IMG-LOGO

අම්පාරේ වැව් ජල මට්ටම පහළට

(වසන්ත චන්ද්‍රපාල)

අම්පාර දිස්ති‍්‍රක්කයට වැසි නොලැබීම හේතුවෙන් දිස්ත‍්‍රික්කයේ වැව්වල ජල මට්ටම පහළ බැසීමට පටන් ගෙන ඇත.

දමන ප‍්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ මහානාගපුර පිහිටා ඇති අම්බලන්ඔය වැවේ ජල මට්ටමද අඩි 06 දක්වා පහළ බැස තිබේ.දැනට එහි ඇති ජල ධාරිතාවය අක්කර අඩි 7796 කි.

මෙම ජලාශයේ මුළු ධාරිතාවය අක්කර අඩි 35 950 ක් වන අතර මේ වන විට අක්කර අඩි 28154ක් අඩුවී ඇති බව අම්පාර වාරිමාර්ග අධ්‍යක්ෂ නිහාල් සිරිවර්ධන මහතා පැවසිය.

මෙම වැව යටතේ කුඹුරු අක්කර 3700 ක් වගා කරන අතර මෙම කන්නයේ කුඹුරු වගා කිරිමට ජලය නිකුත් කිරිමේදී ගැටළු සහගත තත්ත්වයක් පවතින බව සිරිවර්ධන මහතා කීය.

කෙසේ වෙතත් පානීය ජලය සදහා ජලය නිකුත් කරන අතර එම ජලය අර පිරිමැස්මෙන් භාවිතයට ගන්නා ලෙසද ඒ මහතා ඉල්ලයි.

ජලය අඩුවීම නිසා ධීවර ජනතාවද අපහසුතාවට පත්ව සිටිති.වැවේ ජල ධාරිතාවය අඩුවීමත් සමග  මසුන් ඇල්ලිමට දැල් එළීම සිමාවී ඇති බවත් එහි ඇති ගස්වල දැල් පැටලිම නිසා දැල් ඉරෙන බවත් අම්පාර ධිවර සහකාර අධ්‍යක්ෂක රෝහිත ප‍්‍රනාන්දු මහතා පැවසීය.


 



අදහස් (0)

අම්පාරේ වැව් ජල මට්ටම පහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 374 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 533 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 223 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site