IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


ගාල්ල මුහුදෙන් හඳුනා නොගත් උපකරණයක්

අමල් වික්‍රමරත්න
 
ගාල්ලට මුහුදු සැතපුම් නවයක් දුරින්  මුහුදේ පාවෙමින් තිබූ හඳුනා නොගත්  වස්තුවක් ගාල්ල ධීවර වරායෙන් මුහුදු ගිය ධීවර කාර්මිකයින් පිරිසක් අද (14) දහවල්  ගොඩබිමට  රැගෙන විත් තිබේ.
 
දිගින් අඩි හතරක් පමණ වන මෙම  හඳුනා නොගත් උපකරණය  ධීවරයින්ට හමුවන විට මුහුදේ පාවෙමින් තිබී ඇති අතර උපකරණයේ විශාල කොටස මුහුද පතුල දෙසටත් එහි ඇති බටයක් වැනි කුඩා  කෙලවර මුහුදු ජලය මතු පිටත් වශයෙන් දක්නට ලැබූ බව එම උපකරණය ගොඩබිම වෙත රැගෙන පැමිණි  ධීවරයෝ පැවසුහ.
 
මෙම උපකරණය ගුවන් යානාවක ආකෘතියට සමාන කමක් දක්වන හැඩයකින් යුක්තවන අතර බොහෝ විට මුහුදු ගවේෂණ කටයුතුවලට යොදාගන්නා උපකරණයක් විය හැකියැයි නම සදහන් කිරීමට අකමැතිවූ නාවික හමුදාවේ නිලධාරියෙන්     පැවසීය.
 



අදහස් (26)

ගාල්ල මුහුදෙන් හඳුනා නොගත් උපකරණයක්

appuva Thursday, 14 September 2017 03:04 PM

මේක පරමාණු බෝම්බයක හැඩරුව තියෙනවා වහාම මුහුදටම දාන්න. නිකන් කොහෙවත් යන කෙහෙල්මල් ලෙඩ දමාගන්නවා මාළු බාන්න ගියා නම් මාළු බාන්න

:       42       136

naradha Thursday, 14 September 2017 04:20 PM

මෙය බොහෝ විට ඉන්දියන් සාගරයේ අතුරුදහන් වූ මැලේසියානු ගුවන් යානය සෙවීමට භාවිතා කල උපකරණයක් විය හැකියි.

:       4       20

Nuwan Thursday, 14 September 2017 05:31 PM

ඕක SEAGLIDER එකක්. දත්ත එකතු කරන්න භාවිතා කරන. NARA එක දැනුවත් කරන්න. ගලවන්න එපා. ගොඩක් වටිනවා.

:       0       708

Kamal Thursday, 14 September 2017 06:02 PM

මේක සුනාමි හදන උපකරණයක්

:       58       2

lalith Thursday, 14 September 2017 07:21 PM

නුවන් ලබා දුන් තොරතුර අනුව අන්තර්ජාලයේ පරීක්ෂාකිරීමෙන් මෙහි ඇති වටිනාකම පැහැදිලි උනා. වල්පල් ලියනවා වෙනුවට මෙවැනි අගනා තොරතුරක් දෙන්නේනම් සහ පුවත් පතෙන් ඒ පිළිබඳව නිවැරදි ගවේශනාත්මක පුවත් පලකරන්නේනම්, ක්‍රමක්‍රමයෙන් අපේ රටේ පුරවැසියනුත් වඩාත් දැනුවත් වනු නොඅනුමානයි.

:       0       85

Dasa Thursday, 14 September 2017 07:51 PM

මේක බටහිර කුමන්ත්‍රණයක් විමලේ අය්යට දැනුම් දෙන්න

:       149       16

Piyal Thursday, 14 September 2017 08:56 PM

අපේ රටට ඕකෙන් වැඩක් නැහැ... ඕක ගොඩක් දුරට ඉන්දියාවෙන් හෝ ඕස්ට්‍රේලියාවෙන් ඇරිය එකක් .. ඔකේ හරි මිල රුපියල් ලක්ෂ 50 කට වැඩියි. සැටලයිට් එකක් එක්ක ඩිරෙක්ට් සම්බන්දකමක් පවත්වනවා. විවිධාකාර දේවල් සොයන්න ඕක යොදාගන්නවා . ගැඹුර, කාලගුණය , කරන්ට් එක , මුහුදු පතුලේ ස්වබාවය වගේ ගොඩක් දේවල්. මුහුද යට තියෙන අස්වාබාවික වස්තුන් සොයන්න වෙනමම ඔප්ෂන් එකක් දමන්න ඕන. එහෙම උනොත් මිල රුපියල් කෝටියකට වැඩි වෙනවා. ලංකාවේ වර්තමාන දැනුමේ හැටියට ඕක ගැන දැනුමක් තියෙන අය නැති පාටයි. හිටියත් ඕකෙන් ලංකාවට වැඩක් ගන්න බැහැ. ඕක දැන් කැඩිලා තියෙන්නේ. ප්‍රදර්ශනයකට තියන්න නම් වටිනවා. හයිටෙක් උපකරණයක් .. sea glider කියලයි කියන්නේ.

