
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
කුරුණෑගල සිට කල්පිටිය දක්වා ගමන් කරන කාර්යාල බස් රථයට කල්අඩිය පාලවිය මාර්ගයේදි එල්ල වු බෝතල් ප්‍රහාරයකින් රියදුරුගේ මුහුණට හා ඇසකට තුවාල සිදුව ඇතැයි පොලිසිය කියයි.
රියදුරා දැඩි පරිශ්‍රයක් දරා බස් රථය නවතා ගැනිම නිසා එහි ගමන් කල 50 කට ආසන්න ගුරුවරුන් ඇතුළු පිරිසකගේ ජීවිත අනතුරකින් තොරව බේරා ගැනිමට හැකිව ඇති බව පුත්තලම මුලස්ථාන පොලිසිය කියයි.
කල්අඩිය මාර්ගයේදී මාර්ගය අසල සිටි තරුණයන් දෙදෙනෙකු වැලි පිරවු බෝතලයකින් මෙලෙස බස් රථයේ ඉදිරිපස විදුරුවට ප්‍රහාරයක් එල්ල කර ඇති බවත් එහිදි විදුරුව සිදුරු කරගෙන ගොස් බෝතල් ප්‍රහාරය රියදුරාගේ මුහුණේ වැදි ඇති බව පොලිසිය සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සර ජෙප්පොත් ඔය වගේ ත්‍රස්තවාදී වැඩ කළා. දැනුත් උන් කිරි පොවන ත්‍රස්තවාදී පැටවූ ටිකක් මේවා කරන්න ඇත්තේ. උන්ට නීතිය ගැන වගවීම ගැන හැන්ගීමක් වත් නැහැ. කොටින්ම කිව්වොත් පාර්ලිමේන්තු කමිටුවකින් කරුණු දක්වන්න එන්න කියල රාජ්‍ය නිළධාරියෙක්ට එන්න කිව්වම ඒ නිළධාරියා අර නියෝගය තුට්ටුවකට ගණන් ගත්තේ නැහැ. ඔන්න රටේ තත්වය. උත්තරීතර පාර්ලිමේන්තුවත් නොසළකා හරින තත්වයට සාමාන්‍ය රජයේ නිලධාරියෝත් ඇවිත්.
රියදුරා සමඟ තිබෙන පුද්ගලික කෝන්තරයක් පිරිමහ ගන්න කළ වැඩක් වගේ මටනම් පේන්නේ. මෙවැනි දේවල් සිදු නොවිය යුතුයි.
1988-89 මතක්වුණා... එහෙම කිව්වටම නිවැරැදිම නැතිවෙන්න පුළුවන් බලන්නකෝ ඔය ප්‍රදේශයේ කවුරුන් හෝ මගී ප්‍රවාහනය සදහා බසයකට අවසර ඉල්ලීමක් තියෙනවාද කියලා...
මේ ප්‍රශ්නේ දේශපාලන කෝන වලින් බලන්න එපා , හැම දෙයකටම 88/89 බස් ගිනි තියපු කතා අදාල ගන්න එපා , මේ දෙදෙනා අසු වුනොත් අනිත් මිනිස්සුන්ට පාඩමක් ඉගෙන ගන්න එක්ක මිනීමැරීමට තැත් කිරීම යටතේ නඩු පවරන්න ඕනේ , මගින් 50 කගේ පමණ ජිවිත මේ රියදුරා අතේ , කොහොමටත් සාධාරණ හේතුවක් නැතිව විනොදෙට හෝ මංකොල්ල කෑමේ අරමුණෙන් ,මාර්ගයේ ධාවනය වන වාහන වලට ගල් මුල් වලින් පහර දීම , දුම්රියට ගල් ගැසීම මගීන්ට පොලු වලින් පහරදීම වැනි දේවල් වලටද මිනි මැරීමට තැත් කිරීම යටතේ නඩු පැවරිය හැකි වෙන ලෙස නීති බලාත්මක කරන්න ඕනේ දැන් පාර්ලිමේන්තුවේ 2/3 බලේ තිබෙන නිසා ආණ්ඩුවට මේක ඉතා පහසුවෙන් කරන්න පුළුවන් ,