IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


දණවටක් තිබූ වතුර පාර මොහොතකින් වැඩි වුණා

කාංචන කුමාර ආරියදාස

මුලින් දණහිස ගාවට තිබූ වතුර මට්ටම සුළු මොහොතකින් සැඩ ජල පහරක් ලෙස වැඩි වූ බව මාතලේ ලග්ගල ඇටන්වල තෙල්ගමුව ඔයේ   වැද්දාපැනි ඇල්ල ප්‍රදේශයේ දිය නාමින් සිට  මියගිය කිංස්ලි රත්නායක මහතාගේ බිරිය  දුලීකා මාරසිංහ මහත්මිය  පැවසුවාය.

තමන් ඇසින් දුටු සිද්ධිය විස්තර කරමින් ඇය මෙසේ කීවාය.

" අපේ මහත්තයා මේ ප්‍රදේශයේ හෝටලයක් ඉදි කරමින් ඉන්නවා. මීට දින කීපයකට පෙර එයා ඇවිල්ලා වැඩ බලලා ගියේ . අපේ මහත්තයගේ යාළුවෙකුගේ උපන්දිනයක් තිබුණා. එයාලා කිව්වා හෝටලේ පැත්තට ගිහිල්ලා විනෝද වෙමු කියලා. එයාලා පදිංචි වෙලා ඉන්නේ පාරෙමයි. අපි  තුන්වැනිදා තමයි මෙහෙට ආවෙ.

 අපි නාන්න  එනකොට දනිස්  වටක්වත් වතුර තිබුණේ නෑ. මගේ චූටි දරුවා වතුරේ හිටියා. අනිත් අය ඊට එහායින්  හිටියේ . එයාගේ සෙරෙප්පු දෙකත් වතුරට ගසා ගෙන යනකොට එයා ඒක ගන්නත් උත්සාහා කළා . තවත් කට්ටියක් එතන නාමින් හිටියා . මම එතන ඉඳලා තාත්තා ඉන්න තැනට ගියා  තාත්තගේ සෙරෙප්පු දෙක දෙන්න .මගේ පොඩි දරුවා අම්මට අල්ලගන්න කියලා තමයි මම තාත්තා ළඟට ගියේ. තාත්තා කිව්වා වතුර පාර හයියෙන් කඩාගෙන එනවා කියලා.

 මම එතෙන්ට ඉක්මනට ගියා . වතුර පාර හයියෙන් එනකොට අපේ කට්ටිය එකට එක එක්කෙනා   අල්ලගෙන රොදට  වගේ හිටියා. මම හයියෙන් කෑගැහුවා. හිමිට ගොඩට එන්න ගොඩට එන්න කියලා. ඒත් එන්න එන්නම වතුර පාර සැර වුණා. ඉස්සරලාම එයාලා අල්ලං හිටපු රෝදේ කැඩුනා.  එක එක්කෙනා   ගසාගෙන යන්න ගත්තා. මගේ මහත්තයා ගසා ගෙන ගිහිල්ලා වැළක එල්ලිලා ගොඩක් වෙලා හිටියා ගොඩ එන්න උත්සාහ කරමින්. එතන හිටපු කිහිප දෙනෙක් යකඩ කූරක් දීලා එයා උඩට ගන්න හැදුවා යකඩ කූර අල්ලන්ට හදනකොටම අතහැරිලා මහත්තයත් ගසාගෙන ගියා.‘‘



අදහස් (7)

දණවටක් තිබූ වතුර පාර මොහොතකින් වැඩි වුණා

Chandima Fonseka Monday, 06 November 2017 03:46 AM

ජලය ඇති තැන්වල ඇති විය හැකි සියලු මාරක අනතුරු ආකාර මිට වඩා ජනතාව දැනුවත් කල යුතුයි

:       0       35

Ranjith Silva Monday, 06 November 2017 04:18 AM

මේක නම් පෙර කරන ලද දෙයක විපාකයක්. දුක් වී පලක් නැහැ. තමන් කල දේවල් තමන්ටම පල දෙනවා. අපි ඔයාලා දන්නේ නැති වුනාට කර්ම ශක්තිය ප්‍රබල බව තමා කියල දුන්නේ. ධර්මය අනුව තේරුම් ගන්න. සුවපත් වේවා.

:       219       370

Sampath Monday, 06 November 2017 04:35 AM

ඕනෑම තැනක පොඩි දියකඳ තප්පර ගාණකින් මහා ජාල කඳක් වෙනවා. කිසිම දිය පාරක නොදැන නාන්න බහින්න එපා.

:       1       73

kithsiri Monday, 06 November 2017 05:51 AM

සුගතිගාමී වී නිවන් ලබන්නට මිය ගිය හැමදෙනා අප කරනා කුසලයන් අනුමෝදන් වේවා!

:       1       62

sagan Monday, 06 November 2017 11:55 AM

හරිම දුකකි.. මියගිය සියලු දෙනාට නිවන් සුව පතමි. මෙවැනි අකල් මරණයන් ඇහෙන්න නොලැබෙත්වා. ජනතාව මිට වඩා දැනුවත් වුනානම් අපට මේ වගේ දේවල් අසන්න නොලැබේවී..

:       0       10

kalpa Monday, 06 November 2017 02:36 PM

බොහෝ දෙනෙක් විනෝද වෙන්න යන්නේ නොදන්නා ප්‍රදේශ වලට... සමහරු මුහුදට යනවා. තව සමහරු ගංගා වලට, වැව් වලට යනවා. නොදන්නා ප්‍රදේශවලට යනවිට ප්‍රදේශ වාසින්ගෙන් විමසීමක් කරනවා නම් මෙවැනි දේ වෙන්නේ නැහැ. අයිටීඑන් එකේ අටපට්ටම බලනවා නම් මෙවැනි අනතුරු වලක්වා ගන්න පුළුවන්...

:       2       148

theshan Tuesday, 07 November 2017 02:27 AM

මෙයින් පාඩමක් ඉගෙන ගෙන, වර්ෂා කාලවලදී, ගංගා, ඇළ දොළ අදින් නෑමට යාමෙන් වලකින්න.

:       0       238

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 189 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 373 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 383 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site