(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
දැදුරු ඔය ජලාශයේ නින්දගම පැරණි වෙල් යාය ආශ්‍රීත ව සිදුවන නීති විරෝධි මහා පරිමාණ වැලි සහ පස් ජාවාරම හේතුවෙන් ජලාශය දැවැන්ත විනාශයකට ලක් වෙමින් ඇතැයි ප්‍රදේශවාසීහු චෝදනා කරති.
මාස තුනකට ආසන්න කාලයක් පුරා සිදුවන මෙම දැවැන්ත පරිසර හානිය පිළිබදව කිසිදු වගකිව යුතු රාජ්‍ය නිලධාරියකුගේ අවධානය යොමු නොවිම බරපතල තත්ත්වයක් බව ඔවුහු චෝදනා කරති.
වෙල් යාය තුළ ස්කේවේටර් යන්ත්‍ර තුනක් යොදා ගනිමින් දැවැන්ත වලවල් හාරා වැලි කපන අතර එසේ කපන පස් සහිත වැලි ටිපර් රථ 30 ක් පමණ යොදාගනිමින් ප්‍රවාහනය කෙරේ.
එම ස්ථානයට කිලෝ මීටරයකට ආසන්න දුරකින් තවත් ස්ථානයක පස් කපන ආකාරය ද දැකිය හැකිය. කිසිදු බියකින් සැකයකින් තොරව සිදුවන මෙම දැවැන්ත ජාවාරම නිසා ජලාශය අවධානමකට ලක්ව තිබුනද මෙම විනාශයට නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් මුදලට ගිජූවි නීතිය පසෙකට දමා ඇති බවට බරපතල චෝදනාවන් එල්ල වී තිබේ.
මේ පිළිබඳව කුරුණෑගල වාරි මාර්ග අධ්‍යක්ෂ මාලනි කුලතුංග මහත්මියගෙන් කළ විමසීමකදී මෙසේ පැවසීය.
“මේ කිසිම කෙනෙකුට බලපත්‍ර ලබා දී නැහැ. මේක කිසියම් පිරිසක් කරන නිති විරෝධි ක්‍රියාවක්.වහාම මේ ගැන සොයන්න කටයුතු කරනවා . මොකද මේ ජාවාරම්කරුවන් නිසා අපිට පුදුම කරදරයක් තියෙන්නේ“









2025 ඔක්තෝබර් මස 08
1978
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1549
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
541
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
නින්දගම වැලි - පස් ජාවාරම විනාශයකට අත වනයි