
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
දක්ෂිණ අධිවේගයේ කොට්ටාව පිවිසුම හදිසියේ වසා දැමීම නිසා අද පෙරවරුවේ කහතුඩුව පිටවීම අසල දැඩි වාහන තද බදයක් පැවැතිණි.
කහතුඩුව ආසන්නයේ කොට්ටාව දෙසට මාර්ගය වසා සියලු වාහන කහතුඩුවෙන් පිට කිරීමට කටයුතු කිරීම නිසා රියැදුරන් දැඩි අපහසුතාවයට පත් විය.
පසුව වාහන රියැදුරන්ගේ දැඩි විරෝධය හමුවේ නැවත මාර්ග බාධක ඉවත්කර නැවත පෙර පරිදි කොට්ටාවෙන් පිටවීමට අවශ්‍ය කටයුතු සලසා ඇත.




COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.