IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


ගම්මු පිඹුරාගේ දිවි බේරති

(සටහන සහ ඡායාරූප - බෙන්තොට ජේ.ඉඳුරුවගේ)


බෙන්තොට, ආරච්චිමුල්ල, දෙගල්ල ඇලේ අටවා තිබූ මාළු දැලකට හිරවී සිටි විශාල පිඹුරෙකුගේ දිවි ගලවා දීමට ප්‍රදේශවාසීහු පියවර ගත්හ.


මාළු දැලේ පුඩු තුල සිරවී හා දැලේ පැටළීමෙන් ගෙළ ප්‍රදේශය දැඩි ලෙස සිරවීමෙන් මරණාසන්නව සිටි අඩි 15 ක් පමණ වූ මෙම පිඹුරා ඉමහත් වෙහෙසක් දරා ප්‍රවේශමෙන් ගොඩට ගත් ගම්වාසීහු කතුරු හා පිහි ආධාරයෙන් දැලේ කොටස් කපාදමා පිඹුරා මුදා ගත්හ. ජීවිත දානය ලැබූ පිඹුරා හෙමින් සීරුවේ අසළ වූ ඇළ මාර්ගයටම ගොස් පිහිනා ගියේය.

 



අදහස් (8)

ගම්මු පිඹුරාගේ දිවි බේරති

D S Jayasuriya Saturday, 29 April 2017 12:28 PM

හැම සතෙකුටම වේදනාව දැනෙනවා .

:       0       51

රණසිංහ Saturday, 29 April 2017 08:09 PM

උතුම් මනුසත් ක්‍රියාවක්.

:       3       19

lalith Saturday, 29 April 2017 10:17 PM

උගේ පරණ පිනකට පිඹුරෙක් උනේ. මුවෙක් හාවෙක් එහෙම උනානම්?

:       1       4

ලුම්බිණි Sunday, 30 April 2017 01:00 AM

මේ හොඳ මිනිසුන්ට සුභ පැතුම්.

:       0       1

mahee Sunday, 30 April 2017 02:04 AM

මට මතක් වෙනවා ටික කලකට ඉහත ලංකාදීප එසැණ පුවතක්. කුකුල් කොටුවකට පැන්න කියල ඒ ගමේ මිනිස්සු පිඹුරෙකුව කෑලි වලට කපල මරපු විස්තරයක්. මෙන්න ඒකට මිනිස්සු. තමන්ගේ මාළු දැල් කපල දැම්ම පාඩුව විඳගෙන. නමුත් මේ මොකුත් නොදන්නා සතාව බේරලා ජීවිතය රැක දුන්න.

:       0       2

පිඹුරා Sunday, 30 April 2017 10:36 AM

උඹල හැමදාම කළේ ඔය ටික... දැල් එලනවා, දැල් කපනවා, බේරනවා, නැවත පොල්ලෙන් ගහල අපිව ඉවර කරනවා.

:       0       2

asanka Sunday, 30 April 2017 03:31 PM

ඇත්තටම හොඳ වැඩක් කවදාකවත් සතෙක් මරන්න එපා. මාත් අඩි 06 ක් පමණ දික පොළඟෙක් බේරලා යැව්වා. හැමෝම මරමුයි කියද්දී .. ඉතින් හැමෝටම කියන්නේ සතෙක්ගේ ජිවිත ‍විනාශ කරන්න එපා.. ජීවිත දානය දෙන්න..

:       0       2

gamage Sunday, 30 April 2017 04:47 PM

අනේ මහතුනේ අපේ නිතර පාරේ වාහන එලවන ඩ්‍රයිවර්ලටත් කියන්නකෝ. මිනිස්සුත් සත්ව විශේෂයක්ය . ප්‍රවේශමෙන් රිය පධවන්න කියල. මොකද දවසකට 7 -8 දෙනෙක් මැරෙනවා. කරුණාකර මගේ ඉල්ලීම නොසලකා හරින්න එපා. මින්සා කියන්නේ සත්ව විශේෂයක් නෙමේ ඇත්තටම විශේෂ සත්ව කොට්ටාශයක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 321 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 788 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site