:       1       62

Lapaya Friday, 15 September 2017 12:46 AM

දන්නෙම නැත්නම් දත් දොස්තර මහත්තයාගේ පුතාගෙන් අහන්න එය නොදන්නා දෙයක් මේ ලෝකේ නැහැ. මේක හදන්න උපදෙස් අරගෙන ඇත්තෙත් එයාගෙන් වෙන්න ඇති. එකනේ උතර දකුණ පෙන්නේ නැහැ වගේ පාවෙන්නේ.

:       1       220

Janaka-Perth Friday, 15 September 2017 03:00 AM

මේක kongsberg කොම්පැනියෙන් හදපු Seaglider වර්ගයේ Autonomous underwater vehicles (AUV) එකක්.

:       0       40

Nidesh Friday, 15 September 2017 03:03 AM

ඕක SEAGLIDER එකක්. ලංකාවේ සල්ලි වලින් 19,000,000.00 වගේ වටිනවා $125,000.00 කරුණ කරලා ඕක ගලවන්න එපා .

:       0       50

Chanak Los angeles Friday, 15 September 2017 03:04 AM

නුවන් හරි .. මෙය ස්ලයිඩර් එකක් .. මෙය සාගර දර්ශක පරාමිතීන් සඳහා නිපදවන ලද දිගුකාලීන ගැඹුරු දියේ ස්වාදීනව පියාඹා යන වාහනයක් .. (AUV ) ඉතාම වටිනා උපකරණයක් ...

:       14       17

kasun Friday, 15 September 2017 03:55 AM

නුවන් හරි........

:       0       26

Suda Friday, 15 September 2017 03:57 AM

ලින්ක් එක බලන්න youtube.com/watch?v=oPeLpNZB5UY

:       0       22

sampath Friday, 15 September 2017 04:23 AM

ලංකාවේ තාක්ෂණ දැනුම බොහොම පහල තියෙන්නේ.

:       0       3

sachith Friday, 15 September 2017 04:27 AM

නුවන් ගේ අදහස හරි, මේක වටිනා උපකරණයක්. මුහුදු නිරීක්ෂණ කටයුතුවලට භාවිත වෙන්නේ. නාරද, කිව කිවවිදිහට ගොඩක් දුරට මේක මැලේසියන් ගුවන්යානය හොයන්න පාවිච්චි කරපු එකක් වෙන්න පුළුවන්. කමල්, දෙයක් දැක්කම එකට හිතට එන දේ කියන්න එපා. අන්තර්ජාලය පාවිච්චි කරලා හොයල බලන්න මොකක්ද කියල. මාත් නුවන්ගේ අදහස් දැක්වීමට පස්සේ හොයල බලල තම දැනගත්තේ මොකක්ද sea-glider කියන්නේ කියලා.

:       0       58

JANAKA Friday, 15 September 2017 04:59 AM

නුවන්, ඔබට බොහොම ස්තුතියි නිවෑරදි තොරතුරු ලබා දුන්නට. ඈත්තටම මේක බොහොම වටිනා උපකරනයක්. හෑකියාවක් තියෙනවානම් මොරටුව ඉන්ජිනේරු පීටයට දෙන්න පරීක්ශන කරල තව කිපයක් හදලා නාවික හමුදාවට සහ නාරා එකට දෙන්න. අපේ මුහුදු ගවේශන කටයුතු වලට යොදාගන්න.

:       0       9

Jaya Friday, 15 September 2017 05:08 AM

නුවන් හරි. මේක SEA GLIDER එකක් තමයි. google එකේ විස්තර තියෙනවා ඔක්කොම.

