IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


නුවරඑළිය ශ‍්‍රී සුමනාරාම විහාරස්ථානයේ ධර්ම ශාලාව කඩාදමයි

(ෂෙල්ටන් හෙට්ටිආරච්චි )
නුවරඑළිය මහගස්තොට ශ‍්‍රී සුමනාරාම විහාරස්ථානයේ ධර්ම ශාලාව කිසියම් පිරිසක් විසින් කඩා දමා ඇතැයි එහි විහාරාධිපති ධම්මින්ද හිමියෝ අද (24) නුවරඑළිය පොලිසියට පැමිණිලි කළහ.

එම විහාරස්ථානය ආරක්‍ෂා කර දෙන ලෙස ඉල්ලා ප්‍රදේශවාසීහු ග්‍රෙගරි වැව පාලම අසලදී සාමකාමී උද්ඝෝෂණයක් කළහ.  

එම විහාරස්ථානයේ සංඝාවාස‍ය හා ධර්ම ශාලාව පිහිටා ඇති ඉඩම් කොටසට හිමිකම් කියන පුද්ගලයකු අදාළ ලියකියවිලි ඉදිරිපත්කොට ඇතැයි ද විහාරස්ථානයේ ධර්ම ශාලාව කඩා දමා ඇතැයි ද විරෝධතාකරුවෝ කියති. 

විහාරාධිපති හිමියන් විසින් පොලිසියට කරන ලද පැමිණිල්ල විමර්ශනය කර කඩිනමින් අධිකරණයට කරුණු දක්වන බව නුවරඑළිය පොලිසියේ සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපති නිශාන්ත බණ්ඩාර මහතා ප්‍රදේශවාසීන්ට දන්වා සිටියේය. 



අදහස් (7)

නුවරඑළිය ශ‍්‍රී සුමනාරාම විහාරස්ථානයේ ධර්ම ශාලාව කඩාදමයි

මනෝජ් Friday, 24 March 2017 11:19 AM

අනේ මෙහෙමත් රටක්

:       88       163

daham Friday, 24 March 2017 11:45 AM

වෙනස සැපයි නේද දැන්. ඔහෙලත් යහපාලනේටද ඡන්දෙ දුන්නේ? එහෙනම් ඉතින් විදවපල්ලා.

:       374       1020

[email protected] Friday, 24 March 2017 12:53 PM

මෝඩ දහම් , මේකට යහපාලනේ ඇති සම්බන්දය මොකක්ද ? ඔයාගේ ඉඩමක පන්සලක් හැදුවොත් ඔය නිකන් ඉන්නවද. ඔය බෝර්ඩ් අල්ලාගෙන ඉන්න අයෙක් තමාගේ ඉඩමක් දෙයිද පිනට ?

:       1567       1591

nimantha pathirana Saturday, 25 March 2017 06:00 AM

දැන් හරිනේ.. ප්‍රශ්නේ විසදුනා.. දහම් මහත්තයා එයාගේ ඉඩම දෙන්නම් කිව්වා ... උද්ගෝෂණය සාර්ථකයි..

:       196       68

ගිහාන් Saturday, 25 March 2017 09:00 AM

ශ්‍රීමාලි වගේ තමන් හෙන බුද්ධිමත් කියල හිතාගෙන ඉන්න මිනිස්සුන්ට පේන්නේ නෑ මේ පන්සල් කැඩිල්ලයි, බුදු පිලිම කැඩිල්ලයි, පිරිත් වලට විරුද්ධව නඩු දැමිල්ලයි ආවෙ යහපාලන කාලේ කියල. නීතිය බල්ලට ගිය රටේ බලු වැඩ බලන් ඉන්න තමයි වෙන්නේ.

:       269       607

kaadir Saturday, 25 March 2017 04:11 PM

ඉතින් ඔයාල මරාගන්නේ මොකද මේකට පොලිසියට මැදිහත් වෙන්න ඉඩදීලා ඔයාල නිකම් ඉන්නකෝ . බොරුවට එක එක දේශපාලන හාල්පාරුවෝ ගැන බොරු සම්මාන ප්‍රදානය කරන්නේ නැතිව. ඔයාලට නම් පුදුම අමාරුවක් තියෙන්නේ මේ දේශපාලුවෝ ගැන.සමහර විට ඔයාල එයාලට කඩේ යනවා ඇති මට නොතේරුනාට.

:       32       67

kumar (galf) Sunday, 26 March 2017 06:08 AM

කාක්කෝ පහරල බෝ ගස් හැදිච්ච හැමතැනම පන්සල් හදාගෙන, රකින සීලෙකුත් නෑ දෙසන ධර්මෙකුත් නෑ.

:       580       101

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 804 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 590 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 467 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site