
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
දක්ෂිණ අධිවේගයේ කොට්ටාව පිවිසුම හදිසියේ වසා දැමීම නිසා අද පෙරවරුවේ කහතුඩුව පිටවීම අසල දැඩි වාහන තද බදයක් පැවැතිණි.
කහතුඩුව ආසන්නයේ කොට්ටාව දෙසට මාර්ගය වසා සියලු වාහන කහතුඩුවෙන් පිට කිරීමට කටයුතු කිරීම නිසා රියැදුරන් දැඩි අපහසුතාවයට පත් විය.
පසුව වාහන රියැදුරන්ගේ දැඩි විරෝධය හමුවේ නැවත මාර්ග බාධක ඉවත්කර නැවත පෙර පරිදි කොට්ටාවෙන් පිටවීමට අවශ්‍ය කටයුතු සලසා ඇත.



COMMENTS
මුන්ට පිස්සු කියල තේරුම් ගන්න මේකත් හොද සිද්දියක් !
කාටද පිස්සු?
හැමදාම මේ වගේ පැලියගොඩ හුවමාරුමාරුවේ සිට කොළඹ පැත්තටග නමුත් කවුරුත් ඒ ගැන කතා කරන්නෙ නැ
මහ ලොකුවට අධිවේග හැදුවා හැදුවා කියනවා අද වෙනකන් බැරි උනා ඒක හරියට පාලනය කර ගන්න.
මේ කොරෝනා වෙලාවෙ අධිවේගය බ්ලොක් නොකර මොන දිශාවට ගියත් මුදල් අයකිරීමකින් තොරව යන්න ඉඩ දීම තමයි බලධාරීන්ගේ යුතුකම් විය යුත්තේ.
අවුරුදු ඉවර වෙලත් ඔය වගේමයි... හිටපු ගමන් වහනවා. එක්කෝ ඔක වහලාම තියන්න. නැතිනම් මෙක පුද්ගලික අංශයට දෙන්න. අධිවෙගේ එන්නේ කහනවට නොවෙ. හදිසි අවශ්‍යතාවයන් නිසා මෙවා ගැන හොයන්න කවුරුත් නැද්ද? අනික පාරක් වහන්න කවුද බලය දුන්නේ හිටිහැටියේ...?