IMG-LOGO

2025 ජුලි මස 03 වන බ්‍රහස්පතින්දා


නුවර වැව ආශ්‍රිත සක්මන් මළුව ජනතා අයිතියට

අනුරාධපුර නුවර වැව ආශ්‍රිතව ඉදිකරන ලද සක්මන් මඑව සහ උද්‍යානය ජනපති අතින් ජනතා අයිතියට  ....

ඓතිහාසික අනුරාධපුර නුවර වැව ආශ්‍රිතව ඉදිකරන ලද සක්මන් මඑව සහ උද්‍යානය  අද (06) පෙරවරුවේ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ජනතා අයිතියට පත්කෙරිණි.

රජරට ජනතාවගේ සුවසෙත, හා විවේක සුවය උදෙසා රාජ්‍ය සහ පළාත් සහා අරමුදල් මගින් උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය පේශල ජයරත්න බණ්ඩාර මහතාගේ සංකල්පයකට අනුව මෙම උද්‍යානය ඉදිකර තිබේ.

පළාත් ප්‍රධාන අමාත්‍යවරුන්ගේ සමුථවට සහභාගීවීමට අනුරාධපුරයට ගොස් සිටි ජනාධිපතිතුමා මෙම අවස්ථාව සදහා ද එක් වූ අතර පළාතේ මැති ඇමතිවරු පිරිසක් ද මීට එක්ව සිටියහ.

 

 

( ඡායාරූප : - ජනාධිපති මාධ්‍ය අංශය )

 



අදහස් (16)

නුවර වැව ආශ්‍රිත සක්මන් මළුව ජනතා අයිතියට

arschfikaa Saturday, 06 May 2017 12:19 PM

ඔය පොළොන්නරුවේ ගමරාලට දෙන ජෝගින්ස් කිට්, ටෙනිස් සපත්තු එහෙම දාල මොඩ්වෙලා වගේ පෙන්නේ...

:       368       441

maheeSaturday, 06 May 2017 01:29 PM

සපත්තු දිහා නෙමෙයි.... වැඩේ දිහා බලන්න. කුහක කමින් මිදෙන්න උත්සාහ කරන්න.

:       201       153

ruchira Saturday, 06 May 2017 12:34 PM

ජනාධිපතිතුමාගේ සපත්තු දෙක නයික්නේ,... රුපියල් එකසිය පනහක් විතර ඇතිනේ, සරලයිනේ, ළමයින්ගේ සපත්තු කැන්වස්නේ, එව්වා හරි ගණන්නේ..!

:       345       1461

සිරි Sunday, 07 May 2017 06:52 AM

මේවට තමයි කියන්නෙ හඳ පෙන්නුවහම අත දිහා බලනව වගේ කියල. ප්‍රවෘත්තියක කියන අදහස තේරුම් ගන්නවත් බැරි, හොඳ දෙයක් අගය කරන්න දන්නෙ නැති, අනුන්ගෙ ඇද කුද සොයන තරමට අපේ රටේ මිනිස්සු පහතට වැටිලා.

:       260       113

rohan Saturday, 06 May 2017 01:12 PM

අපේ රටේ මිනිසුන් අද මොනතරම් පිරිහිලාද රටේ ජනාධිපතිතුමාටවත් ගරුකරන්න දන්නේ නැහැ. හරිම කණගාටුවක් දැනෙනවා අනාගත පරපුර ගැන... දෙමව්පියන්, වැඩිහිටියන් මේ කිසිම කෙනෙකුට දැන් කාලේ ගරු කරන්නේ නැහැ... ඉතින් රට කොහොමද හැදෙන්නේ විනයක් නැති රටක්.

:       47       66

lalith Saturday, 06 May 2017 02:35 PM

මේක මට නම් ටිකක් අපබ්බ්‍රම්සයි. මිනිස්සු සතුව තිබුණු දෙයක් කවුරු හරි අයිති කරගෙන ආපසු ජනතාවට දුන්න ද? නැතිනම් පුද්ගලික බූදලයක් තමන්ගේ පුද්ගලික ධන පරිත්‍යාගයෙන් වැඩි දියුණු කරලා ජනතාවට දුන්නද?

:       2       111

samSunday, 07 May 2017 03:39 AM

ලලිත්...., ලිපියේ හෙඩිම හොඳින් දෙතුන්වරක් අකුරෙන් අකුර කියවා බලන්න. දුන්නේ කාටද කියන එක පැහැදිලි වේවි !

