නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ත්‍රිකුණාමලය, රවුන්ඩ් දුපතට සහ කෙවුලියා තුඩුව අතර වු මුහුදු ප්‍රදේශයේ සැඩ පහරකට හසුව මුහුදේ ගසාගෙන යමින් සිටි අලි දෙදෙනෙකු බේරා ගැනීමට සමත් වී ඇත.
මුර සංචාරයේ නියුතු වෙරළබඩ යාත්‍රාවක් මගින් මෙම අලි දෙදෙනා ගසාගෙන යන බව ප්‍රථමයෙන් නිරීක්ෂණය කර ඇත.
ත්‍රිකුණාමල වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙත දැනුම් දී ඔහුන්ගේ ද සහය ඇතිව නාවික හමුදාව අලි දෙදෙනා බේරා ගැනීමේ මෙහෙයුම දියත් කර තිබේ.
පසුව මුර සංචාරයේ නියුතු තවත් වේග ප්‍රහාරක යාත්‍රා තුනක් හා නාවික හමුදා කිමිදුම් අංශයේ නාවිකයන් කණ්ඩායමක් ද කඩිනමින් පිටත් කර යැවීමට නාවික හමුදාව කටයුතු කර තිබේ.
ඔවුන් දැඩි පරිශ්‍රමයක් දරමින් අලි දෙදෙනාට උපද්‍රවයක් සිදු නොවන ලෙස මුහුදේ සිට නිරුපද්‍රිතව ගොඩබිම දෙසට රැගෙන විත් කෙවුලියා තුඩුව ප්‍රදේශයට මුදා හැරිමට කටයුතු කැරිණි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ත්‍රි’මලේ මුහුදේ සැඩ පහරට හසු වු අලි දෙදෙනෙක් බේරාගැනේ
ලුම්බිණි Monday, 24 July 2017 11:34 AM
නියම රණවිරුවන්. ඔබට ජය!!
kumar (galf) Monday, 24 July 2017 12:11 PM
අලින්ටත් රටේ කොල්ලන්ට වගේ ඔලුව නරක්වෙලා හිතු හිතු තැන්වල පීනන්න ගිහිල්ල අතරමන් වෙලා.
sam Monday, 24 July 2017 01:37 PM
එජාප යේ අලි ගැනද මේ කියන්නේ?
ranjith bogoda Monday, 24 July 2017 02:16 PM
දැයේ විරුවන් කවදත් ඔබ විරුවන්මයි
amith Monday, 24 July 2017 05:18 PM
ඇත්ත කුමාර්
minipe Monday, 24 July 2017 07:27 PM
හත් වලාමේ අලින්ට සි බාත් එක්කක් ගන්න තහනම්ද ?
Sisira Monday, 24 July 2017 08:13 PM
මෙසේ සත්තුන් කීපවතක් මුහුඅට යාම ලොකු පරිසර අනතුරක සේයාවක් විය හෙක
nayan Tuesday, 25 July 2017 01:47 AM
අපි කැලෑ කපන විදිහට අලියෝ වතුරේ ජීවත් වෙන්න පුරුදු වෙනවා. පරිණාමයේ අංගයක්.
sampath Tuesday, 25 July 2017 03:39 AM
ගොඩබිමේ මහා විනාශයක් ඇත ළඟ....
Samn Wednesday, 26 July 2017 03:46 AM
මේ දෙන්න නරක විදියට හැසිරෙන්නද දන්නෙ නෑ බීච් ගියේ, ගෝල්ෆේස් එකේ වගේ...