IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


නල්ලුර් මංගල්‍යයේ අවසන් පූජාව උත්කර්ෂවත් අයුරින්

(සිතුම් චතුරංග)

යාපනය, නල්ලූර් කන්දසාමි කෝවිලේ වාර්ෂික මංගල්‍යයේ අවසන් තේර් පූජාව අති විශාල හින්දු බැතිමතුන් පිරිසකගේ සහභාගීත්වයෙන් අද (29) උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
 
නල්ලූර් කෝවිලේ වාර්ෂික පුජාවන්ගේ ඉතිහාසය යාපනය පාලනය කළ සංගිලියන් රජ පෙළපත දක්වා කාලයට දිවයන බව කෝවිලේ පාලක සභාව පවසති.
 
කෝවිලේ වාර්ෂික මංගල්‍ය පසුගිය 6 වැනිදා කොඩි එසවීමේ මංගල්‍යයෙන් ආරම්භ කෙරිණි. එම මංගල්‍ය, අවසන් පූජාව, රාත්‍රියේ පෙරහර, දිය කැපීමේ මංගල්‍ය ආදි චාරිත්‍ර විධි සියල්ල,  මහනුවර ශ්‍රී  දළදා මාළිගාවේ කප් සිටුවීමේ මංගල්‍ය, පූජාවන් පැවැත්වීමට, දිය කැපීමේ චාරිත්‍රයට සමානකමක් දක්වයි.
 
නල්ලූර් කෝවිලේ පාලක සභාව පැවසූවේ මෙවර අති විශාල ජනතාවක් කෝවිලේ වාර්ෂික මංගල්‍ය වෙනුවෙන් සහභාගී වූ බවයි. උතුරු නැගෙනහිර හින්දු ජනතාව ‍මෙන්ව විදේශගතව සිටින ජනතාව විශාල පිරිසක් සෑම වර්ෂයකම ඒ වෙනුවෙන් සහභාගී වෙති.
 
කෝවිලේ මංගල්‍ය සමය වෙනුවෙන් යුද හමුදාව ඇතුළු ත්‍රිවිධ හමුදාව යොදවා දැඩි ආරක්ෂාවක් යාපනය ප්‍රදේශය පුරා ක්‍රියාත්මක කර තිබෙන බව යාපනය මූලස්ථාන පොලිසිය පවසයි.
 
නල්ලූර් කෝවිල් පුජාවන් වෙනුවෙන් සහභාගී වූ ජනතාවට අවශ්‍ය සහන සේවාවන් යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, යාපනය ආරක්ෂක අංශ,යාපනය මහනගර සභාව සමඟ ඒකාබද්ධව සැපයීම සිදුකරන බව යාපනය මහනගර සභාවේ නගරාධිපති එමානුවේල් ආර්නෝල්ඩ් මහතා කියාසිටී.
 
හෙට (30)  දිය කැපීමේ උත්සවයෙන් පසුව වාර්ෂික මංගල්‍යයේ කටයුතු නිමා කිරීමට නියමිතය.

 



අදහස් (0)

නල්ලුර් මංගල්‍යයේ අවසන් පූජාව උත්කර්ෂවත් අයුරින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 237 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 73 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 772 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site