සුජිත් හේවාජුලිගේ
මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ රාජ්‍ය ව්‍යාපාර පෞද්ගලික හවුල්කාරිත්ව වැඩපිළිවෙළ යටතේ පෞද්ගලික සමාගම්වලට පැවරීමේ යෝජනාවලියක් සකස් කර ඇතැයි වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අරුණ කරුණාතිලක ඉරිදා ලංකාදීපයට පැවසීය.
මෙම යෝජනාවලිය කැබිනට් මණ්ඩලයට ළඟදීම ඉදිරිපත් කර අනුමැතිය ගැනීමට කටයුතු කරගෙන යන බව පැවසූ අමාත්‍යවරයා අනතුරුව ගුවන්තොටුපොළ වෙනුවෙන් අභිලාෂ කැඳවීමට කටයුතු කරන බවද ප්‍රකාශ කළේය. මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ සමග ව්‍යාපාර පවත්වාගෙන යෑමට පෞද්ගලික සමාගම් තුනක් දැනටමත් කැමැත්ත පළ කර ඇති බවද ඔහු කීවේය.
මේ වැඩපිළිවෙළ යටතේ ගුවන් යානා අලුත්වැඩියාව, පුහුණු කටයුතු සහ තෙල් සැපයීම වැනි ක්ෂේත්‍ර කිහිපයක් වෙනුවෙන් ආයෝජන අවස්ථා විවර කිරීමට අපේක්ෂා කරන බව අමාත්‍යාංශය පවසයි.
මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ ආරම්භයේ සිට (2013) මේ දක්වා රුපියල් කෝටි 6600ක පාඩුවක් ලබා ඇතැයි අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි. එහි වසරක පාඩුව රුපියල් කෝටි දෙසීයකි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.