
(ක්රිෂාන් ජීවක ජයරුක්)
මාතර සමුපකාර රෝහල් පරිශ්රයේ පැවැත්වු විරෝධතාවයක් අතරතුරදී අයුතු ජන රාශියක සාමාජිකයන් වී පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගනු ලැබු එම රෝහලට පත් කළ සභාපති ඒ.ඒ.ඩී.අමින්ද නැමැත්තා ඇතුළු පස් දෙනකු ලබන 04 වැනිදා තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස මාතර ප්රධාන මහේස්ත්රාත් චතුර දිසානායක මහතා අද නියෝග කළේය.
එසේ රිමාන්ඩ් භාරයට පත් කල පිරිස අතර විරෝධතාවයට සහභාගී වු මාකෝප් පෞද්ගලික සමාගමේ සේවකයන් තිදෙනකු හා සේවිකාවක ද විය.
ඔවුන්ගෙන් තිදෙනකු හදුනා ගැනීමේ පෙරෙට්ටුවක් සදහා ඉදිරිපත් කරන බව පොලීසිය අධිකරණය වෙත කරුණු වාර්තා කර තිබුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනාධිපතිවරණ ඡන්දයට කලින් ඔය සමූපාකාර උන්නැහේල සැහෙන් උනන්දුවෙන් ආණ්ඩුවට උදවු කළා. මට හොඳට මතකයි ඡන්ද රැළි පැවැත්වීමේ කාලය අවසන් වුනාට පස්සෙත් මේ සමූපකාර උන්නැහේලා මහා විශාල රථ පෙළපාළියක් තිව්වා. සමූපකාරයේ වාහන පවා යොදාගෙන තිබුන. ඔන්න නීතිය ගැන හිතන හැටි, දැනුත් ආණ්ඩු බලය ඇඟට අරගෙන තග් පාට් දාන්න ගිහින්.
විරෝධතාවයක් වෙද්දී ගුටි බැට හුවමාරුවක් සිදු නොවුනොත් සමහර අයට ඒකේ කිසිම ගතියක් නැහැ. එහෙම කට්ටියක් වෙන්න ඕන මේගොල්ලොත් .
මං ගැනත් පත්තරේට ලියනවකො.. මීට චමින්ද...
මම තාම හිරේ මගේ ගැන දාන්න එපා ජයරුක්. මම ඔහෙට සල්ලි දෙන්නේ නෑ.. ළමයාට මම සමූපකාරේ රස්සාවකුත් දුන්නා.