IMG-LOGO

2025 ඔක්තෝබර් මස 17 වන සිකුරාදා


අමරා පියසීලි - සුනේත්‍රා රණසිංහ උපහාර ලබති

 

(ඩික්සන් වසන්ත)
 
ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව සිරිකොත එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේ පැවති කාන්තා දින සැමරුම් උත්සවයේ දී එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨතම කාන්තාවන් වන අමරා පියසීලි රත්නායක සහ සුනේත්‍රා රණසිංහ යන මහත්මීන් ඇගයීමට ලක් කෙරිණි.

එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් සුනේත්‍රා රණසිංහ මහත්මිය වෙත සමරු සිහිවටනයක් පිරිනමන ලද අවස්ථාව ඡායාරූපයේ දැක්වේ.
 
එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා රැස්ව සිටි පිරිස ඇමතු අතර එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ගැබිනි කාන්තාවන්ට  පෝෂණ මල්ලක් බැගින්  ප්‍රදානය කළේය.
 
එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේ පැවති කාන්තා දින සැමරුම් උත්සවට පෙර කාන්තාවෝ රජයට එරෙහිව විරෝධතාවයක නිරතවූහ.



අදහස් (11)

අමරා පියසීලි - සුනේත්‍රා රණසිංහ උපහාර ලබති

Raveendra Monday, 08 March 2021 12:39 PM

ඔන්න අපි කාන්තා දිනය වෙනමම සමරනවා ඈ... නොදකින් එ්කත් දේශපාලනය කරගෙන තමන්ගේ ඡන්ද ගොඩ වැඩිකර ගන්න තටමන තැටමිල්ල. මෝඩ වැඩ... !!! 

:       3       11

nihal Monday, 08 March 2021 07:46 PM

නොහැකියාවෙන් පෙළෙන අයගෙන් සත්කාර ලැබුවාට ඵලක් නැහැ. ඔය උදවිය කළේ රට අගාධයට අරගෙන යාමයි.

:       4       11

NM Monday, 08 March 2021 08:21 PM

එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ වසර 50කට අධික දේශපාලන කාලයේ සහ වසර 43ක පාර්ලිමේන්තුව නියෝජනය කළ කාලයේදී රටේ ජනතාවට නොතේරුණු එතුමාගේ වටිනාකම සහ දක්ෂ රාජ්‍ය කළමනාකරණය එතුමා පාර්ලිමේන්තුවේ නොමැති මාස 18ක කාලය තුළදී රටේ ජනතාවට තේරුම් ගොස් තිබේ. එක්සත් ජාතික පක්ෂය සහ එතුමා පරාජය ලැබූවද වර්තමාන දේශපාලන ක්‍රමවේදය තුළ එය ජයග්‍රහණයක් මිස පරාජයක් නොවේ. මේ වනවිට රටක් වශයෙන් අප මුහුණදී තිබෙනුයේ සියලු ජාතීන් සමග එක්ව ලංකාවේ සමස්ත දේශපාලන ක්‍රමවේදයේ අලුත් ගමනක් සඳහා පසුබිම ඇතිකරනවද එසේ නැතහොත් සාම්ප්‍රදායානුකූල දේශපාලන ක්‍රමය ඉදිරියට ගෙන යනවද කියන්නා වූ සංධිස්ථානයට වේ. වෙනසක් සඳහා පසුබිම සකස් වෙමින් තිබේ. ජනතාවගේ ඉල්ලීමක් මේ වනවිට මතුවෙමින් තිබේ. එයට නායකත්වය ලබාදිය යුතුවන්නේ එක්සත් ජාතික පක්ෂය වේ.

:       20       6

RaveendraTuesday, 09 March 2021 09:00 AM

ඔබගේ අදහස්වලට ගරු කරන්නෙමු. පළමුව අප කිසිවෙකුට තුමා ලෙස ආමන්ත්‍රණය නොකරන්නෙමු. මක්නිසාදයත් එමගෞරවාන්විත වචනයෙන් ආමන්ත්‍රණය කිරීමට දියවන්නාව "කිසිවෙකු සුදුස්සන් නොවන" බැවිනි.

:       2       11

banda Monday, 08 March 2021 09:49 PM

තමන්ට හිමි පාර්ලිමේන්තු ආසනේට කෙනෙක් පත්කරගන්න බැරි පක්ෂය ගැන තවත් මොන කතාද? ඔහොම්ම මැදමුදනට යන්න...

:       5       14

සනත් අපෝන්සෝ Tuesday, 09 March 2021 12:39 AM

තවත් අස‍රණයින්ට පිහිට...

:       1       8

Bandara Tuesday, 09 March 2021 05:44 AM

රැල්ල හැදෙනවා වගේ ඒ පැත්තට...

:       7       10

RaveendraTuesday, 09 March 2021 07:13 AM

ඔබ සඳහන් කලේ දුරකථන රැළිද නොඑසේනම් රතු චීත්ත රැලිද? පොහොට්ටු රැලිද?

:       10       3

bandaTuesday, 09 March 2021 08:38 AM

මම හිතන්නේ බෙල්ලේ රැල්ල වෙන්න ඇති...

:       4       6

qatar sita Tuesday, 09 March 2021 07:24 AM

ඔක්කොම දේශපාලනීකරණය වෙලා. කවදා මේ රට හැදෙයිද මන්දා..?

:       3       9

JASON Tuesday, 09 March 2021 12:02 PM

ඔය ඔක්කොම පෝෂණ මල්ල ගන්න ආපු කට්ටිය..

:       2       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 897 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 994 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 394 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site