(සිතුම් චතුරංග)
මාස අටක කාලයක සිට උතුරු පළාතට වර්ෂාව නොලැබීම හේතුවෙන් පවතින නියං කාලගුණික තත්වයෙන් එම පළාතේ පවුල් 133678 අයත් පුද්ගලයින් 462815 පිරිසක් ජලය නොමැතිව පීඩාවට පත්ව ඇති බව දිස්ත‍්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන පවසති.
වර්ෂාව නොමැතිව ජල අවශ්‍යතා සපුරාගැනීමට නොහැකිව උතුරු පළාතේ ග‍්‍රාම නිලධාරී කොට්ඨාස 670ක ජනතාව මෙලෙස පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ නිලධාරීහු සඳහන් කරති.
උතුරු පළාතේ නියඟයෙන් වැඩිම පිරිසක් පීඩාවටපත් දිස්ත‍්‍රික්කය වන්නේ යාපනය වන අතර එහි ග‍්‍රාම නිළධාරි වසම් 267 ක පවුල් 34049 ක පුද්ගලයින් 124206 දෙනෙකු පීඩාවට පත්ව සිටින බවද පවසති.
යාපනය දිස්ත‍්‍රික්කයේ නියඟයෙන් වැඩිම බලපෑමක් සිදුව ඇත්තේ චාවකච්චේරි ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වන අතර, එහි පවුල් 11640 කට අයත් පුද්ගලයින් 47198 දෙනෙකු පීඩාවට පත්ව සිටිති.
මුලතිව් දිස්ත‍්‍රික්කයේ ග‍්‍රාම නිලධාරි වසම් 134 ක පවුල් 35730 ක පුද්ගලයින් 115308 දෙනෙකු පීඩාවට පත්ව සිටින බව මුලතිව් දිස්ත‍්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
මුලතිව් දිස්ත‍්‍රික්කයේ පුදුකුඩිරිප්පු ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වැඩි පිරිසක් පීඩාවටපත්ව සිටින අතර එම කොට්ඨාසයේ පවුල් 11827 කට අයත් පුද්ගලයින් 36951 දෙනෙකු පීඩාවටපත්ව සිටිති.
වවුනියාව දිස්ත‍්‍රික්කයේ ග‍්‍රාම නිළධාරි වසම් 102 ක පවුල් 24507 ක පුද්ගලයින් 85771 දෙනෙකු පීඩාවට පත්ව සිටින බවද වවුනියාව දිස්ත‍්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
වවුනියාව දිස්ත‍්‍රික්කයේ නියඟය හේතුවෙන් වැඩිම පිරිසක් වවුනියාව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් වාර්තාවන අතර එහි පවුල් 11306 කට අයත් පුද්ගලයින් 39570 දෙනෙකු පීඩාවට පත්ව ඇතැයි ද පවසති.
කිලිනොච්චිය දිස්ත‍්‍රික්කයේ ග‍්‍රාම නිළධාරි වසම් 95 ක පවුල් 24066 ක පුද්ගලයින් 83378 දෙනෙකු පීඩාවට පත්ව සිටින අතර නියඟය හේතුවෙන් වැඩිම පිරිසක් කරච්චි ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පීඩාවට පත්ව සිටින අතර එහි පවුල් 9327 කට අයත් පුද්ගලයින් 32,632 දෙනෙකු පීඩාවටපත්ව සිටිති.
මන්නාරම දිස්ත‍්‍රික්කයේ ග‍්‍රාම නිළධාරි වසම් 77 ක පවුල් 15386 ක පුද්ගලයින් 54152 දෙනෙකු පීඩාවට පත්ව ඇති අතර එහි වැඩිම පිරිසක් මුසලි ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් වාර්තාවන අතර එම පිරිස පවුල් 8026 කට අයත් පුද්ගලයින් 29421 පීඩාවටපත්ව ඇත.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
උතුරේ නියඟය මහජනයා පිඩාවට පත් කරයි
බණ්ඩාර(කැකිරාව) Tuesday, 01 August 2017 09:28 AM
මෙවැනි ප්‍රවුර්ති කොපමණ වාර ගණනක් පලකරත්, ආපදා කළමනාකරන අමාත්‍යාංශය හෝ සමාජසේවා අමාත්‍යාංශය හෝ ජල-කළමනාකරණ අමාත්‍යාංශය වලින් කිසිම සහන සේවාවක් හෝ ප්‍රතිචාරයක් නොදැක්වීම කණගාටුවට කරුණක්.