
(යොහාන් භාසුර)
ඉන්ධන නෞකාවක් ලැබෙන දිනයක් නිශ්චිතව කිවනොහැකි බවත් ඉදිරි අනාගතයේ ඉන්ධන අර්බුදයේ වඩාත් බරපතල තත්වයකට මුහුණ දීමට සිදුවිය හැකි බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (26) පස්වරුවේ පැවසීය.
ජනතාවට අවශ්‍ය ඉන්ධන සැපයුම ලබාදීමට නොහැකිවීම සම්බන්ධයෙන් ජනතාවට කනගාටුව පළකරන අතරම ජනතාවගෙන් සමාව ඉල්ලා සිටින බව කී අමාත්‍ය විජේසේකර මහතා පැවසුවේ පැරණි ඉන්ධන සැපයුම්කරුවන් ඉදිරිපත් නොවීමෙන් නව සැපයුම්කරුවන්ට යෑමට සිදුවීමෙන් ඉන්ධන ආනයනය දැඩි අර්බුදයක් බවට පත්ව ඇති බවත්ය.
ඉන්ධන පිරවුම්හල්වල පෝලිම්වල රැදී උද්ඝෝෂණය නොකරන ලෙස ඉල්ලා සිටින අතරම භූමිතෙල් තව දුරටත් ලබාදිය නොහැකි බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.




COMMENTS
ප්‍රශ්න විසඳන්න නේද ආවේ... දැන් මොනවද කියන්නේ..?
වැඩ බැරිනම් ගෙදර යන්න...
අනේ, දැන්ම හදිසි වෙන්න එපා කණගාටු වෙන්න. ඉදිරියට එළැඹෙන කාල පරිච්ඡේදය තුළදී ඔයිට වඩා කණගාටු වෙන්න අවස්ථාවල් අපමණව සහ සීමා රහිතව ඉදිරිකාල පරිච්ඡේදය තුළදී අම්බානකට හම්බ වෙනවා නියතයි. හෙට ඉර පායන මෙන් විශ්වාසයි...
මොකටද කණගාටු වෙන්නේ? ඔබලාට හොඳ නම්, අපිට ගානක් නැත්නම්, පිස්සුවටද නිරපරාදේ කනගාටු වෙන්නේ? මළ මිනියෙනුත් ගානක් සාක්කුවට දා ගන්න පුරුදුවෙලා ඉන්න අපට මොන දුකක්ද..? නුඹලා සතුටින් නම්, අපි ජොලියෙන්.. ආයේ මොනාද කතා?
අපි මෙච්චර ජොලියෙන් ජීවත් වෙද්දී, විකාරද මන්දා, අපි වෙනුවෙන් කණගාටු වෙන්න... ඇයි, මතක නැද්ද අපේ මිනිස්සු ඉල්ලුවේ සිරිමාවෝ මැතිණියගේ වගේ යුගයක්නේ. දේශීය ආර්ථිකයක්. ඉතින් ඒක දැන් ලැබිලා තියනවා. වවාගෙන කාලා සතුටින් ජීවත් වෙයල්ලා. ඉතිහාසය, භූගෝලය, ආගම, සංවර්ධනය එකට කලවම් කරාම රසවත් අච්චාරුවක්. හාල්, පොල්, මිරිස් විතරයි නුඹලාට තව අඩු... හෙට, අනිද්දා ඒකත් ලැබෙයි. එතෙක් නටමින්, මැච් නරඹමින් ඉවසලා ඉන්න..!!!
කටේ තියෙන මුකරි කමට TV නිව්ස්වලට කියන බොරුවලට ජනතාවගේ දැන් මළපැනලා තියෙන්නේ... බැරිනම් කොච්චර උගත්තු ඉන්නවද රට කරන්න..? රටේම තිබුණ ප්‍රකෝටි ගණන් සල්ලි හොරාකාලා රට නැත්තට නැති කළා. අද රටේ සමස්ත ජනතාවම අපා දුක් විඳිනවා මේ අය හින්දා. තවත් පව් නොදී මේ ආණ්ඩුව අස්වුණු දාට තමයි රටට සැනසීම...
කණගාටුව නෙමෙයි මුහුදට පැනලා මැරියල්ලා...!!!
රටෙ මෙ තත්වෙට පත්කරල සමාව අයදිනව. මෙ අයටනම් කිසිම සමාවක් නැහැ.
මොනවද මේ බාලාංශ කතා? ඉන්ධන දෙන්න බැරි නම් ඒ ඇමැති මොන කෙහෙල් මලකටද මේ තනතුර දරන්නේ...? රටේ ජනතාව තෙල්ගන්න ඉන්නේ ණයට නෙමෙයි. මුදල් ගෙවලා. ඒත්, ඇමැති කියනවා පෝලිමේ ඉන්න එපාලු. ඇමැතිලා සහ ඇමැතිලාගේ රජයත් ගෙදර යන්න. ඔබලාගේ බැරිකම දැන් හොඳටම ප්‍රදර්ශනය වෙලා ඉවරයි. තවත් නිකං හුරතල් කතා එපා...
දරුවන්ට පාසලට යන්න නැහැ. ලෙඩෙකුට රෝහලට යන්න නැහැ.. කුප්පි ලාම්පුවක් පත්තු කරගන්න තෙල් ටිකක් නැහැ. අපි තමයි හොඳටම කළේ කියපු කට්ටිය අවුරුදු 25, 30 කින් රට ආපස්සට ගෙනිච්චා. ඔවුන්ගේ දරුවන් පිටරටවල අපේ අය හාමතේ. රටේ මූලික අවශ්‍යතා ටිකවත් සපුරන්න බැරි පාලකයින් පම්පෝරි ගහනවා. වරද පිළිගන්නෙත් නෑ. බැරිකම පිළිගන්නෙත් නෑ. අහිංසක මිනිස්සුන්ට තවත් දුක් නොදී ගෙදර යන්නේ නැත්තේ ඇයි...?