:       24       1

lalith Monday, 08 May 2017 01:07 AM

හොඳට කියෙව්වා. භුමිය රජය සතු වෙන්නට ඇති. එකියන්නේ ජනතාව සතුව තිබුණු දෙයක්. මොකද? එලිසබෙත් මහාරැජිනට අයිතිව තිබුණු කාලේ ඉවරයිනේ. ඒ වගේම ජනතාව විසින් එම කටයුත්ත සඳහා තෝරගත්තු, ඒ වෙනුවෙන් ජනතාවගේ මුදලින් වැටුප් ලබන, ජනතා මුදලින් පරම්පරාවම යැපෙන කෙනෙකුට තමයි අයිති... ඒ සංකල්පනාව වෙනුවෙන් වියදම් කරලා තියෙන්නෙත් ජනතා බදු මුදලින් ලැබෙන අදායමෙන් මුදල් යොදවලා. එ්ක විවෘත කරන උත්සවයට වියදම් කරලා තියෙන්නෙත් ජනතා මුදල්මයි. ඒ වගේම විවෘත කල කෙනාත් ජනතා මුදලින් වැටුප් ගන්න, එතුමා කියන විදියට නම් ජනතාවගේ සේවකයෙක්... ඉතින් අහවල් දෙයක්ද ජනතා අයිතියට පවරන්න තියෙන්නේ.... ? හරියට මගේ ඉඩම මම ණයට අරන් මගෙන් පඩිගන්න ගෘහනිර්මාණ ශිල්පියෙකුගේ සංකල්පනාවට අනුව ප්ලැන් එකක් අන්දලා, මගේ ණයමුදලින්ම බාස්ල දාලා ගේ හැදුවට පස්සේ බැංකුවේ මැනේජර් ඇවිත් මගේම ණය මුදලෙන් වියදම් අරගෙන උත්සවයක් තියලා මට යතුර බාරදීලා අයිතිය පවරනවා කියල පොටෝ එක පත්තරේ දමාගෙන ගියා වගේ වැඩක්නෙ... මැනේජර් නම් අඩු තරමේ තමන්ගේ මාස් පඩියවත් බැංකුවෙන් ගන්නවා.

:       0       19

kalpa Sunday, 07 May 2017 12:28 AM

මට දුකකුත් සතුටකුත් ඇතිවුණා. මොකද කියනවා නම් අපේ ගමට එන පාර හදලා නැහැ. නමුත් එම පාර ළඟම ගෙවල් තුනකට යන අතුරු පාරක් රජයේ මුදලින් හදල නිසා මට සතුට ඇතිවුණේ... සමහර ප්‍රදේශවල ජනතාවට ව්‍යායාම කරන්නත් මංතීරු හදපු නිසා...

:       0       24

upali Sunday, 07 May 2017 04:00 AM

මට මතක විදිහට මේක ගෝඨා මහත්තයාගේ සංකල්පයක්නේ...වැරදිනම් නිවැරදි කරන්න...

:       1       186

Kumar Sunday, 07 May 2017 05:44 AM

මේ මනුස්සයා කරන අලුත් මගුලක් නැ...මුසාබස් කියකියා රට වටේ ලෝකේ වටේ යනවා විතරයි...මේ වැඩ නිසා සිංහලයා හැමතැනම බොරුකාරයෝ වෙනවා...රට, ජාතිය විනාස වෙනකම්ම කරයි...

:       1       676

suranga, ratgama Sunday, 07 May 2017 06:27 AM

සරල ජනපතිතුමා නයික් සපත්තු දානවා දැකල මම බය උනා. දැන් ඒවා හරි ලාභද?

:       1       221

විකුම් Sunday, 07 May 2017 10:34 AM

මෙය යහපාලන රජයෙන් පටන්ගත් බොහෝ රැකියා උත්පාදනය වෙන ව්‍යාපෘතියකි.

:       1       72

sisira Sunday, 07 May 2017 01:10 PM

පොළොන්නරුවේ මහා ගොවියා මොඩ් වෙලා. තව ටික දවසකින් අර ඊ එල් සේනානායක වගේ නයික් සපත්තු දෙක දාගෙන හාන්න කුඹුරකටත් බහීවි. ඡායාරුපවලින් යහපාලන සෝභන පෙන්නන කවට අන්දරේ කෙනෙක්..

:       0       153

imesh Monday, 08 May 2017 01:38 AM

මේවා හැදුවා වගේ නෙමෙයි කව්ද නඩත්තු කරන්නේ? නඩත්තු කරන්න සල්ලි සහ පිරිස වෙන් කරලද තියෙන්නේ. ලංකාවේ හැමදාම හදනවා නමුත් නඩත්තුවක් නම් පේන්න නැහැ.

:       0       0

Ranga Tuesday, 09 May 2017 10:22 AM

කණගාටු වුණත් කියන්න වෙනවා. අපි ඉන්න එංගලන්තේ ඔය වගේ සිය ගුණයක් ලොකු දෙයක් හදල මිනිස්සුන්ට පාවිච්චියට දුන්නට කිසිම ප්‍රචාරණයක් නැහැ. එ්කත් සාමාන්‍ය දෙයක්. මොකද මේ රටේ මිනිස්සු බදු ගෙව්වම ඒවා ආණ්ඩුවෙන් බලාපොරොත්තු වෙන දේවල්. මම හිතන්නේ මේ ජනාධිපතිතුමා ඔතනට එන්න යන වියදම අනවශ්‍ය වියදමක්. දියුණුවෙනවා කියන්න ඔය වගේ පටු දේවල් මිනිස්සුන්ගෙන් සහ දේශපාලකයන්ගෙන් ඈත් කරන එක. එතකොට නිකම්ම රට මිනිස්සු කැමති දේ සිද්ද වෙන හොඳ තැනක් වෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 212 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 714 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 136 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site