(ඩබ්. ඒ. පියතිලක/ ක්‍රිෂාන් ජීවක ජයරුක්/ ජයමාල් චන්ද්‍රසිරි සහ රංජිත් රාජපක්ෂ)
දිවයින පුරා ඉන්ධනහල් රැසක මේ වනවිටත් දිගු පෝලිම් දැකිය හැකිය.
කොළඹ, මහනුවර, මාතර, පොළොන්නරුව ආදී පෙදෙස් රැසක ත්‍රී රෝද රථ, යතුරුපැදි, මෝටර් රථ ආදී වාහන රැසක් ඉන්ධනහල් අසල පෝලිම්වල රැඳී සිටින අතර ඇතැම් ඉන්ධනහල් තුළ ඉන්ධන තිබුණද දිග පෝලිම් හේතුවෙන් බොහෝ දෙනකුට ඉන්ධන ලබා ගැනිමට නොහැකි වු බව කියති.
කෙසේ වෙතත් පෝලිම්වලදී නිසි ක්‍රමවේදයකට අනුව පෙට්‍රල් ලබා දෙන විට ආරවුල් ද ඇති වන අයුරු දැක ගත හැකි විය.
මාතර නගරයේ ඉන්ධන පිරවුම්හල් දෙකක පමණ පෙට්‍රල් නිකුත් කළ අතර අනෙකුත් පිරවුම්හල් වසා දමා තිබිණි.
කෙසේ වෙතත් වතුකරයේ ප‍්‍රධාන නගරවල පිහිටි ඉන්ධන පිරවුම්හල්වල තවත් සතියකට පමණ පෙට‍්‍රල් ඉන්ධන සංචිතයක් පවතින බව ඉන්ධන පිරවුමිහල් හිමියෝ පවසති.





(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)



(ඡායාරූප - ක්‍රිෂාන් ජිවක ජයරුක්)


(ඩබ්. ඒ. පියතිලක)


(සමන් විජය බංඩාර)
2025 දෙසැම්බර් මස 04
188
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
373
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
383
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඉන්ධනහල් අසල අදත් දිගු පෝලිම්
hasitha Monday, 06 November 2017 06:16 AM
දැන්ම ටික ටික පුරුදු වෙන එක හොඳයි. තව ටික දවසකින් හාල්, පොල් , එළවලු ගන්න කොහොමත් පෝලිමේ ඉන්න වෙනවා සත්තයි. අපිට ගොඩක් සතුටුයි ලක්ෂ 62 ක ගේ බලාපොරොත්තු ඉටු වීම ගැන.
saman Monday, 06 November 2017 08:40 AM
අඩුවට වාහන ගන්න හිතාගෙන ඡන්දෙ දීලා... අන්තිමට තියෙන වාහනේටත් පෙට්ට්‍රල් ටික නැති වුණා. කොහොමද එ්ක වුණේ?
ත්‍රීවීලර්කාරයා Monday, 06 November 2017 08:42 AM
ඡන්දෙට ඉස්සර තෙල්ගාන කීයක් හරි අඩුකරනවා. තියෙන ටික වැඩිගාණට ඉක්මණින් විකිණීමට ගහපු ප්ලෑන් එකක්. අයි.ඕ.සී. නැවේ ප්‍රශ්නේ සිපෙට්කෝ එකට බලපාන්නේ කෙසේද? තෙල්ගාන අඩුකළාට බස්ගාන තිබුණු විදියමයි. ඒ ගොල්ලෝ සද්ද නෑ. හැබැයි ඡන්දෙ ඉවරවුනු ගමන් අඩු කළා තෙල්ගාන නැවත වැඩිකරනවා. ඔන්න එතකොට බස්කාරයෝ ගාන වැඩිකරනවා. අන්තිමට බස්ගාන වැඩි වෙනඑක විතරයි අපිට වෙන්නේ....
de silva Monday, 06 November 2017 09:16 AM
ත්‍රිවිල්කාරයා මහතාගේ අදහස මමත් අනුමත කරමි. තෙල් මිල අඩු කරන්න අවශ්‍ය නැහැ. ඔය තියෙන මිලටම ලබන අවුරුදු 2 තෙල් දෙනවා කියලා අපිට ලිඛිත පොරොන්දුවක් දෙනවා නම්... අපේ චන්දෙ ඔබතුමාලට දීම ගැන සලකලා බලන්න පුළුවන් ...
Lakvidu Monday, 06 November 2017 09:53 AM
සියයට 20 ක් තියෙන අයි.ඕ.සී. එක තෙල් නැවක් ප්‍රතික්ෂේප වුණාම මෙහෙම වෙනවා නම්, ඇති වැඩේ මොකක්ද? ඒකත් අයි.ඕ.සී. එකටම දීලා දැම්මානම් ඉවරයි.
hasitha Tuesday, 07 November 2017 02:38 AM
රටට මෙහෙම වෙන එක පුදුමයක්යැ.....මේ වගේ බඩගෝස්තරය ගැන විතරක් හිතන අය බහුතරයක් ඉන්න කොට..
opinion Tuesday, 07 November 2017 06:42 AM
පොඩි දුරක් යන්න පවා වාහන, මෝටර් සයිකල්, ත්‍රීවීල් හොයන අපි ඔක්කොටම මේක හොද පාඩමක්. ආණ්ඩුවෙන් කරන්නේ වාහන නැති කලාප නගරයෙන් නගරයට ඇති කිරීමයි. ලංකාව වගේ උෂ්න කලාපිත රටක ඒක කරන්න අමාරු උනත්, ඒත් උදෑසන සහ සවස වේලාවල් ඇතුළත වාහන තහනම් කරල පුලුවන් තරම් බයිසිකල් සහ ඉන්දන නොමැති වාහන භාවිතයට මිනිස්සුන්ට පොලබවන්න ඕනේ. දෑන් කිලෝමීටර් බාගයක් යන්නත් මිනිස්සු හොයන්නෙ ත්‍රීවීල්. ඒකයි දෑන් ලෙඩ්ඩු වැඩි...
ravi Tuesday, 07 November 2017 09:51 AM
ඔබට සතුටුයිද දැන්........?