IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


ජයග්‍රහණයේ සතුටත් පරාජයේ වේදනාවත් අතර මැදිවූ විනිසුරු

කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැති ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකාව පරදවා ලබාගත් ජයග්‍රහණයත් සමගින් තමන්ගේ 100 වැනි ටෙස්ට් තරගය ජයගත් රටවල් අතරට බංග්ලාදේශයද එකතු විය. 100 වැනි ටෙස්ට් තරගය ජයගෙන ඇත්තේ ඕස්ට්‍රේලියාව, බටහිර ඉන්දීය කොදෙව්, පාකිස්තානය සහ බංග්ලාදේශය පමණි. 

බංග්ලාදේශ නායක මුෂ්ෆිකුර් රහීම් සහ මෙහෙදි හසන් (කඩුල්ලේ රැඳී සිටි අනෙක් පිතිකරුවා) තරගය ජයගැනීමේ සතුට බෙදාගනිද්දී සිය 40 වැනි උපන්දිනය දා ටේස්ට් තරගයක් පරාජය වීමෙන් වේදනාවට පත් රංගන හේරත් සිය හිස්වැස්ම අතට ගන්නා දෙස උපේක්ෂාවෙන් බලා සිටින විනිසුරු අලීම් දාර් මහතා. මෙම තරගයත් ජයගත්තා නම් නායකයකු වශයෙන් රංගන හේරත්ගේ සාර්ථකත්වයේ වාර්තාව 100% ක් වන්නට තිබිණ. 

ඡායාරූපය - රොමේෂ් ධනුෂ්ක සිල්වා



අදහස් (4)

ජයග්‍රහණයේ සතුටත් පරාජයේ වේදනාවත් අතර මැදිවූ විනිසුරු

සිරි Monday, 20 March 2017 05:24 AM

හේරත් තනියම කණ්ඩායම ජයග්‍රහණය වෙත ගෙනයන්නේ කොහොමද? කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨම ක්‍රීඩකයෝ පහසු උඩ පන්දු අත අරිනකොට.

:       1       36

Pradeep Liyanage Monday, 20 March 2017 06:03 AM

බංග්ලාදේශ ක්‍රීඩකයන් මෑත කාලයේදී වඩාත් දස්කම් අතරට පැමිණි කණ්ඩායමක්. ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ වගකීම් විරහිත ක්‍රීඩා විලාශය, විශේෂයෙන්ම දුර්වල පන්දු රැකීම මෙම තරගයේ පරාජයට හේතුව බව මගේ හැඟීමයි. ධනංජය සිල්වා එක දිගටම එක්දින සහ ටෙස්ට් තරග වලදී අසාර්ථක වෙද්දීත් ඔහුට කණ්ඩායමේ ස්ථානයක් හිමිවීම විශ්මයට කරුණක්. දේශපාලන හෝ වෙන මොනයම් හෝ බලපෑමකින් තොරව දක්ෂයාට අදාල තැන නොලැබෙනතාක් කල් ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම ඉරණම අත්වනු ඇත. බංග්ලාදේශයට චන්දික හතුරුසිංහගේ අගය දැනීමට පෙර අපට ඔහුගේ අගය වටහා ගැනීමට නොහැකිවීම අපගේ අභාග්‍යයකි. පුහුණුකරුවෙකුනම් සුදු හමක් සහිත පුද්ගලයෙක් විය යුතුයි යන මතයෙන් අප බැහැර වෙන්නේ කවදාද? අප රටේ සිටින ලෝක පුජිත ක්‍රිකට් විරුවන්ගේ සේවය අපේ ක්‍රිකට් ක්‍රීඩාවට ලබා ගන්නේ කවදාද?

:       0       80

nimmi Monday, 20 March 2017 02:17 PM

ජය පරාජය දෙකම දරාගන්න ඕනේ.

:       33       88

kamal Tuesday, 21 March 2017 04:13 AM

ක්‍රිකට් යනු මනස හොදින් ක්‍රීඩාව වෙත යොමු කළ යුතු ක්‍රීඩාවකි. එබැවින් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට මානසික ඒකාග්‍රතාවය පිළිබද හොද පුහුණුවක් ලබාදීම වගකිය යුත්තන්ගේ යුතුකමයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 312 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 98 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 787 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site