IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


ඉන්දු - ලංකා යුද අභ්‍යාසය බලන්න ඉන්දීය හමුදාපතිත්

(ක.ග.කරුණාරත්න)

ඉන්දු ශ‍්‍රී ලංකා ‘‘මිත‍්‍ර ශක්ති’’ඒකාබද්ධ යුද අභ්‍යාසයේ අවසන් දින පුහුණු අභ්‍යාසය අද පොලොන්නරුව, මාදුරුඔය පිහිටි යුද හමුදා පුහුණු පාසලේ වෙඩි පිටියේදී පැවැත්විණි.

මෙම පුහුණු අභ්‍යාසය නිරීක්‍ෂණය කිරීමේ අවස්ථාවට ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස  ඉන්දීය යුද්ධ හමුදා ප‍්‍රධානී ජෙනරල් මනෝජ් මුකුන්ද් නාරාවන මහතා සහභාගීවූ අතර ඉන්දීය යුද හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක්ද එයට එක්ව සිටියහ.

එහිදී යුද හමුදාපතිවරයා අතින් ප‍්‍රධාන ආරාධිත අමුත්තා වෙත සමරු තිළිණයක්ද පිලිගන්වනු ලැබීය.

ඉන්දියාවේ සහ ශ‍්‍රී ලංකාවේ යුද හමුදා භට පිරිස් 240 කගේ සහභාගීත්වයෙන් මෙම මිත‍්‍ර ශක්ති යුද අභ්‍යාසය පවත්වනු ලබයි. ඉන්දීය යුද හමුදා භට පිරිස් සඳහා මෙම අභ්‍යාසයේ නායකත්වය දෙනු ලබන්නේ කර්නල් ප‍්‍රකාශ් කුමාර් විසිනි.

ශ‍්‍රී ලංකා පාබල පුහුණු රෙජිමේන්තුවේ මේජර් මහේෂ් පතිරාජ ශ‍්‍රී ලංකා යුද්ධ හමුදා භට පිරිස් සඳහා නායකත්වය සපයනු ලබයි.



අදහස් (3)

ඉන්දු - ලංකා යුද අභ්‍යාසය බලන්න ඉන්දීය හමුදාපතිත්

Ranil Saturday, 16 October 2021 02:03 AM

මෙය ඇත්තෙන්ම නියමයි. අතීතයේදී ඉන්දියාව අතින් කෙතරම් වැරදි සිදු වූවත් අවසානයේ ඔවුන් අපේ බලවත් අසල්වැසියා සහ වැඩිමහල් සහෝදරයා ය. සෑම පවුලකටම යම් යම් ගැටලු ඇති නමුත් වැදගත් දෙය නම් වැඩ කටයුතු කරගෙන ඉදිරියට යාමයි. අනෙක් අතට චීනය අවස්ථාවාදී හවුල්කරුවෙකු වන අතර එමඟින් අල්ලස් ගැනීමට උත්සාහ කරන අතර ණය උගුල් වලින් සහ රාජ්‍ය තාන්ත්‍රික එන්නත් මඟින් තමන්ට අවශ්‍ය දේ කිරීමට අපට බල කරයි.

:       0       1

පිටිගල මිලානෝ Saturday, 16 October 2021 11:37 AM

ඉන්දියානු හමුදාපතිවරයාගේ මානව කලමනාකරණය කරගත් බාහිර ශරීර පෙනුමත් ඔහු අවට සිටින ලංකාවේ හමුදා නිලධාරින්ගේ බඩගෙඩි ටික දැක්කාම රටවල් දෙක ගැන ගොඩක් දේවල් තේරෙනවා...

:       1       7

Hirujs Saturday, 16 October 2021 12:05 PM

ඒක හරි

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 647 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17687 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 732 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site