IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


ඒකාබද්ධයේ විරෝධයෙන් පාර්ලිමේන්තු පාර වැසේ

(ඉෂාන් සංජීව, ජයමාල් චන්ද්‍රසිරි)

නව ව්‍යවස්ථා කෙටුම්පතට විරෝධය පළ කරමින් ඒකාබද්ධ විපක්ෂය අද(30) ආරම්භ කළ විරෝධතාවයක් හේතුවෙන් පාර්ලිමේන්තු පාර වසා දමා ඇත.

ඒකාබද්ධ විපක්ෂයේ බන්දුල ගුණවර්ධන, ගීතා කුමාරසිංහ, ඩලස් අලහප්පෙරුම ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් පාර්ලිමේන්තු පාරේ උද්ඝෝෂණයක නිරත වෙති.

සිය නියෝජ්‍ය ඇමැති ධූරයෙන් ඊයේ(29) ඉවත් කෙරුණු දුලිප් විජේසේකර මහතා ද එම උද්ඝෝෂණයට එක්ව සිටියේය.

 



අදහස් (9)

ඒකාබද්ධයේ විරෝධයෙන් පාර්ලිමේන්තු පාර වැසේ

kumar (galf) Monday, 30 October 2017 06:10 AM

මේ රජය ලෝකෙට වහල්වී රට බෙදාම තමා නතරවෙන්නේ. තියෙන පලාත්සබා වදය මදිවාට තවත් ලෙඩක් දාගන්න තමා හදන්නේ.

:       652       855

sam Monday, 30 October 2017 06:38 AM

මේ ව්‍යවස්ථාව හදන්නේ පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරු සහභාගී කරගෙන නොවේද? රටට, ජාතියට, ආගමට යම් අසාධාරණයක් වෙන වගන්ති නව ව්‍යවස්ථාවේ තියනවා නම් ඒවා පෙන්වා දී නිවැරදි කිරීම සිදු කල යුත්තේ පාර්ලිමේන්තු රැස්වීම් වලදීයි. අවාසනාවට ව්‍යවස්ථාව කියවා තේරුම් ගැනීමට හැකියාවක් නැතිකම නිසා හෝ අවශ්‍යතාවයක් නැතිකම නිසා මෙවැනි උද්ඝෝෂණ කිරීමෙන් සිදුවෙන්නේ මහජනතාව අපහසුතාවයට පත්වීම පමණයි.

:       722       527

GihanMonday, 30 October 2017 07:16 AM

මුළු ව්‍යවස්ථාවම කුණු ගොඩක් නම් වගන්ති කීපයක් අයින් කරලා වැඩක් නෑ නේ.

:       270       683

thilina Monday, 30 October 2017 06:54 AM

1958 බණ්ඩාරනායක - චෙල්වනායගම් ගිවිසුමත්, 1968 ඩඩ්ලි - චෙල්වනායගම් ගිවිසුමත් අවාසනාවන්ත ලෙස ඉරාදැමීමේ මහා පාපකර්මයට වර්තමානයේ වන්දි ගෙවන්නේ දෛවයේ සරදමක් ලෙසිනි.

:       122       219

Jayampathi Monday, 30 October 2017 06:54 AM

නව ව්‍යවස්ථා කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදරිපත් කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදයට අනුව පක්ෂ සහ විපක්ෂ මන්ත්‍රීවරුන්ට තම අදහස් යෝජනා සහ සංවාදවලට නේද? ඉතින් මේ විදියට ඒකාබද්ධයේ පාරට බැහැලා ගැලරිය සතුටු නොකර තම වගකීම ඉටුකර රටට ගැලපෙන ව්‍යවස්ථාවක් සඳහා යෝජනාවක් සම්මත කරගත යුතුයි.

:       201       290

Kongahage Monday, 30 October 2017 07:21 AM

මේ ව්‍යවස්ථාව කොහොම හරි පරාද කරන්න ඕනේ. නැත්තන් මේ පුංචි රට කෑලි කෑලි වලට කැඩිලා යාවි.

:       247       650

jiffri Monday, 30 October 2017 07:42 AM

ව්‍යවස්ථා කමිටුවේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමත් ඉන්නවනේ. ව්‍යවස්ථා කෙටුම්පතේ රට බෙදන රට කඩන රටට අහිතකරන වගන්ති තියනවා නම් දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමා මාර්ගයෙන් කමිටුවට දැනුම් දීලා ඒවා වෙනස් කරන්න කියන්න. රටට අහිතකරන ව්‍යවස්ථාවක් ආණ්ඩුවෙන් ගෙනාවොත් එදාට අපිත් අපේ අමනාපය ප්‍රකාශ කරනවා. මේ විරෝධතාවය පෙන්නනවා කියලා එදිනදා මහජනයාගේ සහ රජයේ හා පෞද්ගලික රාජකාරිවලට බාධා නොකර....

:       163       239

justinMonday, 30 October 2017 09:07 AM

එ්කාබද්ධයේ කට්ටිය ජනතාව ගොන්නු කියලා හිතන් ඉන්නවා. මේක කෙටුම්පතක් පමණි. රජය ඒ සඳහා හැමෝගේම මත අදහස් ඉල්ලනවා. මේ ගොල්ලෝ එක ජනතාව දන්නේ නැහැ කියලා හිතාගෙන ජනතාවට කරදර කර කර ඉන්නවා.

:       27       40

Thilak Monday, 30 October 2017 11:18 AM

ව්‍යවස්ථාව හොඳද නරකද කියලා අපට තේරුම් ගන්න පුළුවන් මෙයාලගේ හැසිරීම තුළින්. පාර්ලිමේන්තුවට ඇතුලේ සටන් කරන්නේ නැතුව බොරු සංදර්ශන පෙන්වනවා.

:       0       15

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 188 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 373 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 383 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site