:       0       10

uddika Friday, 15 September 2017 05:37 AM

මේ පත්තරේ කියවන සම-හරක්ගේ අදහස් දැක්කම හිනා යනවා. දන්නේ නැතිනම් බොරු බේගල් නොදා ඉන්න ඕන. ඕක SEAGLIDER එකක්. දත්ත එකතු කරන්න භාවිතා කරන. NARA එක දැනුවත් කරන්න. ගලවන්න එපා. ගොඩක් වටිනවා. නුවන් හරි. අනේ මෙහෙමත් ජනතාව එක්කනේ මේ අපි ජීවත් වෙන්නේ. දේශපාලකයින් හරි සතුටින් ඉන්නේ එනිසා. ඇස ලොකු කරලා කට උල් කරලා කියන ඕන එකක් පිලිගන්නවා. අයියෝ සල්ලි

:       0       31

Banbara (kekirawa) Friday, 15 September 2017 06:07 AM

"නුවන්" මේ උපකරණය දියවන්නාවේ භාවිතා කළොත් වතුර යටින් ගින්දර අරන් යන අය ගැන තොරතුරු ලබාගන්න පුළුවන් වේවිද?, ඒ දේ කරන්න බැරිනම් ඉක්මනින් නාරා එකටදෙන්න. නැතිනම් අපේ අයියලා එ්කත් විකුණාවි. නිවැරදි තොරතුරු ඉදිරිපත් කල අපේ "නුවන් කොලුවාගේ " නුවන තව තවත් වැඩිවේවා..!!!

:       0       4

Ravi Friday, 15 September 2017 06:38 AM

මේක අයි රොබොට් කියන සමාගම හදන එකක්, සන්නිවේදන චන්ද්‍රිකාවක් සමග සෘජුව සම්බන්ධතා පවත්වන්න පුළුවන් තාක්ෂණයක් තියෙනවා. ගැඹුරු මුහුදේ අධ්‍යයන කටයුතු දත්ත එකතු කරන එක තමයි වෙන්නේ, ධීවරයන්ට වුණත් වක්‍රව ලොකු සේවයක් මේකෙන් වෙනවා මුදලින් රුපියල් කෝටි දෙකකට ආසන්න ගාණක්.... තමන්ට අදාලම නැති මුහුදේ තියෙන්න ඕනෑ දෙයක් අරගෙන ආපු එක නම් වැරදි හැබැයි... අදාල අංශ දැනුවත් කරා නම් වටිනවා අඩුම ගානේ මේකේ තාම ක්‍රියාත්මක මට්ටමේ තියෙනවා නම් ගත්ත තැනටම ගිහින් දාන්න...

:       0       7

sisira Friday, 15 September 2017 07:51 AM

විකිපීඩියා එකේත් ඒක ගැන මෙහෙම තියෙනවා මේ උපකරණය ගැන.... හරිම වටිනවා. කරුණාකර නාරා එකට හරි මොරටුව විශ්ව විද්‍යාලයට හරි බාර දෙන්න.

:       0       3

darshana Friday, 15 September 2017 08:56 AM

මේක හදලා තියෙන්නේ ඇමෙරිකානු හමුදාව චීන සබ්මැරීන පිළිබඳ විස්තර ගන්න. වැඩක් නැතිනම් ඔන්න ඕක ගිනිතියලා දාන්න.

:       1       0

Talagala Friday, 15 September 2017 12:27 PM

මේක මුහුද යට භාවිතාකරන ඩ්රෝන් එකක්... හැබැයි මේකට හුඟක් දුරයන්න පුළුවන්... මේක භාවිතා කරන්නේ... ඇමෙරිකන් සබ්මැරීන් ඩ්‍රෝන්.....

:       0       0

dilan Friday, 15 September 2017 04:26 PM

ඇමෙරිකාවේ එකක් නම් මේක හොයා ගත්ත අයයි, මේ පින්තුරේ ඉන්න අයයි ටිකක් පරිස්සම් වෙලා ඉන්න එක හොඳයි

:       0       0

janatha naura Monday, 18 September 2017 03:28 PM

මේක මහා භයානක දෙයක්... මේකේ හැටියට නම් ගොඩට ගෙනාපු අයට අපල ගෙනදෙනවා. ගලවාන්න එපා පුපුරා යන්න පුළුවන්....

:       1       0

don Tuesday, 19 September 2017 09:52 AM

මොවත් කරන්න එපා ඉතා වටිනාකමින් යුත් උපකරණයක් මෙය. අැමරිකන් තානාපති කාරයාලයට දැනුම් දෙන්න. එසේ නැත්තම් නැවත මුදට දමන්න අපිට කලින් කිදෙනෙක් දකින්න අැද්ද ලංකාවට පමණක් සීමා වූ දෙයක් නොවේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1974 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1546 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 541 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site