 07:00 AM

ඒ වෛද්‍යවරු පාදුක්කේ බෙහෙත් දෙන්න එයිද? උඩ දාගෙන මහා ලොකුවට කමෙන්ට් එක නම් දානවා..

:       1       0

kumar (galf) Saturday, 06 May 2017 09:22 AM

මේ වෙදදුරන්ට ජේසු සමිඳුගේ ආශිර්වාදය පතමි.

:       1       35

jayasinghe jas Saturday, 06 May 2017 09:59 AM

මෙන්න නියම හදවත් ඇති වෛද්‍යවරු. ඔබලාට අපගේ ආචාරය. ඔබලාගේ සියලු පැතුම් ඉටුවේවා.!!!

:       1       0

Jaya Abeysinghe Sunday, 07 May 2017 02:26 AM

එකම කාමරයක රෝගීන් දෙදෙනෙකු බැලීම රෝගියාගේ පෞද්ගලිකත්ව වරප්‍රසාද කඩා හෙලීමක්. ඉබ්බෝ දමපු කාමර කඩා දමලා ඒ තත්වය රකින එක බලධාරීන්ගේ වගකීමක්... ජයේ ....

:       0       2

Shan Sunday, 07 May 2017 08:01 AM

මිනිස්සු රජයක් පත්කරන්නේ ජනතාවගේ සේවය ආරක්ෂා කරන්නයි. දැන් වත් GMOA මාෆියා ට විරුද්ධව කටයුතු කරන්න. නැත්නම් හොර දොස්තරලාට ජනතාව පාඩමක් උගන්නාවි....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 242 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 738 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 140 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site