
(රංජිත් රාජපක්ෂ සහ ශාන්ත චන්ද්‍රසිරි)
සුනඛයෙකු දඩයම් කිරිම සදහා ලුහුබැද පැමිණි කදුකර කොටියකු වතු නිවසක වහල මතට පනින අවස්තාවේ නිවසේ වහල කඩාගෙන නිවසේ නිදන කාමරයට කොටියා වැටි නිවස තුළ කොටු වි ඇති බව ලිදුල පොලිසිය පවසයි.
ලිදුල පොලිස් වසමට අයත් ලෝගි වතු යායේ වතු නිවසකට (04) දින රාත්‍රි 10 ට පමණ කදුකර කොටියා වැටි ඇත.
කදුකර කොටියා නිවස තුළට වැටෙනවාත් සමග නිවසේ පදිංචිකරුවන් කලබල වි නිවසේ දොර වසා දමා එළියට දිවගොස් දිවිබේරාගෙන ඇත.
නිවාස හිමියා වන එස්.සුරේෂ් මෙසේ කියා සිටියේය.
මා රූපවාහිනිය නරඹමින් සිටියදී ඊයේ රාත්‍රි 10.40 ට පමණ එකවරම විදුලිය විසන්ධි වුණා. එම අවස්තාවේ දැඩි අයහපත් කාලගුණයක් පැවැතුණේ, එකවරම විශාල ශබ්දයක් ඇසුණා, පසුව ගොස් පරික්ෂා කිරිමේදි කොටියකු තමන් ගෙල දෙසට පැන්නා. එම අවස්තාවේ කොටියාගෙන් මිදි බිරිය සහ දරුවා රැගෙන නිවසේ දොර වසා එළියට පැමිණි දිවිබේරා ගත් බවයි.
රණ්දෙණිගල පශු වෛද්‍ය රෝහලේ පශු වෛද්‍ය අකලංක පිණිදෙණිය මහතා එම ස්ථානයට පැමිණි නිවස තුල පැය 16 ක් කලබලකාරි ලෙස හැසිරෙමින් සිටි කදුකර කොටියා දැඩි පරිශ්‍රමයක් දරා නිර්වින්දනය කර අල්ලා ආරක්ෂිත කුඩුවක දමා රැගෙන යන ලදි.
ලෝගි වතුයායේ තේ වත්තේ සැරිසරන කදුකර කොටින් රාත්‍රි කාලයේ ගොදුරු සොයා වතු නිවාසවලට පැමිණෙන බවත්, එසේ පැමිණි කදුකර කොටියකු වතු කම්කරුවන් සුරතලේට ඇති කරන සුනඛයකු ගොදුර කර ගැනිම සදහා පැමිණි අවස්ථාවේ මෙම අනතුරට පත් වි ඇති බවයි ලිදුලි පොලිසිය සැකකරයි.
නිර්වින්දනය කර අල්ලා ගත් කදුකර කොටියා සුදුසු පරිසරයකට මුදා හැරිමට කටයුතු කරන බවයි නුවරඑලිය වනජිවි කාර්යාලයේ නිලධාරින් කියා සිටියේ.

(ඡායාරූප රංජිත් රාජපකෂ)



COMMENTS
පශුවෛද්‍ය නිලධාරිතුමා, බොහොම ස්තුතියි... කරපු සත්ක්‍රියාවට... සත්වයා නිරුපද්‍රිතව මුදාහැරීම ගැන අපි ප්‍රශංසා කරනවා... ඔබ ඇතුළු සියලු දෙනාටම...
ඕක මොකක්ද අප්පා..? පහුගිය දවසක අනාථ වෙච්චි කෙනෙක් ජනාධිපති පුටුව උඩට වැටිච්චි රටේ...?
හය වතාවක් ගම් වැදිලා ගම විනාශ කරපු අලියෙක් හිවල්ලු 134 කගේ ආරක්ෂාව යටතේ ආපහු ගම් වැදිලා යටතේ ආපහු ගම්වැදිලා දැන් මුලු රටම අනතුරේ....
මේ දුප්පත් වතු කම්කරුවා සහ ඔහුගේ පවුල මේ අනතුරින් ගැලවීම හොඳ දෙයක්. මිනිසුන් වෙසෙන ප්‍රදේශවලට පැමිණෙන කොටින්ට වෙඩි තැබිය යුතුයි...
මේ දිවියෙක්නේ... කොටි නැහැ නේද අපෙ රටේ (දැන්?) මොන සතා වුණත් නොමැරූ එක හොඳයිනේ...!
අල්ලාගත්තු කොටියා ගිහින් දාන්න තැනක් නැත්නම් මැදමූලනේ පැත්තට ගිහින් දාන්න, පින් අයිති වෙයි.
සත්වයා නිරුපද්‍රිතව මුදාහැරීම ගැන අපි ප්‍රශංසා කරනවා..!
සුදුසු පරිසරයක් නම් තියෙනවා දකුණු පළාතේ ,මැදමූලනේ කියලා..